ArtTime for Ejaculation : ලිංගික කටයුත්තකට ගතවන කාලය

Time for Ejaculation : ලිංගික කටයුත්තකට ගතවන කාලය

-

spot_img

මට, පොත්වලින් හමුවුන කවදාවත් අමතක නොවෙන ගැහැණු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මේරි යෙලන් (Jamaica Inn කතාව). අනිත් කෙනා අයිරින් බෙල්ට්‍රාන් (Of Love and shadows කතාව).

මේරි යෙලන් බුද්ධිමත් ගැහැණියක්. අයිරින් බෙල්ට්‍රාන් මාධ්‍යවේදිනියක්. මීට දවස් කීපයකට කලින් ඒ ලැයිස්තුවට තව කෙනෙක් එකතු වුනා. ඒ Paulo Coelho ගෙ Eleven Minutes කතාවෙන්.

(පරිවර්තනය – මිනිත්තු එකොළහේ කතන්දරේ – රුවිනි තල්පාවිල)

Time for Ejaculation

මරියා – බ්‍රසීල ජාතික ගණිකාවක්

මේ බ්‍රසීලියානු රූමතිය කුඩා ගම්මානයක ඉපදුන කෙල්ලෙක්.ප්‍රේමණීය හැඟීමක් මුල්වරට ඇයට දැනුනේ අවුරුදු එකොළහේ දී. හැම සම්බන්ධයකින් ම මරියා පාඩමක් ඉගෙන ගත්තා. ගැහැණු ළමයි සුරංගනා කතාවලට කැමතියි. එකමත් එක රටක… දුප්පත් සුන්දර කෙල්ලෙක්. ඇයව විවාහ කරගන්න එන කුමාරයෙක්.

එකෝමත් එක කාලෙක මරියා කියලා ගණිකාවක් හිටියා – මේ කතාව පටන් ගන්නේ එහෙම. ඒකෙ වරදක් නැහැ. මොකද හැම කෙල්ලෙක් වගේම තමයි මරියා ඉපදුනෙත් අහිංසක, කන්‍යාවියක් ලෙසින්.

මරියා ගණිකාවක් වෙන්නෙ අහම්බෙන්. ඇය බ්‍රසීලය හැරදා ජිනීවා වෙත එනවා. ඇයට සිහින කිහිපයක් තිබුණා. මුදල් ගොඩක් හම්බ කරගැනීම ඇගේ පරමාර්ථය වුනා. ඇය තමන්ගෙ වෘත්තියට අදාල කරුණු ඉගෙන ගත්තා.

තමාවෙත පැමිණෙන ගණුදෙනුකරුවන් තෘප්තිමත් කිරීමට වෙහෙසුනා. සමහරවිට ඇයට සිදුවුනා ඔවුන්ගේ දුක්ගැනවිලි අහන්න. ඔවුන්ට මවක් වෙන්න.

මගෙ හිතේ මැවෙනවා තද පැහැ හිසකේ තියෙන, ආකර්ෂණීය ඇස් තියෙන , දිලිසෙන ලා දුඹුරු පැහැ සමක් තියෙන , සිහින් සිරුරැති ජවසම්පන්න රූමතියක්. රතුපාට අඩිඋස සපත්තු දමපු, රත් පැහැ තොල් ආලේපන තවරගත්..

ඇය බොහොම බුද්ධිමත්. විවේකී වෙලාවට ඇය කලේ පොත් කියවන එක. මරියා ගොඩාක් පොත් කියෙව්වා. දිනපොතක් ලිව්වා. බ්‍රසීලයට ආපසු ගොස් ගොවිපොළක් ඇරඹීමට හීන දැක්කා.

කිසිදා ආදරයෙන් “නොබැඳෙන්නට” සිතාගත්තා. ආදරය කරන්න. නොබැඳී සිටින්න.

බොහෝ විට ඇගේ ගණුදෙනුකාරයන්ට නොහැකි වුනා ඇයව තෘප්තිමත් කරන්න. Paulo Coelho කියන විදිහට ලිංගික සම්බන්ධයකට ගතවන කාලය මිනිත්තු එකොළක්.

නිතර සිද්ධවෙන මේ මිනිත්තු එකොළහට පසුව ගැහැණියක් සැබැවින්ම තෘප්තියට පත් වෙනවාද ?

Paulo Coelho ස්ත්‍රී සිරුර ගවේෂණය ඇත්තේ මනරම් අයුරින් . සියුම්ව, ඉවසිලිවන්ත ලෙසින්.ස්ත්‍රී ආත්මයක සිතුවිලි, හැඟීම්, දැනීම්, සංවේදනා අපූරුවට ලියැවුණු මේ ලිවීම පිරිමියෙක් ගෙ වීම ඇදහිය නොහැකි දෙයක්.

එය ඇත්තටම විශිෂ්ටයි.

” – දැඩි හැඟීම (ආශාව) කොටුකර තබාගන්නවා ද, එහෙමත් නැත්තම් අන්ධ ලෙස එයට යටත් වෙනවාද යන හැඟීම්වලින් කුමක් අඩුවෙන් විනාශකාරී ද?

මම දන්නේ නැහැ. – ”

(පිටු අංක 123)

වයස විසිතුනේදි මරියාට මුණගැහෙනවා සිත්තරෙක්. නිකම් ම සිත්තරෙක් නෙමෙයි බොහොම ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක්. රැල්ෆ් හාට් මීට පෙර දෙවතාවක් විවාහ වී සිටි අයෙක්. ඔවුන්ගේ සම්බන්ධය වෙනස් එකක්.

ඔහු දුටුවා ඇය ළඟ සුවිශේෂී බවක්. “ආලෝකයක්”

රැල්ෆ් මුණහැහුනාට පසුව, ඉන් ඉදිරියට මරියාගෙ ජීවිතයට මොකද සිද්ධ වෙන්නෙ?

“- ආදරේ කරන ඕන කෙනෙක්, ඒගොල්ලො එකට නොහිටියත්, හැම තිස්සෙම ලිංගිකව හැසිරෙනවා. සිරුරු දෙකක් එකට මුණගැහුනම, ඒක කුසලානය උතුරා යෑමක් විතරයි.

ඒගොල්ලන්ට පැය ගණනක් එකට ඉන්න පුලුවන්, සමහරවිට දවස් ගාණක් පවා. ඒ ගොල්ලො නැටුම එක දවසක පටන් අරගෙන ඉවරකරන්නේ අනිත් දවසෙයි.

එහෙම නැත්නම් – ඒ අය මේ විඳින තෘප්තිය – ඒ ගොල්ලො ඒක ඉවර කරන්නේ නැහැ. ඒ ගොල්ලන්ට මිනිත්තු එකොළහක් නැහැ.- ” (පිටු අංක 170)

ආදරය, කිසිදා නිම නොවෙන වින්දනයක්.

මිනිත්තු එකොළහේ කතන්දරේ, වෙනස්ම අත්දැකීමක්. නිදහස් සිතිවිලි ගොන්නක එකතුවක්. සමාජය,ආදරය, ලිංගිකත්වය ගැන විශිෂ්ට කියැවීමක්.

මෙම කෘතිය අපූර්ව අයුරින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ රුවිනි තල්පාවිල විසින්.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you