NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 31

Tharu Mal Viyan තරු මල් වියන් – 31

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

කුඹුක් සෙවණින් වටවූ ඒ කුඩා බොජුන් හළ තුළ වූයේ සිසිලසකි. එහා පස වෙල් යායකි. ඉඳහිට හමන සුළඟ තුළද වූයේ ගත සිසිල් කරවන නැවුම් බවකි. ශාමින්දට කියන්නට අසන්නට බොහෝ දේ ඇති බවක් පැවසූ බැවින් අංජලී සිටියේ ඔහු කතා කරන තුරුය. සේවකයෙකු පැමිණ ඔවුනට සිසිල් පැන් සංග්‍රහ කර නික්ම ගිය පසුව ශාමින්ද හඬ අවදි කළේය.

“මං අද ආවේ ඔයා එක්ක ගොඩාක් දේවල් කතා කරන්න හිතාගෙන අංජලී…”

ඈ නිහඬව අසා සිටියාය. ඔහු තමාට ආදරය කරන බව නොරහසකි. එය එසේ වුවත් දෝත පා එය පිළිගන්නට ඇයට නොහැකිය. ආදරයෙන් ළං කරගන්නා සියල්ල අහිමිව යන විට ඔහුට ළංවන්නට ඈ බිය වූවාය.

“මං ඔයාට ආදරෙයි අංජලී…”

ඔහු එසේ පවසන බව ඈ දැන සිටියාය. ඈ පුදුම නොවූයේ ඒ නිසාය. ඔහුගේ මුවින් එය අසන්නට ලැබීමත් මොන තරම් වාසනාවක්ද ! එය එසේ වුවත් පෙරළා ඔහුට ආදරය කරන බව කියන්නේ කෙසේද…? ඇගේ දෑසට නැඟි කඳුළු කම්මුල් තෙමාගෙන ගලා ගියේය.

“ඇයි…ඇයි මේ ඔයා අඬන්නේ…?”

තැති ගත් හඬකින් ඔහු අසන විට ඈ වහා වහා කඳුළු පිස ගත්තාය.

“මොකුත් නැහැ…ඒත්…ම…ම…කොහොමද ඔයාට ආදරේ කරන්නේ…ඔයා මට ආදරෙයි කියලා මගේ පපුවට දැනෙනවා…ඒත් මං බයයි…”

“ඇයි…බය…මං ඔයාව රවට්ටයි කියලා හිතලාද…? මං ඔයාට ආදරේ කරන්නේ බොරුවට කියලා හිතලාද…?”

නැත. බිය එයට නොවේ. බිය ඔහු අහිමි වේයැයි කියාය.

“මං දන්නවා ඔයාගේ ආදරේ බොරුවක් නෙවේ කියලා…ඒ ආදරේ මට දැනෙනවා…ඒත් මට බය කවදාහරි ඔයාවත් අහිමි වුණොත් මං කොහොමද ඒක දරාගන්නේ කියලා…”

“ඔයා මේ මොකුත් නොහිතා ඉන්න…මං හැමදේම බලා ගන්නම්…මං අම්මලාට ඔයා ගැන කියනවා…මට ඕන ඊට කළින් ඔයාගේ වචනේ…”

“එපා…”

තැති ගත් ලෙස ඈ කීවාය.

“මමත් ඔයාට ආදරෙයි…ඒත්…ගෙදර අයට මේ ගැන කියන්න හදිසි වෙන්න එපා…”

ඈ වහා කීවේ බියෙනි.

“අපි පොඩි අය නෙවේනේ අංජලී…ඇයි බය…අපේ අම්මලා කවදාවත් ඔයාට අකමැති වෙන්නේ නැහැ…”

“ඒත්…ටිකක් තව බලමු…ඇයි හදිසි වෙන්නේ…?”

“නැහැ…නැහැ…කිසිම හදිසියක් නැහැ…මං ඔයාට බලපෑම් කරනවා නෙවේ…”

“ඔයා එහෙම කරන්නේ නැහැ කියලා මං දන්නවා…ඔයා ගිහින් එන්න…මං ඔයා එනකල් බලන් ඉන්නවා…”

ඈ මඳහසක් පාමින් කීවාය. ඒ වචන කීපය ඔහුට සෑහිණි.

“ඔයා මට ආදරෙයිද..කියලා මං අහන්නේ නැහැ…මොකද ඔයාගේ ඇස් වලින් මට ඒක පේනවා…”

ඈ දිදුළන දෑසින් ඔහු දෙස බලා සිටියාය.

“මාත් ඔයාට ආදරෙයි ශාමින්ද…”

ඈ පැවසුවේ සිහිනයකින් මෙනි. කාලය අල්ලා නවතා ගත හැකි වූවා නම් කියා ඇයට සිතිණි. මේ මොහොත ජීවිතයේ සැමදා මතකයේ රැඳෙනු ඇත.
——————————————————————————————————
අංජලී මාමාගේ නිවසට පැමිණියේ බොහෝ කළකිනි. ගිම්හානි බැලීමට ආවා මිස ඈ මෙහි පැමිණියේ එතරම් කැමැත්තකින් නොවේ.

“ඔයා ආවා එක නම් හොඳයි…මාත් පාළුවෙන් හිටියේ…”

ගිම්හානි අංජලීගේ දෑතින් අල්ලා ගනිමින් කීවේ සතුටකින් ඔප නැංවුණු මුහුණිනි. ඈ කෙරෙන් දිස් වූයේ වඩා පිරිපුන් බවකැයි කියා අංජලීට සිතිණි. සංචලා මහගෙදර ගිය බවක් ගිම්හානි කීවාය.

“අපිත් ගෙවල් කීපයක්ම බැලුවා…හොඳ තැනක් හම්බුණේ නැහැ…සමහර තැන් දුරයි…ඉස්කෝලෙටත් ළඟ තැනක් බැලුවේ…අම්මලා කියනවා දැන්ම යන්න එපා කියලා…අපි ඒකයි මේ ටිකක් බල බලා ඉන්නේ…”

ගිම්හානි කීවේ සුසුමක් හෙළමිනි. ඈ නොකියන තව මොනවා හෝ ඇතැයි කියා අංජලීට සිතිණි.

“අම්මලා හරි අවුලෙන් ඉන්නේ නංගී…”

ගිම්හානි කියන විට අංජලී තිගැස්මෙන් ගිම්හානි දෙස බැලුවාය.

“ඇයි අක්කේ…?”

“සංචලා නිසා…”

“ඇයි…එයා ප්‍රශ්න ඇති කරනවද…?”

“මං මේවා කියන්න කැමති නැහැ…ඒත් මට අම්මලා ගැන නම් දුකයි නංගී…අපේ අම්ම්ලාත් මට කොච්චරවත් කියනවා ඇනෙක්ස් එකක් අරන් යන්න කියලා…මං ඒ නොයා ඉන්නෙත් අම්මලා නිසා…ඒ දෙන්නාව දාලා යන්න බැහැ…මේනකත් ඒකට කැමති නැහැ…මාලක මල්ලි ගෙයක් අරන් ගියා නම් මේ ප්‍රශ්න නැහැ…එයා යන්නෙත් නැහැ…”

ගිම්හානි එක දිගට කියවගෙන ගියාය.

“ප්‍රශ්න ඒ තරම් දුරදිග ගිහින්ද අක්කා…?”

“හ්ම්ම්…දෙන්නා කොයි වෙලෙත් සංඩු…”

අංජලී මවිතයෙන් ගිම්හානි දෙස බැලුවාය.

“අනේ…ඒ ඇයි…?”

“හේතුවක් නැහැ…”

ඒ ලද පුවතින් ඈ සිතේ කම්පනයක් මෙන්ම වේදනාවක්ද ඇති වූ මුත් ඇයට කළ හැකි දෙයක් නොමැත. අංජලී එදිනම සවස යළි නවාතැනට පැමිණියේ සවස සංචලා නිවසට පැමිණෙන බව දැන සිටි බැවිනි. ඇයව දකින්නට පවා කැමැත්තක් අංජලී තුළ නොවීය. මාමාගේ නිවසේ අලුත්ම තත්වය දැනගත් ගයානිත් රංගිකා තුළත් ඇති වූයේ නිවැසියන් පිළිබඳව ශෝකයකි.

“මාලක කරන දේවලින් අන්තිමේදි දුක් විඳින්නේ අහක ඉන්න අය…”

ගයානි කීවාය.

“මාමායි නැන්දායි ගැනයි මට දුක…”

අංජලී කීවේ සැබෑවටම සිතේ ඇති වූ ශෝකයෙනි.

“මාලකටත් මේවා හොඳ පාඩම්…ඔයාට කළ දේට එයාටම විඳවන්න වුණා…මැරි කරලා මාස කීයද…!”

රංගිකා කීවේ මාලක කෙරෙහි උපන් කෝපයෙනි.

“බොරු රැඟිළි දැන් පේනවා ඇති…”

ගයානි යළිත් කීවේ උපහාසය මුසුවය.

මේ අතර මාලක සිටියේද සංචලා හා අංජලී පිළිබඳව කතා කිරීමෙන් තමා කළේ වරදක් බව අවබෝධ කරගෙන ඒ පිළිබඳව නිවී සැනසිල්ලේ පසුතැවිළි වෙමිනි. ඔහුත් සංචලාත් අතර මත භේද ඇති වීමට මූළික හේතුව එයම මිස අනෙකක් නොවේ. ඈ සිටියේ අංජලී පිළිබඳව දැවෙන ඊර්ෂ්‍යාවකිනි. මුලින් මුලින් කාමරයටම පමණක් වූ ඇනුම්පද දෝෂාරෝපණ පසුව නිවස පුරා දෝංකාර නැවීමට වැඩි දවසක් ගත නොවීය. අංජලී ගේ නමත් ඒ අතර කියවෙන විට ඉන්ද්‍රාණිත් හේෂානුත් බියපත් වූහ. ඔවුන් අතර සබඳ කමක් තිබුණා නම් ඒ පෙර කළකය. දැන් දැන් ඒ සියල්ල අවුස්සා මෙසේ ආරවුළ් ඇති කර ගන්නේ කුමක් නිසාද කියා දෙදෙනා සිතුවේ නොසතුටෙනුත් කළකිරීමෙනුත් යුතුවය. අංජලී පිළිබඳව පසු වූයේ දැඩි ඊර්ෂ්‍යාවකිනි.මේ හේතුව නිසාම ඈ මාලක සැක කළාය. ඔහු රාජකාරිය නිම වී නිවසට ඒමට පමා වන විටත් ඈ ඔහුව සැක කළාය. බොහෝ වර ඈ ඔහුගේ මිතුරන්ට පවා ඇමතුම් දී ඔහු ගැන විමසන්නට පවා පෙළඹුණේ මේ සැකය නිසාමය. මේ නිසා මිතුරන් අතරද මාලක සමච්චලයට ලක් විය.

“සංචලා අපිටත් කෝල් කරලා අහනවා උඹ ගැන…මොකද බං ඔච්චර සැක…?”

දිනක් ඉරේෂ් කීවේ නොමනාපය මුසුවය.

“මගේ වැරැද්ද බං…අංජලී ගැන මට නොකියා ඉන්න තිබුණේ…”

මාලක කීවේ පසුතැවිළි මෙන්ම මඳ කෝපයකින්ද යුතුවය.

“තව කොහෙද වැඩි කාලයක් තිබිලා නම්…ගෑණු කියන්නේ කොහොමත් ඊර්ෂ්‍යාවන් ඉන්න අයනේ…මටත් දැන් තමා හිතෙන්නේ ගයා මට නැති වුණේ මගේම වරද නිසා කියලා…”

එවර ඉරේෂ්ද පැවසුවේ පසුතැවිළි හඬිනි.

“අපේ මෝඩකම් බං…දැන් අපි ඒවා ගැන නිවී සැනසිල්ලේ පසුතැවෙනවා…”

කෙටි සුසුමක් පිට කළ මාලක කීවේය.

“සංචලාගේ සැකේ නම් එච්චර හොඳ නැහැ…”

“හ්ම්ම්…”

මාලක හූ මිටි තැබුවා මිස කිසිත් නොකීවේය. මාලක නිවසට පැමිණියේ සිතා මතාම ප්‍රමාදවය. ඔහුට ඉක්මන් වී කරගත් විවාහය ගැන ඇති වූයේ කළකිරීමකි. නිවස තුළ ඔහුට සහනයක් නොවීය. ඉන්ද්‍රාණි බලා සිටියේ ඔහු පැමිණෙන තුරුය. රාත්‍රී දහයටද ආසන්න වන විට මාලක නිවසට ගොඩ විය. අම්මා තවමත් පෙර මඟ බලා සිටිනු දැක මාලක සිතේ ඇති වූයේ සියුම් ශෝකයකි. සංචලා නින්දට ගොසිනැයි කියා ඈ සිතුවාය.

“අම්මා…නිදා ගන්නේ නැත්ද…?”

මාලක ඇසුවේ ඈ වෙනදා මේ වන විටත් නින්දට ගොස් සිටින නිසාය.

“නින්ද යන්නේ නැහැ…මං මේ ඔයා එනකල් බලන් හිටියේ…”

ඈ එසේ කියමින් නැඟිට ඉස්තෝප්පුවට බැස්සාය. මාලකද නිහඬවම ඈ පසුපස පැමිණියාය. ඈ මෙතෙක් වේලා බලා සිටින්නට ඇත්තේ කුමක් හෝ වැදගත් යමක් කතා කිරීමට බව ඔහුට වැටහිණි.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you