NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 53

Tharu Mal Viyan තරු මල් වියන් – 53

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

සිතේ වූ නොසන්සුන්තාවය වැඩි වූයේ ආයතන ප්‍රධානියා අංජලී සිය කාර්යාලයට කැඳවන විටය. මෙතෙක් කලකට ඔහු මෙසේ ඇයව එහි කැඳවා නොතිබූ බැවින් ඈ සිතේ ඇති වූයේ මවිතයකි. දෙගිඩියාවෙන් යුතුව ඈ ඔහුගේ කාමරය තුළට ගියාය. ප්‍රසන්න පෙනුමකින් යුත් ප්‍රධානියා ඇයට තමා ඉදිරියේ වූ අසුන පෙන්වූයේ කිසිවෙකු සමඟ දුරකථනයේ වූ කතා බහ නොනවත්වාය. තත්පර විනාඩි වී ගතව ගිය අතර ඔහු සිනහසෙමින් කතා බහකය. ඈ ඉවසීමෙන් බිමට නැඹුරු වූ හිසින් බලා සිටියාය. කතා කරන්නේ ඔහුගේ සුහද මිතුරෙකු බවට සැකයක් නැත. කියන කතා ඇසෙන විට අංජලීගේ මුවටද සිනහ නැඟිණි.
අවසානයේ කතා බහ නිමා වී ප්‍රධානියා වන සෙනරත් මේසය මත දෑත් තබා අංජලී දෙසට හැරුණේය.

“අංජලී…”

ඔහු සුහද සිනහවක් මුව මත නංවාගෙන කීය.

“සර්…”

“මං එන්න කිව්වේ ඇයි දන්නවද…?”

“න්…නැහැ සර්…”

“මට කම්ප්ලේන් එකක් ආව ඔයා ගැන…”

ඔහු බැරෑරුම් බවක් ආරුඪ කරගෙන කියන විට ඈ තිගැස්සුණාය.

“කම්ප්ලේන් එකක්…! ඒ මොක…ක්….ද… සර්…?”

ඔහු මොහොතක් නිහඬව ඈ දෙසම බලා සිටියේය.

“හ්ම්ම්…මේකයි…කම්ප්ලේන් එක…ඔයා හොඳට වැඩ කරනවා කියලා…”

යළිත් මුව මත නංවා ගත් සිනහවකින් ඔහු කියන විට ඈ මවිතයෙන් යුතුව බලා සිටියාය.

“මොකෝ බය වෙලා…”

“එහෙමත් කම්ප්ලේන් කරනවද සර්…?”

තිගැස්ම පහව ගිය මොහොතේ ඈ අසන විට ඔහු තරමක් හඬින් සිනහසුණේය.

“නැහැ…නැහැ…කවුරුත් එහෙම කම්ප්ලේන් කළේ නැහැ…මං නිකමට කිව්වේ…අනික හොඳට වැඩ කරන එකාගේ කකුලෙන් අදින අය ඉන්නවා මිසක් කවුරුවත් ඇවිත් එහෙම කම්ප්ලේන් දාන්නේ නැහැනේ අංජලී…බොරු කියලා රස්සාව එපා කරවනවා ඇරෙන්න…”

ඈ මඳහසක් පෑවාය. සෙනරත් යළිත් කතා කරන්නට විය.

“මං ඔයාට එන්න කිව්වේ අංජලී වැදගත් දෙයක් කියන්න…”

“ඒ මොකක්ද සර්…?”

ඈ කුතුහළයෙන් ඇසුවාය.
——————————————————————————————————
අංජලී පිළිබඳව තොරතුරක් සොයා ගන්නට ශාමින්ද නොදැරූ වෙහෙසක් නොමැත. මේ සිව්වන දිනය විය. නුවර දී ඇයව දුටුවා යැයි කියූ නිසා ඔහුත් මිතුරෙකුත් කාර්යාල කීපයක් අසලම උදෑසනත් කාර්යාල අවසන් වන වේලාවන් වලත් කල් මරමින් සිටියේ ඇගේ රුව කොහින් හෝ මතු වනු ඇතැයි සිතාය.

“උඹට ෂුවර්ද මචං…ඒ ගර්ල් ඉන්නේ කැන්ඩිවලම කියලා…?”

තිසංග අසන විටත් ශාමින්ද බලා සිටියේ ඉදිරියේ වූ පොදු ගොඩනැඟිල්ලක දොරටුව දෙසය. කාර්යාල අවසන් වන මොහොත බැවින් කීප දෙනෙකුම ඉන් පිටතට එමින් සිටියෝය.

“අංජලීව දැකලා තියනවා කැන්ඩි වලදී කීප දෙනෙක්ම කියලා මේනකට ඉන්ෆොර්මේෂන් එකක් ඇවිත් යාළුවෙක්ගෙන්…ඒත් හරියටම තැන දන්නේ නැහැ…කාර් එක ට්‍රැෆික් එක වෙලේ අහම්බෙන් නෝට් වෙලා තියෙන්නේ…එයා පාර මාරු වෙලා ගිහින්…වන් වේ නිසා පොරට ආයේ හරවන් යන්න ටයිම් මදි වෙලා…”

“ෂිට්…අපරාදෙනේ…”

“ඔව් මචන්…මේ හරියේ තමා ඔය කියන විදියට දැකලා තියෙන්නේ…”

“පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වගේනේ බං…එයා ඔය සෝෂල් මීඩියා වලවත් නැත්ද…?”

මේ කාලයේ සමාජ ජාලා වල නොමැති කෙනෙකු සොයනවා කියන්නේ නොමළ නිවසකින් අබ සොයා යාමක් බඳුය.

“නැහැ…එයා කවදාවත් ඕවා යූස් කරලා නැහැ…නංගි කිව්වෙත් එහෙමයි…”

“මාරයිනේ බං…මං ඔය ඇහුවමයි…”

මිතුරා මවිතය පළ කළේය.

“ඒ නිසා නේන්නම් මං මේ මැරීගෙන කෙල්ලව හොයන්නේ…”

කාර්යාලයෙන් පිටතට ඇදී එන සේවක සේවිකාවන් අතර ඇගේ රුව මතු වේවායි ඔහු සිතින් පැතුවද අංජලීගේ රුව නම් ඒ අතර නොවීය. බලාපොරොත්තු සුන්ව යන බවක් ඔහුට දැනුනද ඔහු එය සිත පුරා ඔඩු දුන්නට නම් ඉඩ නොදුන්නේය. ඇයව කෙසේ හෝ සොයා ගැනීම ඔහුගේ එකම අරමුණ විය.
——————————————————————————————————
“ඇයි අංජලී ඔයා බය වෙලා වගේ….මං කියපු දේ අහලා ඔයාට සතුටු නැත්ද…?”

සෙනරත් ඇසුවේ තවමත් පිළිතුරක් නොදුන් අංජලීගෙනි.

“න්…නැ…හැ…ස…ර්…”

ඈ ගොත ගැසුවාය.

“නැහැ කිව්වේ ඒකට කැමති නැහැ කියලද නැත්නම්…බය වෙලා නැහැ කියලද…?”

ඔහු මඳහසක් පාමින් ඇසීය.

“න්..නැහැ…මට තව ටිකක් ඒ ගැන හිතන්න ඕන…සර්…මං…කල්පනා කරලා කියන්නම්…”

සෙනරත් පුදුමයෙන් බලා සිටියේය. වෙන අයෙකු නම් මෙවන් අවස්ථාවක් එළඹෙන තුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. නමුත් ඇය සිතා බලා පවසන්නම් යැයි කියයි.

“හොඳයි…මං ඔයා කල්පනා කරලා මට උත්තරය්ක් දෙන්න…හැබැයි මං ඔයාගෙන් සතුටුදායක උත්තරයක් බලාපොරොත්තු වෙනව හොඳද…?”

කුමක් කිව යුතුදැයි නොදැන ඈ එයට හිස සැළුවාය. පළමුව මේ ගැන කතා කළ යුත්තේ වික්‍රමාරච්චි යුවළ සමඟය. දැන් ඉතින් තමාට කියා සිටින්නේ ඔවුන් දෙදෙන පමණි. සෙනරත් සවස ඇයව නවාතැනට හැරළවන්නම් යැයි කී බැවින් අංජලී ඔහු සමඟම පහළ අංගනයේ වූ රිය ගාලට ගියේ පිටුපස දොරිනි. තමා බලාපොරොත්තුවෙන් ශාමින්ද කාර්යාලය අසල සිටින බවක් හෝ නොදැන ඈ රියට නැඟුණාය. සෙනරත්ගේ රථය ශාමින්දගේ මෝටර් රථය අසළින්ම ඇදී යන විටත් ශාමින්ද බල සිටියේ ප්‍රධාන දොරටුව දෙසය.

“අපි යමු මචන්…දැන් නම් මුළු ස්ටාෆ් එකම ගියා වගේ…බස් හෝල්ට් ටික බලන් අපි යමු…දැන් හවස් වුණා…”

තිසංග රිය පණ ගන්වා ගත්තේ එසේ කියමිනි. ශාමින්ද නොකමැත්තෙන් වුවද සුසුමක් හෙළමින් මිතුරා හා එකඟ විය.
——————————————————————————————————
රාත්‍රියේ වූයේ තුනී සීතලකි. වැස්සක් ඇද වැටෙනු ඇතැයි කියා අංජලීට සිතුණේ අඳුරු අහස දෙස බලන විටය. එකදු තරුවක් හෝ අහසේ නොවීය. ජීවිතයත් මෙවන් අඳුරක ගිළී ඇතැයි කියා ඇයට සිතිණි. මෙරිටා අංජලී දෙස බලා සිටියේ අනුකම්පාවෙනි.

“දුව…”

ඇගේ දයාබර හඬින් අංජලී අහස පුරා දිව ගිය නෙතු ඉවතට ගෙන මෙරිටා දෙස බැලුවාය.

“ඔයා දැන් මොනවද කරන්න හිතන් ඉන්නේ…?”

ඈ අසන්නේ සෙනරත්ගේ යෝජනාව ගැනය.

“මං දන්නේ නැහැ…මට තාම හිතා ගන්න බැහැ…”

“දෙගිඩියාවෙන් තීරණයක් ගන්න එපා… හොඳට හිතලා බලලා තීරණය කරන්න… අනික තමා ඔයා නැන්දලා මුණ ගැහෙන්න යන්න ඕන…ඔයා දැනටම පරක්කුයි…”

අංජලී සුසුමක් හෙළුවාය. කුමන තීරණයක් ගත්තද එය ඔවුන්ටත් පැවසිය යුතුයි කියා ඇයද සිතුවාය.

“බලමු…”

ඈ කීවේ අලුතින් සුසුමක් හෙළමිනි.

“බලමු නෙවේ දුව…ඔයා යන්න ඕන…අපිත් එන්නම් ඔයා එක්ක…හරි නම් ඕක කරන්න තිබුණේ මීට කලින්…මොනවා වුණත් ළමයෝ…මෙච්චර කාලයක් ඒ අය ඔයාව ආදරෙන් බැලුවා නේද…වෙනස්කමක් කළේ නැහැනේ…? ඒ අයත් හරි හිත් වේදනාවකින්ද ඉන්නවා ඇත්තේ…”

අංජලී නිහඬව අසා සිටියා මිස කිසිත් නොකීවාය.

“ඒ නිසා ඔයා යන්න…ඔය ප්‍රෝමෝෂන් එක ඔයාට ලැබෙන්න එයාලත් එක හේතුවක්…ඕක බාර ගන්න…කුරුණෑගල කියන්නේ මහ ලොකු දුරක් නෙවේනේ… අපිත් එන්නම් ඇවිත් යන්න…බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් දැන් ඔයා…”

මෙරිටා කීවේ සතුටිනි.

“අනේ මන්දා…”

“අනේ මන්දා නෙවේ…දැන් ඔයාට කාර් එකක්…නවතින්න ගෙයක් සේරම හම්බෙයි කම්පැණි එකෙන්ම…”

අංජලී සුසුමක් හෙළුවාය. ඇගේ සිතට දැනුණේ හිස් හැඟීමකි. පාළුවක් තනිකමක් ඇයට දැනිණි. ඇයට ශාමින්ද සිහි විය.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you