ArtRatatouille : සුඛෝපභෝගි නගරයක පුංචිම පුංචි මීයෙකුට ඉඩක් ලැබෙයි...

Ratatouille : සුඛෝපභෝගි නගරයක පුංචිම පුංචි මීයෙකුට ඉඩක් ලැබෙයි ද?

-

spot_img

Ratatouille : ප්‍රංශය, අනන්‍යතාවයන්ගෙන් පිරුණු සොඳුරු දේශයක්. ඔවුන්ගේ ආහාර සංස්කෘතියත් හරි අපූරුයි. එය දිව පිනවන, රසවත්, වර්ණවත් සහ සුවඳවත් එකක්.

Cooking කියන්නේ කලාවක්. කෑමකින් අනිත් අයව පිනවන්න හැමෝටම බැහැ. ඉවීම, ආශාවෙන් ඉවසිලිමත්ව කරන්න ඕන දෙයක්.

මේ film එකේ නම Ratatouille. වම්බටු, තක්කාලි, සුදුලූණු වගේ දේවල් එකතු කරලා හදන රසවත් ප්‍රංශ කෑමක් තමයි Ratatouille කියන්නෙ .

Remy කියන මීයා ජීවත්වුනේ එයාගෙ පවුලෙ අය,නෑදෑ පරම්පරාව සමග. මේ හැම මීයෙක්ම අහුවෙන ඕනම කෑමක් කාලා දැම්මා.නමුත් Remy ට තිබුනා කෑමවල සුවඳ, රස හොඳින් දැනෙන තියුණු සංවේදනයක්.
Remy ගෙ හීනය වුනේ සූපවේදියෙක් වෙන එක.හරියට පැරීසියේ සුප්‍රසිද්ධ සුපවේදී Gusteau වගේ.

ඒත් පැරීසිය වගේ සුඛෝපභෝගි නගරයක පුංචිම පුංචි මීයෙකුට ඉඩක් ලැබෙයි ද? Remy ගෙ පියා, නෑදෑයො මේ හැම කෙනෙක්ම ඔහුට අනතුරු ඇඟෙව්වා.

මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. ඔවුන් බොහොම භයානකයි !

Anyone Can Cook ! ඕනම කෙනෙක්ට උයන්න පුලුවන්! මේ තමයි සූපවේදී Gusteau ගේ ආදර්ශ පාඨය. Remy එය විශ්වාස කළා. අවාසනාවකට වගේ Gusteau මේ වන විට මෙලොව හැර ගිහින් .

කොහොමහරි Remy යනවා Gusteau සේවය කළ අවන්හල වෙත. කලබලකාරී, ගොඩාක් කාර්යබහුල මුළුතැන්ගෙය තුළදී Remy ට Linguini ව හමුවෙනවා. Linguini රැකියාවට අලුතින් පැමිණි තරුණයෙක්.
ඔහු කළේ මුළුතැන්ගෙය පිරිසිඳු කරන එක.Remy සහ Linguini අතර ඇතිවෙන්නේ අපූරු බැඳීමක්.

Linguini ගේ ප්‍රේමවන්තිය Colette. ප්‍රංශය ගැන කතාවකට ප්‍රේමය නැතිව කොහොමද,

ඉතිං, Remy ට පුලුවන් වෙයි ද, සූපවේදියෙක් වීමේ හීනය හැබෑවක් කරගන්න..?

මේ කතාව තමන්ගෙ හීනය වෙනුවෙන්ම කැපවෙන පුංචි මීයෙක් ගැන. Ratatouille අපූරු සිනමා අත්දැකීමක්.

ඔබ ආවේ කොහෙන්ද, ඔබේ තරාතිරම කුමක්ද කියන දේ අදාළ නෑ.ඔබ දක්ෂයෙක් නම්, ඔබට ඉඩ තියෙනවා.

හැම තැනකම නෙමේ..

එහෙම තැනුත් ලෝකයේ තියෙනවා. මං හිතන්නේ ඒව ලෝකයේ දියුණු රටවල් .

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you