NewsTrisomy 18 ගබ්සාවකට අවසර ඉල්ලා නඩු මඟට

Trisomy 18 ගබ්සාවකට අවසර ඉල්ලා නඩු මඟට

-

spot_img

Trisomy 18 – තම දරු ගැබ හේතුවෙන් ජිවිතයට දැඩි අවධානමක් ඇති බැවින්, එය ගබ්සා කිරීමට නීතිමය අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ගර්භණී කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයක නඩුවක් පවරා ඇතැයි වාර්තා වේ. අවධානම් ගැබ් ගැනීමක් සඳහා ගබ්සාවක් කිරීමට ඇමරිකාවේ Texas ප්‍රාන්තයේ පදිංචි 31 හැවිරිදි Kate Cox නම් කාන්තාව මෙම අවසරය ඉල්ලා ඇත්තේ තමන්ගේ දරු ගැබට Trisomy 18 නම් රෝගී තත්වය වැළඳී ඇති බව වෛද්‍යවරු නිර්දේශ කළ පසුවයි. පහළ අධිකරණයක් ගබ්සාව සඳහා අවසර ලබා දුන් නමුත් ටෙක්සාස් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ [11 වෙනි සඳුදා] එම තීන්දුව අවලංගු කර තිබේ.

ට්‍රයිසෝමි 18 රෝග තත්වය යනු වර්ණදේහ ආබාධයක් වන අතර එය බොහෝ අවස්ථාවලදී ගබ්සාවීම්, මළ දරු උපත් හෝ ජීවිතයේ පළමු වසර තුළ දරුවාගේ මරණයට හේතු විය හැකි තත්වයකි. නමුත් අධිකරණ තීන්දුවේ දී විනිසුරුවන් කියා සිටියේ රාජ්‍ය නීති සම්පාදකයින්ගේ “ප්‍රතිපත්ති තේරීමට” ගරු කළ යුතු බවයි. නීතිය යටතේ අවශ්‍ය පරිදි “ජීවිත තර්ජනාත්මක කායික තත්වයක්” හේතුවෙන් ඇයගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට ඇගේ වෛද්‍යවරයා නිසි ලෙස සහතික කර නොමැති බව ද ඔවුහු සඳහන් කළහ. ගබ්සා ප්‍රවේශය පාලනය කිරීමට තනි තනිප්‍රාන්තයන්ට බලය ලබා දෙමින් පසුගිය වසරේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය Roe v Wade අවලංගු කිරීමෙන් පසු උසාවි නියෝග මත ගබ්සාවක් ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ. මවගේ ජීවිතයට තර්ජනයක් වන දුර්ලභ අවස්ථාවන් හැර, පිළිසිඳ ගත් ස්ථානයේ සිට ගබ්සා කිරීම් ටෙක්සාස් ප්‍රාන්තයේ තහනම් වන අතර ඇය ගබ්සා ක්‍රියා පටිපාටිය සිදු කිරීම සඳහා ප්‍රාන්තයෙන් පිටව ගොස් ඇති බව ඇගේ නීතීඥයින් පවසා තිබේ. ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට එරෙහිව තීන්දුවක් ලබාදී ඇත්තේ ඇගේ නීතීඥයින් ඒ බව අධිකරණයට දැන්වීමෙන් පසුවයි.

pro-choice නම් ප්‍රජනන අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Nancy Northup පැවසුවේ, “ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත් ඇය හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට පිටතට පැමිණ ඇති අතර ඇයට තවදුරටත් බලා සිටීමට නොහැකි බවයි” ගබ්සාව වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ ටෙක්සාස් හි ගබ්සා නීතිය ඉතා අපැහැදිලි වන අතර එය කාන්තාවන්ගේ සෞඛ්‍යය අවධානමට ලක් කරන බවයි. ටෙක්සාස් හි ගබ්සා කිරීම් සිදු කරන වෛද්‍යවරුන්ට ජීවිතාන්තය දක්වා සිරගත කිරීම, ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍රය අහිමි වීම සහ ඩොලර් ලක්ෂ ගණනක දඩ මුදල්ගෙවීමේ අවධානමට ලක්විය හැකි නමුත් ගබ්සාවක් සඳහා ප්‍රාන්තයෙන් පිටතට යෑම තහනම් කරන ලද නීතියක් ටෙක්සාස්හි ක්‍රියාත්මක නැත.

-BBC News ඇසුරෙනි- by Holly Honderich.

Image Source: BBC News

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

රත් දෝතළු – 99 (අවසන් කොටස)

රත් දෝතළු - 99 (අවසන් කොටස) තවත් හඬන්නට කඳුළු නැත. යළිත් නම් නොහඬමියි මම මටම දිවුරාගතිමි. විනිෆ්‍රීඩා මහත්මියත් විහඟත් ආලින්දයට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you