NewsPayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

-

spot_img

 

ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක වනවා.

මෙම පද්ධතිය සක්‍රීය වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම නිදහස් වෘත්තිකයන්ට (Freelancers) තම ගෙවීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් මෙරටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට මීට පෙර පැවති නීතිමය සහ තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ PayPal India ආයතනය එක්ව කටයුතු කළා.

ඒ සඳහා මෙරට බැංකු පද්ධතිය නියෝජනය කරමින් සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව එක්ව පසුගිය කාලසීමාව පුරා සිදු කළ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම අවස්ථාව උදා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කරන Debit හෝ Credit වැනි ගෙවීම් කාඩ්පතක් PayPal ගිණුමට සම්බන්ධ කර ගෙවීම් ලබා ගැනීමට හැකි අතර, ආරම්භක අවස්ථාවේදී සම්පත්, කොමර්ෂල් සහ ලංකා බැංකු ගිණුම් මේ සඳහා සම්බන්ධ කළ හැකියි.

විදේශයක සිටින අයෙකුට මෙරට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමේ හැකියාව ද මින් ඉදිරියට හිමි වන බව සඳහන්.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you