NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - අවසන් කොටස

Tharu Mal Viyan තරු මල් වියන් – අවසන් කොටස

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

අංජලි තිගැස්මෙන් අවදි වූයේ මුහුණට වැටුණු සීතල වතුර බිඳු නිසාවෙනි. මෙරිටා ඇයට යහන මත හිඳ ගැනීමට සහාය වූවාය.

“මොකද වුණේ ළමයෝ…ඔයා බය වුණාද…?”

මෙරිටා මවිතයෙන් ඇසුවාය. අංජලීට එය පසක් වූයේ මේ මොහොතේය. දෙවියනේ…! ඒ ශාමින්ද නම්…?

“අනේ…මට හොසපිටල් එකට යන්න ඕන සර්…ඒ ඇක්සිඩන්ට් වුණ කෙනාව බලන්න ඕන…මට බයයි…”

ඈ හඬන්නට වූවාය.

“ඇයි ළමයෝ…ඒ…ඔයා…දන්න කෙනෙක්ද…?”

වික්‍රම ඇසුවේ මවිතයෙන් මෙන්ම කුතුහළයෙනුත්ය. අංජලී හිස සැළුවාය.

“හොඳයි…එහෙනම් අපි යමුකෝ…ඔයා ලැහැස්ති වෙන්න…”

ඔහු මෙරිටාටත් ඉඟි කරගෙනම කාමරයෙන් පිටව ආවේය. වැඩි වේලා නොගෙන ඔවුන් රෝහලට පැමිණියද මේ රෝගීන් බලන්නට දෙන වේලාවක් නොවන මුත් වික්‍රම නිසා ඔවුනට රෝහලට යාමට අවසර ගැනීමට වුවමනා නොවීය. අංජලී සිටියේ බියපත් සිතිනි. මේ සියල්ලට හේතුව තමාය. ඔහු එසේනම් තමා සොයා පැමිණ ඇත. තමා මේ කුමක් කළාද කියා සිතන විටත් ඇගේ සිතේ ඇති වූයේ කළකිරීම් මුසු කෝපයකි. සිත තුළ බලපැවැත්වුණ බිය ජනක හැඟීම පළවා හරින්නට ඇයට වුවමනා විය. ඔහුගේ ජීවිතයට අනතුරක් නොවේවා කියා ඈ සිතින් සිය දහස්වාරයක් යැද්දාය.

“අපිට අයි සී යූ එකට යන්න නම් බැහැ… ඔයාට පිටින් ඉඳන් තමා බලන්න වෙන්නේ…”

වික්‍රම කීවේ දැඩි සත්කාර ඒකකය වෙත දිවෙන කොරිඩෝව දිගේ ඇවිද යන අතරය. අංජලී එයට හිස සැළුවාය. තිසංග එහි වූ අසුනක හිඳ සිටියේ දුරකථන කතාබහකය. උදෑසන තමා සමඟ කතා බහ කළ දොස්තර මහතා යළිත් පැමිණෙනු දැක ඔහු හුනස්නෙන් නැඟී සිටියේ ඔහු දොරටුව අසළ නවතින විටය. ඔහු සමඟ සිටින හුරු පුරුදු රුව කවුද කියා එක්වරම හඳුනා ගන්නට ඔහු අසමත් වුවද පසුව සැණින් ඒ කවුද කියා ඔහුට සිහියට ආවේය. ශාමින්ද පෙන්වා තිබූ ඡායාරූපයේ සිටි යුවතිය මැයයි. ඈ මෙහි කුමක් කරනවාද කියා ඔහු මවිත විය. ඔවුන් සොයා ආවේ මැයව නොවේද…? දැන් ඇයම මෙහි පැමිණ ඇත. ඒ සිදු වූයේ කෙසේද…?

“අංජලී…”

දෙගිඩියාවෙන් යුතුව තිසංග ඇයව අමතන විට අංජලී වහා හැරී බැලුවාය. නාඳුනන රුවක්, ඇයට ඔහුව මතක නැත. ඈ බලා සිටියේ මවිතයෙනි.

“අංජලී…නේද ඔයා…? මං ශාම්ගේ යාළුවෙක්…අපි ඔයාව හැමතැනම හෙව්වා…”

“ආහ්…”

ඇගේ මුවින් පිට වූයේ කෙඳිරියකි. ඇයට ඉකිගැසිණි. මෙරිටා ඇගේ කරවටා දෑත යවා ඇයට අසළ වූ අසුනක හිඳ ගන්නට සැළසුවාය.

“අඬන්න එපා…”

“මේ හැමදේම මං නිසා…”

තිසංග කුමක් හෝ දෙයක් කීමට ගියද ඔහුට එය පැවසීමට අවස්ථාවක් නොවීය.

“අංජලී…”

එම හඬින් ඈ හිස ඔසවා බැලුවාය. අත වෙලා ගෙන හිසටත් පැලැස්තර අලවාගෙන ඈ ඉදිරියේ සිටගෙන සිටියේ ශාමින්දය. ඈ ඉද්ද ගැසුවාක් මෙන් අසුනින් නැඟී සිටියාය.

“ශාමින්ද…!”

ඇයට මෙය අදහාගන්නට නොහැකිය. ඔහු තමා ඉදිරියේ සිටගෙන සිටියි. තුවාල කීපයක් තිබුණා වුවද බරපතළ හානියක් ඔහුට නැත. එසේනම් මේ කුටියේ සිටින්නේ කවුරුන්ද.? ඈ ඔහුගේ අතකින් අල්ලා ගත්තේ දෑස් පිරා කඳුළු ගොඩ ගැසෙන විටය.

“දෙවියනේ…ඔයා හොඳින්ද… එ…එතකොට කවුද අයි සී යූ ඉන්නේ…?”

ඈ තුළ වූයේ මවිතයකි.

“මට මොකුත් කරදරයක් නැහැ අංජලී… පොඩි තුවාළ ටිකක්…අනික් කාර් එකේ හිටිය කෙනාට තමා අමාරු…”

සිදුව තිබූ දෙය ඔවුන් දැනගත්තේ පසුවය. අනතුරට පත් වූ මොහොතේ ඔවුන් දෙදෙනාම රෝහලට රැගෙන එන විටත් ශාමින්දට සිහියක් තිබී නොමැත. කෙසේ හෝ ජංගම දුරකථන දෙකම පොලිසිය භාරයට ගෙන තිබූ අතර ඔවුන් අතින් ඒවා මාරු වී නිවෙස් වලට පණිවිඩ යවා තිබූ බවක් දැනගෙන තිබුණේ පසුවය. වික්‍රමටද තොරතුරු ලැබී තිබුණේ අනෙක් තරුණයා කියා සිතා ශාමින්දගේ තොරතුරුය. කෙසේ වුවද ඉන් සිදු වූයේ යහපතකි. අවසන අංජලී මුණ ගැසිණි.
ගයානිත් මිතුරනුත් රෝහලට පැමිණෙන විට සොහොයුරා අසළ සිටින අංජලී දැක මවිතයට පත් වූයේ මෙතෙක් ඈ හමු වූ බවක් ඔවුන්ද දැන නොසිටි නිසාය.

“දෙවියනේ…! අංජලී…ඔයා…”

ගයානි දිව විත් ඇයව වැළඳ ගත්තේ තමා මේ සිටින්නේ රෝහලේ බවද අමතක වූ ලෙසිනි. ඇයට ගිළන් යහනේ සිටින සොහොයුරා සිහි වූයේ පසුවය. ඔහුට එතරම් ආබාධයක් නොමැති වීම වාසනාවකි.

“මෙයා අපිව දාලා කොහෙද හිටියේ මෙච්චරකල්…?”

තුෂරත් මියුරත් නෝක්කාඩු කියන්නට වූහ. අංජලී ලැජ්ජා මුසු හැඟීමෙන් ශාමින්ද දෙස බැලුවේ කිසිත් නොකියාමය. පැමිණි සියළු දෙනම අංජලී වටකරගෙන තොරතුරු විමසන්නට වන විට ශාමින්ද ඔවුනට බාධා කරමින් කෑ ගැසුවේය.

“ලෙඩ්ඩු බලන්න ඇවිත් දැන් බලන්නේ වෙන කෙනෙක්වනේ…”

ඔහු නෝක්කාඩු කියන විට සියළු දෙනා අතර පැතිරුණේ සිහින් සිනහවකි. කතා බහ කිරීමට බොහෝ දේ ඇත. ඇගෙන් අසන්නට බොහෝ දේවල් ඔහුගේ සිත පුරා පෙළ ගැසී තිබුණ මුත් මේ ඊට මොහොත නොවේ. ඉක්මනින් රෝහලෙන් පිටව යා හැකි නම් කියා ශාමින්ද සිතමින් සිටියේය. ඔවුන් දෙදෙනා තනිකර සෙස්සෝ ඉවත ගියේ දෙදෙනාගේ සිත් ඉව වැටී මෙනි.

“මට ගෙදර යන්න ඕන….”

ඔහු කීවේ අංජලීටය. ඔහුගේ ගතට අමාරුවක් නැත. වරද අනෙක් රථයේ සිටි රියදුරාගේය. ඔහුට රිය පාලනය කර ගන්නට නොහැකිව තමා ඉදිරියට රිය හරවන විට ශාමින්ද අනෙක් පසට රිය හරවාගෙන ඇති මුත් එය පසෙක වූ රියක ගැටී තිබිණි. අනෙක් රථය ලයිට් කණුවක ගැටී තිබූ බව දැන ගත්තේ පසුවය. වෙනත් කිසිවෙකුට එතරම් හානියක් සිදුව නොතිබිණි. දැඩි සත්කාරයේ සිටි තරුණයාද එදිනම සවස වාට්ටුවට මාරු කර තිබුණේ ඔහු බරපතළ තත්වයෙන් මිදී තිබූ නිසාය. ශාමින්දව රෝහලෙන් යවන්නට කටයුතු කළේ වික්‍රමය. ඒ ටික දිනක් තම නිවසේ ඔහු විවේකීව සිටින ලෙසට වූ පොරොන්දුව මතය.

“ඇයි මටත් නොකියාම ආවේ අංජලී… මට හරි කියන්න තිබුණා නේද…?”

මිදුලේ වූ බංකුව මත හිඳගෙන අංජලී අනා කැවූ බත් කටක් ගිළ දමමින් ශාමින්ද ඇසුවේ නොමනාපයත් නොසතුටත් මුසුවය මහවැලි ගඟ සිප හමා ආ සුළඟ තුළ වූයේ සිසිළසකි. එක්වරම පිළිතුරක් නොදුන් අංජලි දිගු හුස්මක් ඇද ළය පුරවා ගත්තාය.

“මාත් ඔයාව අතෑරලා දායි කියලා හිතුවද…අපේ අම්මලා ඔයාට අකමැති වෙයි කියලා හිතලා නේද මේ හැමදේම අතෑරල දාලා ආවේ…?”

ඇගේ දෑස් වලට කඳුළු නැඟෙන විට ඈ වහා වහා ඇසිපිය සළමින් කඳුළු වළකා ගත්තාය.

“කවුරුවත් ඔයාට නැහැ කියලා හිතන්න එපා අංජලී…මං ඔයාට ආදරෙයි…මගේ අම්මලාත් ඔයාට ආදරෙයි…ඒ වගේම තමා ඔයාගේ මාමලා…ඒ හැමෝමත්…ඔයා නැතුව එයාලා මොන තරම් දුකෙන්ද හිටියේ කියලා ඔයා දන්නේ නැහැනේ…අපි හැමෝම ඔයාට ඉන්නවා…අපි මැරි කරමු…”

ඈ ඉකිගසමින් ඔහුගේ උර මඬලේ හිස හොවා ගත්තාය.

“මට සමාවෙන්න…මට ඕන වුණේ ඒ හැමකෙනාගෙන්ම ඈත් වෙන්නයි…”

ඔහු ඇගේ හිස පිරිමැද්දේ ඈ කෙරෙහි උපන් ආදරය උතුරා යන විටය.

“දැන් අඬන්න ඕන නැහැ අංජලී… දැන් හිනාවෙන්න ඕන දවස් එන්නේ…”

ඈ ඔහුගේ තුරුළට වී බොහෝ වෙලාවක් උන්නාය.

“හා…හා…දැන් ඔය මදෑ…එන්න ඇතුළට…”

ගයානි දොරකඩ සිටගෙන කෑ ගසන හඬින් අංජලී වහා ඔහුගේ තුරුළෙන් මෑත් වූයේ ලැජ්ජා මුසු හැඟීමෙනි. රාත්‍රී අහසේ තරු මල් වියනක් මැවී එන විට අංජලීත් ශාමින්දත් හුනස්නෙන් නැඟිට ගෙතුළට පැමිණියේ පැතුම් දහසක් සිත් තුළ පොදි බැඳගෙනය.

-අලුත්ම කතාවක් සමඟ ඉක්‌මනින් හමුවෙමු-

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you