Newsඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

-

spot_img

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට – Rupee depreciation

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය ආනයනයක භාණ්ඩවල මිල ඉහළ යෑම, විදුලි හා ජල ගාස්තු ඉහළ යෑම සහ අපනයන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය සැලකිය යුතු වේගයකින් වැඩිවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මීට සාපේක්ෂව උද්ධමනයද සැළකිය යුතු අන්දමින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරති. එසේම ඉන්ධන, ගෑස්, බෙහෙත් වර්ග සහ ආහාර ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය දේ ආනයනය කරන බැවින් රුපියල් අවප්‍රමාණය වීමේදී මෙරට වෙළඳපොළ තුළ එම භාණ්ඩවල මිලද ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති. තවද ඉන්ධන මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන ගාස්තු, විදුලි, ජල බිල්පත් සහ පොදු සේවා මිල ගණන් ඉහළ යෑම කෙරෙහි බලපානු ඇති බවද විශේෂඥයෝ අදහස් පළ කරති.

ඇතැම් අපනයනකරුවන්ට ඩොලරය ඉහළ යෑමෙන් වාසි සැලසුනද නිෂ්පාදනයට අවශ්‍ය කෙරෙන ආනයනික අමුද්‍රව්‍යවල මිල අධික අධිකව ඉහළ යෑම නිසා ඔවුන්ගේ ලාභාංශ සහ නිෂ්පාදන තරගකාරීත්වය බරපතළ ආකාරයෙන් අභියෝගයකට ලක්විය හැකි බවද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. මහ බැංකු දත්ත පෙන්වා දෙන පරිදි මේ මොහොත වන විට ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 345 සීමාව දක්වා ඉහළ ගොස් ඇත.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you