FeaturesNPP Arrest show යෝෂිත "යෝ යෝ " කියන්නේ රාජපක්ෂලාට...

NPP Arrest show යෝෂිත “යෝ යෝ ” කියන්නේ රාජපක්ෂලාට හීලෑ නීතියටද..?

-

spot_img

NPP Arrest show – යෝෂිත රාජපක්ෂගේ උපන් ගම වූ බෙලිඅත්තටම ගොස් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආදරයෙන් රැගෙන යෑම ලංකාවේ මාධ්‍යයන් සහ මාධ්‍ය ප්‍රකාශකයින්ට අනුව විස්තර කෙරෙන්නේ “නීති විරෝධී ලෙස උපයාගත් ආදායම් වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.” යනුවෙනි.

මාධ්‍යයට නිකුත්ව ඇති ජායාරුප සහ වීඩියෝ දර්ශන වලට අනුව නම්, යෝෂිත රාජපක්ෂ “අත් අඩංගුවට” ගත් බවක් අපට දැනෙන්නේ නැත. “ඩුවල් ඒ.සී” වෑන් රථයක බොහොම පරෙස්සමෙන් කැඳවාගෙන ගොස්, කටඋත්තර දෙන ගමන් “යෝ යෝ ” එකක් දෙන පිංතුරයක් සමාජ මාධ්‍යයටද දමා, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස තුළ අධිකරණ කටයුතු නිමවා, රෑ දෙකක් ගෙවලා එන්නැයි බන්ධනාගාරයට යවා ඇත්තේ එදින සිකුරාදා දිනයක් වූ නිසා විය හැකිය.

මෙලෙසම 2016 වසරේ යහපාලන ආණ්ඩුවෙන්ද යෝෂිත රාජපක්ෂව බන්ධනාගාර සවාරියක් රැගෙන යන ලදී. තවද පසුගිය ජනවාරි 3 වෙනිදා පය දෙකකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු “විසිට්” එකක් ගොස් තිබිණි. එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන්ද කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගත් ප්‍රවෘත්තීන් අපට මතකය. ඒ සියල්ල බොහෝ සාමකාමී ය. සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු යෝෂිත රාජපක්ෂ සිනහමුසුව ඔසවා පෙන්වන ඇඟිලි දෙකෙන් කියනුයේ NPP ආණ්ඩුව කියන “සියල්ලට ඉහළින් ඇති නිතිය” රාජපක්ෂලාට කොතරම් හීලෑද යන්න නොවේද…?

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you