Artගුරුවරුන්ගෙ ළමයි තමා නරකම

ගුරුවරුන්ගෙ ළමයි තමා නරකම

-

spot_img

ගුරුවරුන්ගෙ ළමයි තමා නරකම – Bad Girl

පුංචි කාලෙ ඉඳලම ගෙදර අය, ගුරුවරු අපිට හොඳ ළමයෙක් වෙන විදිහ කියලා දෙනව. ගුරුවරු කියන දේ අහන, දෙමව්පියන්ට කීකරු අය හොඳ ළමයි. ඒ දේවල් අහන්නෙ නැතිව තමන්ට ඕනෙ ඕනෙ දේවල් කරන්නෙ නරක ළමයි. මොකක්ද මේ හොඳ නරක අතර වෙනස? ළමයෙක්ට ළමා කාලය විඳින්න තියෙන ඉඩ සීමා කිරීම හොඳ දෙයක් ද? ගුරුවරු එක එක නීති දාලා ළමයින්ව හොඳ කරන්න හැදුවත් “ගුරුවරුන්ගෙ ළමයි තමයි නරකම” කියලා කතාවක් තියෙනව. රම්‍යා කියන්නෙත් ගුරුවරියෙක්ගෙ දුවෙක්. ඇය සම්ප්‍රදායික බ්‍රාහ්මණ පවුලක එකම දුව. 

Bad Girl

ජීවිතේ ඒ ඒ කාලවලදි අපි විඳින්න ඕනේ අත්දැකීම් තියෙනව. ඒ දේවල් ඒ වයසට ස්වභාවිකයි. ළමා කාලෙදි ඉස්කෝලෙ යනවට වඩා සෙල්ලමට ආස හිතෙන, යොවුන් කාලෙදි ලස්සනට ඉන්න හිතෙන, ආදරේ කරන්න හිතෙනව වගේ. ඉතිං මේ ආසාවල් හැඟීම් හිර කරන්න නීති රීති හෝ, පවුල් පසුබිම, සමාජය වගේ දේවල්වලට ටිකක් අසීරුයි. (මිනිස්සු රහසිගතව හරි තමන්ගෙ ආසාවල් ඉටු කරගන්න නිසා) යොවුන් වයසට ඇවිත් හිටිය රම්‍යාටත් ඕනෙ වුණේ යාළුවො එක්ක විනෝදෙන් ඉන්න. ලස්සන වෙන්න. ලස්සන සමක් ලබා ගන්න. පෙම්වතියක් වෙන්න. ඇය ප්‍රේම සබඳතාවයක් ඇති කරගන්නෙත්, ඒක ගෙදරට අහුවෙන්නෙත් ඊට පස්සෙ. ඇයට දැනෙන්නෙ ලැජ්ජාවක්. නමුත් හරි ඉක්මනට ඇය තේරුම් ගන්නව මෙහෙම ලැජ්ජ වෙලා කාලය ගත කරලා කිසිම තේරුමක් නැති බව සහ මේ දේවල් සාමාන්‍ය බව.

Bad Girl

පාසලෙන් සමු අරගෙන උසස් අධ්‍යාපනය ලබන්න යෑමත් එක්ක ඇයට පෙරට වඩා නිදහසක් සතුටක් දැනෙන්න ගන්නව. ගෙදරින් නිදහස් නිසා ඇයට දැන් තරමක් දුරට ස්වාධීනව තීරණ ගන්න, ඒ කියන්නෙ කැමති ගොඩක් දේවල් කරන්න පුළුවන්. පෙම්වතුන් මුණ ගැහෙන එක, පාටිවලට යන එක වගේ බ්‍රාහ්මණ පවුලක අකැප දේවල් ඇයට සතුටක් ගෙන දුන්නා. පවුල ඇතුලෙ හිරවෙලා මෙච්චර කාලෙකට විඳින්න ලැබුණෙ නැති සුන්දර හැඟීම් ගොඩක්. අවුරුදු විසි ගණන්වල මුල් කාලෙ අපිට වැඩිපුර fake මිනිස්සු මුණගැහෙන කාලෙ කියලා කියනවනෙ. සබඳතා පවත්වලා, ආදරේ කරලා, මිනිස්සු එක්ක ගණුදෙනු කරලා , අත්දැකීම් ලබලා ඒ අත්දැකීම් එක්කයි අපි ටිකෙන් ටික ජීවිතේ ගැන ආදරේ ගැන තේරුම් ගන්නෙ. හොඳ තේරීම් අපේ ජීවිතේ යහපත් කරනවා. වැරදි තේරීම් අපිට පාඩම් කියලා දෙනවා. ඊලඟට නිවසෙන් සමාජයෙන් එල්ල වන පීඩනය, ප්‍රශ්න. “දැන් මොකද කරන්නේ, ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද? විවාහවෙන්නෙ නැද්ද? ” මේ වගේ දාහක් ප්‍රශ්න. ගොඩක් අය, විශේෂයෙන් ගැහැණු ළමයි හොඳ ගැහැණු ළමයෙක් විදිහට රටේ ලෝකේ අයගෙ ප්‍රශ්නවලට උත්තරයක් විදිහට රැකියාව, ආදරය, විවාහය වගේ තමන්ගෙ ජීවිතේ සතුට තීරණය කරන දේවල් ලෝකෙට අවශ්‍ය විදිහට සිද්ධ කරනව. මොකද වටපිටේ මිනිස්සුන්ට ඕනෙ විදිහට ඒ දේවල් සිද්ධ නොවුනොත් එයා bad girl කෙනෙක් වෙන නිසා.

Bad Girl

ජීවිතේ ගැන හොඳ අවබෝධයක් එන්නෙ පොත පතට, අපිව හිරවෙලා ඉන්න රාමුවලට සීමා නොවී අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නකොට. තනිවම ජීවිතේට හුරුවෙන තරමට අපි වඩාත් ශක්තිමත් වෙන්න ගන්නවා. අපේ ජීවිතේට එන හැම කෙනෙක්ම අපිට මතක වගේම මොනම හෝ පාඩමකුත් කියා දෙනවා. ඒ පාඩම් ආයෙමත් සබඳතා ඇතිකරගන්න, ආදරේ කරන්න කලින් නැවත වරක් හිතන්න අපිව පොලඹවනවා. ජීවිතේ කියන්නෙ කාටවත් ඕනේ විදිහට ගෙවලා දාන්න ඕන දෙයක් නෙමේ, ජීවිතය කියන්නෙ තෝරාගැනීමක්. අපිට අවශ්‍ය, අපි කැමති දේ තෝරාගැනීමක්. ඒ දේවල් අපි ඉස්සරහ ඉබේ පහළ වෙන්නෙ නැහැ. දවසක අපිට තේරෙනව ජීවිතේ කියන්නෙ සතුටට නිදහසට කියලා. අපි අපිවම තෝරා ගැනීමට සහ අපිව අපි විදිහටම accept කරන එකට කියලා. ඒ තේරුම් ගැනීම ආව දවසට ලෝකෙම bad කිව්වත් ගාණක් නැති වෙනවා. ඉක්මන් තීරණ අරන්, අනිත් අයගෙ අවශ්‍යතාවලට තීරණ අරන් නිදහසේ පසුතැවීම නෙමෙයි ජීවිතේ. හැම දවසකම ජීවත්වෙන බව තමන්ටම දැනෙමින් ජීවත්වෙන එක. ඒක ලොකු සැනසීමක්.

මිනිත්තු 112ක් පුරා දිවෙන bad girl බොලිවුඩ් චිත්‍රපටයෙන් කතාකරන්නෙ ගැහැණු ළමයෙක්ගෙ අපි මේ කතා කරපු මානසික මට්ටම සහ ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙන පොදු සමාජ කාරණා ගැන. මේ චිත්‍රපටයේ නරක ගැහැණු ළමයාගේ චරිතය නිරුපනය කරන්නෙ Anjali Sivaraman. ඒ වගේම සෙසු චරිත සඳහා Hridhu Haroon, Shanti Priya යන අය එක්ව සිටිනවා. Varsha Bharath අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය Grass Root Film Company නිෂ්පාදනයක්.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you