Newsබල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

-

spot_img

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම ඇතුළු පුළුල් අරමුණු සහිත නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

දිවයිනෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීම සහ ගහනය පාලනය කිරීම විධිමත් කිරීම, වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම දැඩි නියාමනයකට ලක් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම මෙම නව පනත් කෙටුම්පතෙන් බලාපොරොත්තු වේ.

Minister Professor A.H.M.H. Abayaratne
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න

ඒමෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වේ. (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත යන පනත් මෙහිදී ඉවත් කරනු ලැබේ. එමෙන්ම මෙය, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you