Newsහුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

-

spot_img

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති අතර, මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාපටිපාටිය අනුව පොහොසත් රටක් කෙසේ වෙතත් ජනතාව දිගින් දිගටම දුප්පත්කම තුළ රඳවා තබා ගැනීම සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600කට අධික මුදලක් ලබා දීමට තීරණය කර ඇති පසුබිමක, ආර්ථිකයේ පවතින තත්වය ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.

Harsha-de-Silva-
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ, ආර්ථික වර්ධනය මෙලෙස මන්දගාමී වීමට ප්‍රධාන හේතුව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති ලිහිල් නොකිරීම බවයි. ලංකාවට ආයෝජන ලබා ගැනීමට නම් හුණ්ඩු මානසිකත්වයෙන් බැහැර විය යුතු බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ “බ්ලූප්‍රින්ට්” වැඩපිළිවෙලෙහි අඩංගු උපාය මාර්ග අනුගමනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ ක්‍රියාත්මක කළ රාජ්‍ය ණය කළමනාකරණය සහ මූල්‍ය විනය හේතුවෙන් රටේ යම් ස්ථාවරත්වයක් ඇති වූ බව පිළිගත් මන්ත්‍රීවරයා, වත්මන් රජයට එම ස්ථාවරත්වය මත පමණක් ලකුණු ලබා ගත නොහැකි බව පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you