Newsමන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍රට එරෙහිව අධිකරණ සේවා කොමිසමට සහ CIDයට...

මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍රට එරෙහිව අධිකරණ සේවා කොමිසමට සහ CIDයට පැමිණිලි !

-

spot_img
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පසුගියදා තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (21) අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කරන ලදී.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ නව ජනතා පෙරමුණේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසිනි.

පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා,

“අපිට මතකයි ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණා. ඒ වගේම මතකයි එස්. බී. දිසානායක අමාත්‍යවරයාට නීතිය ක්‍රියාත්මක වුණා. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි අද අධිකරණ සේවා කොමිසමේ ලේකම්තුමාට ලිපියක් යොමුකළා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරලා, අධිකරණයට අපහාසයක් වෙලා තියෙනවා නම් නීතිමය කටයුතු කරන්න කියලා”

ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය වහාම අත් අඩංගුවට ගතයුතු බවත් ඇයගේ නීතීඥභාවය අහෝසි කළයුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ගොනුකර තිබිණි.

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

ලූ සහ ලින්

ලූ සහ ලින් - Sorry “ලූ, හොඳ ආරංචියක් !” දුරකථනයෙන් ඔහුව ඇමතූ වෛද්‍යවරයා උද්‍යෝගයෙන් පැවසුවේය. “ඔයාගෙ මල්ලිගෙ මතකෙ ආයෙම ලැබුණා. ඔහු බොහොම...

සකස්කඩ නොකිව් හුඹස් කටවල්

සකස්කඩ නොකිව් හුඹස් කටවල් පන්සල මූලික කරගත් අධ්‍යපන ක්‍රමයක් පැවති ඈත අතීතයේ දරුවන්ගේ අකුරුකරණය වෙනුවෙන් නම් දැරූ පොත් කිහිපයක් පැවතුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you