More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 39

    Tharu Mal Viyan තරු මල් වියන් – 39

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    අංජලී සිටියේ සුව නින්දකය. එයට සුව නින්දක් කියා කිව නොහැක. හීනෙන් මෙන් ඈ හූල්ලන දෙස ගයානිත් රංගිකාත් බලා සිටියේ තවමත් හදේ නොනිවුණු ගිණි දැල් සමඟිනි. දෙදෙනාම නිහඬවම කාමරයෙන් පිටතට පැමිණියේ ඇගේ නින්දට බාධාවක් නොවන ලෙසිනි. නින්දෙන් වත් ඇගේ සිතට සැනසීමක් ලැබෙනු ඇතැයි කියා ඔවුන් සිතූහ.

    “මෙහෙම දෙයක් මං කවදාවත් හිතුවේ නැහැ ගයා…”

    ඉස්තෝප්පුවේ වූ අසුනක හිඳ ගනිමින් රංගිකා කීවේ කම්මුල් තෙමාගෙන ගිය කඳුළක් පිස ගනිමිනි.

    “කොහොම හිතන්නද අනේ…තාත්තා අම්මටයි මෙයාටයි ආදරේ නැත්තේ මේ හේතුව නිසා කියලා අපි හීනෙන් වත් හිතුවේ නැහැනේ…”

    “අම්මා මොන තරම් දුකක් හිතේ තියන් ඉන්න ඇතිද නේද ගයා..පව් අනේ…”

    “ඒවත් මතක් කර කර සැරෙන් සැරේ අඬනකොට මට බලන් ඉන්නත් බැහැ…මං ඒකයි ඔයාටත් එන්න කිව්වේ…”

    ගයානිද කීවේ කඳුළු පිරී ගිය දෑස් වලින් කඳුළු වැටෙන්නට නොදී වේගයෙන් ඇසි පිය සලමිනි.

    “එයා නම් මහා දුෂ්ට මිනිහෙක් ගයා…”

    රංගිකා කීවේ කෝපයෙනි.

    “හිතන්න එහෙම දෙයක් අපිට වුණා නම්…අපි කොහොම හැසිරෙන්න තිබුණද…? අංජලිට ඒක ඒ වෙලේ ලොකු ෂොක් එකක් වුණා…හැබැයි රංගි මට තියන එකම සතුට සංචලාගේ මූණ පුරාම හොඳ පාරක් දෙන්න පුළුවන් වෙච්ච එකට..මං ඒකට ගොඩක් කල් ඉඳන් බලන් හිටියේ…”

    ගයානි කීවේ කුරිරු සතුටකිනි.

    “මං හිටියා නම් මාත් දෙනවා හොඳ ෂොට් එකක්…”

    රංගිකාද කීවේ තවමත් පහව නොගිය කෝපයෙනි. දෙදෙනා අතර මොහොතකට පැවතියේ දිගු නිහැඬියාවකි. ගයානිගේ මව ඉනෝකා ඔවුනතරට පැමිණියේ රාත්‍රී ආහාර සූදානම් කර අවසන්ව ඔවුන් කඳවාගෙන යෑමටය. අංජලී සම්බන්ධ කිසි දෙයක් ඈ දැන නොසිටියාය.

    “අංජලී නිදිද…කෑම කාලා ඉමුද දුව…?”

    ඈ ඇසුවේ රංගිකාගෙනි.

    “අනේ නැන්දේ…දැන් ආදි එනවානේ…අපි ගිහින් කන්නම්…තාම බඩගින්නකුත් නැහැ…”

    මේ මොහොතේ කෑමට පිරියක් තබා කුසගින්නක් පවා ඔවුනට නොවීය.

    “එහෙනම් එයත් ආවාම කාලාම යන්නකො…”

    මව එසේ කියන විට රංගිකා බැලුවේ ගයානි දෙසය. ඇගේ දෑස් රැඳවී තිබුණේ වෙනත් ඉසව්වකය. මව තවමත් මේ කිසිත් දැන නොසිටියාය. ඇයට මව හා එය පවසන්නට සිතක් නොවිණි. එයින් අංජලී සිතේ තවත් දුකක් ඇති වනු ඇත්තේ සිය්ල්ලෝම මෙය දැනගත් පසු ඈ කෙරෙහි අනුකම්පා උපදවනු ඇතැයි කියා සිතාය. ඈ යුවතියකි. ලැජ්ජාවක් ඇයට දැනෙනු ඇත. එය තමාට වූවා නම් කෙසේ වේවිද..? ගයානිගේ සිරුර වෙව්ලා ගියේ රාත්‍රියේ වූ සීතලට නොවේ. එය ලැජ්ජාවක් කියා නොසිතුණද ඇති වූයේ බිය මුසු හැඟීමකි. ළමා නිවාස වල ඇති ළමුන් සැම දෙනම මව්වරුනට එපා නිසා දමා ගිය වුන්ය. බහුතරයක් අසම්මතයේ උපන්නවුන්ය. මෙවන් වැරදිකරුවන්ට නීතියෙන් නොවූවත් යම් කලෙක සොබා දහමෙන් හෝ දඬුවම් ලැබෙනු ඇත. මෑත කාලයේ බෙහෙවින් කතා බහට ලක් වූයේ කුඹුර මැද දමා ගිය දැරිවිය ගැනය. මෙසේ සිතක් පපුවක් නැතිව කරන තිරිසන් ක්‍රියාවන්ට කුමන දඬුවම්ක් දිය යුතුද කියා සිතා ගත නොහැකිය. කෙසේ නමුත් දැන් පත්ව ඇති තත්වය මත අංජලී නම් යළි කිසි දිනක මාමාගේ නිවසට නොයනු ඇත. මේනකගෙන් ඇමතුමක් එන විට ගයානි තිගැස්සී ගියාය.

    “සු…දු…අ…යි…යේ…”

    ගයානි හිඳ හුන් තැනින් නැඟිටිණි.

    “නං…ගී…මගේ…නංගී කෝ…?”

    ඔහු හඬන බව ගයානිට දැනිණි. ඇගේ දෑස් අලුත් වූ කඳුලින් තෙත් විය.

    “එ…ඒ…න්…නි…දි…අයි…යේ…”

    ගයානි කියා ගත්තේද ගොත ගසමිනි.

    “ඒ…මගේ….නංගී…මගේ..නංගී…මං…එන ගම…න්…”

    මේනකගේ දුරකථනය විසන්ධි වී ගියේය. ගයානි හඬන විට මවත් රංගිකාත් ඈ වෙත ළං වූයේ ක්ෂ්ණිකයෙනි.

    “දුව…ඇයි…මොකක් හරි කරදරයක්ද…?”

    මව ඇසුවේ කළබලයෙනි.

    “සු..දු…අයියා එන ගමන්ලු…”

    ගයානි පැවසුවේ එපමණි. ඇයට කතා කරගන්නට නොහැකිය. මව ඔවුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ කිසිත් සිතා ගන්නට නොහැකිවය.
    අප්පච්චී ඔවුනතරට පැමිණියේ කළබලය ඇසීමෙනි
    ——————————————————————————————————
    හේෂානුත් මාලකත් නිවසට පැමිණියේ ආදිත්‍යයත් පැමිණි මොහොතේම වාගේය.මේනක ආදිත්‍ය කී කතාවේ තේරුම වටහා ගන්නට නොහැකිව ඔහු හදිසියේ පැමිණියේ මන්ද කියා හෝ විමසන්නට අවස්ථාවක් නොවීය. නිවසට ගොඩ වුණු මාලක සිට ගත්තේ ඉන්ද්‍රාණි ඉදිරියේය. ගිම්හානි සැමියා අසලට යන්නැයි ආදිත්‍යට ඉඟි කළාය. ඔවුන් දෙදෙනා ආරවුලක් ඇතිකර ගනීවි කියා ඈ සිටියේ බියෙනි.

    “අම්මා….මොකද වුණේ…තාත්තා කිව්වා ඔයා මාවත් එක්කගෙනම එන්න කිව්වා කියලා…සංචලා කෝ…එයා කෝල් කළා… අම්මා එයාව ගෙදරින් එළෙව්වා කියලා…”

    මාලක සන්සුන් හඬින් ඇසීය. ඉන්ද්‍රාණි හේෂාන් දෙසට බැල්මක් හෙළා ඉඟි කළේ තමා අසලින් හිඳ ගන්නා ලෙසය. ඔහු වහා විත් බිරිඳ අසල හිඳ ගෙන ඇගේ දෑතින් අල්ලා ගත්තේ කුහුල් සිතිනි. කුමක් හෝ යමක් සිදුව ඇත. ඇගේ දෑස්වල කඳුළුය.

    “මාලක…ඔහොම පොඩ්ඩක් වාඩි වෙන්න…”

    එසේ කීවේ ආදිත්‍යය. මේනක මව දෙසත් මිතුරා දෙසත් මාරුවෙන් මාරුවට බැලීය. තමා නොදන්නා යමක් ඔහු දන්නා බව ඔහුට පෙනිණි. මාලක මවිතයෙනුත් කුහුළිනුත් මව ඉදිරියේම හිඳ ගත්තේය.

    “මේ අහන්න ඉන්දු…ඔයාට අඬන්න ඕන නම් අඬන්න…ඒත් ළමයෝ…අපි ඉන්නේ මොකක්ද වුණේ කියලා දැනගන්න කල් නොඉවසිල්ලෙන්…පුතේ ඔයා දන්නවද මොකද මේ අම්මා අඬන්නේ කියලා…සංචලා තරහ වෙලා ගියා නම් අපි එයාව ආයේ එක්ක එමු…ඔයා ඇයි ඒ ගැන කළබල වෙන්නේ…?”

    බොහෝ මෘදු හඬකින් හේෂාන් කීවේ ඇගේ අත අතනෑරමය. ඉන්ද්‍රාණි වහා ඔහුගේ අත ගසා දැමුවේ කෝපය මුසුවය.

    “ඒකි ආයේ මේ ගෙදරට ආවොත් හේෂාන්…මම මේ ගෙදරින් යනවා…ඔයා දන්නවද අද මොනවද වුණේ කියලා…? අපි ගෙදරට වැද්ද ගත්තේ හැපින්නක්…”

    ඉන්ද්‍රාණි කවදාවත් මෙසේ කෝප වී නැත.

    “මොකක්!…අම්මා…මොකද වුණේ කියනවද…ඇයි මේ…?”

    මේනක නොසන්සුන්ව ඇසීය. ඉන්ද්‍රාණි මේනක දෙස මොහොතක් බලා සිටියාය.

    “පුතේ…නංගී මෙහේ එක්ක ආව දවසේ ඉඳන්ම ඔයා එයාව එයාගේම නංගී වගේ බලා ගත්‍තා…එයාට ආදරෙන් හිටියා…ඒත් පුතේ එයා…නැන්දාගේ…දුව…”

    “ඉන්දු…”

    හේෂාන් කෑ ගැසීය.

    “ඔයා මොනවද මේ පුතාට කියන්න යන්නේ…ඔයා පොරොන්දු වුණා…”

    ඈ සැමියා දෙස බැලුවේ බොඳවුණු දෑසිනි.

    “මං පොරොන්දුව කැඩුවේ නැහැ හේෂාන්..ඒක කළේ සංචලා…එයා ඒක දුවට කිව්වා…”

    “මොනවා…! එයා කොහොමද ඒක දන්නේ…?”

    හේෂාන් අසුනින් නැඟී සිටියේ කම්පනයෙනි.

    “එදා අපි කතා වුණ ඒවා එයා අහන් ඉඳලා…”

    එසේ කියන විට හේෂාන් බලාපොරොත්තු බිඳී ගියාක් මෙන් එලෙසම අසුන මතට ඇද වැටුණේය.

    “අම්මේ…මොකක්ද වුණේ…සංචලා මොනවද කළේ…?”

    ඉන්ද්‍රාණි සියල්ල ඔවුන් හා පැවසුවේ ඒ මොහොතේය. මේනක කෝපයටත්, ශෝකයටත් පත්ව කෑ ගැසීය.

    “කෝ දැන් නංගී…කෝ…එයා…?”

    “මචං…කලබල නොවී ඉඳින්…අංජලී ඉන්නවා…ගයාලා ගෙදර…රංගිත් එහේ…”

    “මට යන්න ඕන දැන්ම මගේ නංගි ළඟට…ඒකිගේ අයියා මම…ඒකි අනාථ නැහැ…මම ඉන්නවා…”

    මේනක හඬන්නට වූයේ ඒ මොහොතේය. ඔහු අංජලීට ඇමතුම් ගත්තද එය ක්‍රියා විරහිත කොට තිබිණි. ඔහු හඬමින් ගයානි ඇමතුවේ පසුවය. මාලක කෝපයෙන් නිවසින් පිට වූ බව කිසිවෙකුට වගක් නොවූයේ සියළු දෙනම එකිනෙකා සනසමින් සිටි බැවිනි.

    සිත යට ගිනි ඇවිළුණද මාලක රිය පැදවූයේ ඉතා සන්සුන් මනසකිනි. මේ සියල්ල තමාගේ වැරදිය. සියල්ල කනපිට හරවා ගත්තේ තමාය. දැන් එය නිවැරදි කරන්නට කාලයක් නොමැත. සංචලා මේ කළ දේට නම් කවදාවත් ඇයට සමාවක් නැත. සදටහටම ඇයව ජීවිතයෙන් ඈත් කරන්නට ඔහු තීරණය කොට තිබුණේය. සංචලාගේ නිවස ඉදිරියේ රිය නවතා මාලක මොහොතක් නිශ්චලව හිඳ රථයෙන් බැස ගත්තේය. දොර සීනුව හඬවන විට දොර විවර කළේ බුද්ධිමාය.

    “පුතේ…එන්න…වැඩ ඇරිලා යන ගමන්ද…?”

    බුද්ධිමා ඇසුවේ මවිතයෙනි. ඔහු තම නිවසට නිතර ගොඩ වන අයෙකු නොවේ. සංචලා නිවසට පැමිණ නැතැයි කියා ඔහුට එකවරම වැටහිණි. ඔහු නිවසට ගොඩ විය. රංගන සිටියේ රූපවාහිනිය නරඹමිනි.

    “මාලක පුතා…එන්න එන්න…”

    රංගන ඔහු පිළිගත්තේ සතුටිනි. මාලක නිහඬවම ගොස් ඔහු ඉදිරියේ හිඳ ගත්තේය.

    “සංචලා ගෙදර ආවද…?”

    එවිට බුද්ධිමත් රංගනත් මුහුණින් මුහුණ බලා ගත්තේ මවිතයෙනි.

    “නැහැ…පුතේ…ඇයි…එයා ආයෙමත්…ප්‍රශ්නයක්…?”

    මාලක හිස සැළුවේය. සුළු මොහොතක නිහැඬියාවක් පැතිර ගිය අතර බුද්ධිමා කතා කරන්නට යන විට රංගන වහා ඇයව නැවතුයේ මාලක කතා කරන තුරු නිහඬව සිටින ලෙසට සංඥා කරමිනි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයකු අත්අඩංගුවට

    කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයෙක්, අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...
    - Advertisement -spot_img

    Doughnut දරුවො ආසම කෑමක්

    Doughnut දරුවො ආසම කෑමක් පුංචි අය ආසම කෑමක් තමයි ඩෝනට්. එක එක පාට වලින් කැමති විදිහට හදාගන්න පුළුවන් ඩෝනට්, birthday...

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ Margaret Qualley කලා පවුලක සාමාජිකාවක් වුණ Margaret Qualley විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් නිළියක්....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page