FeaturesNPP Arrest show යෝෂිත "යෝ යෝ " කියන්නේ රාජපක්ෂලාට...

NPP Arrest show යෝෂිත “යෝ යෝ ” කියන්නේ රාජපක්ෂලාට හීලෑ නීතියටද..?

-

spot_img

NPP Arrest show – යෝෂිත රාජපක්ෂගේ උපන් ගම වූ බෙලිඅත්තටම ගොස් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආදරයෙන් රැගෙන යෑම ලංකාවේ මාධ්‍යයන් සහ මාධ්‍ය ප්‍රකාශකයින්ට අනුව විස්තර කෙරෙන්නේ “නීති විරෝධී ලෙස උපයාගත් ආදායම් වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.” යනුවෙනි.

මාධ්‍යයට නිකුත්ව ඇති ජායාරුප සහ වීඩියෝ දර්ශන වලට අනුව නම්, යෝෂිත රාජපක්ෂ “අත් අඩංගුවට” ගත් බවක් අපට දැනෙන්නේ නැත. “ඩුවල් ඒ.සී” වෑන් රථයක බොහොම පරෙස්සමෙන් කැඳවාගෙන ගොස්, කටඋත්තර දෙන ගමන් “යෝ යෝ ” එකක් දෙන පිංතුරයක් සමාජ මාධ්‍යයටද දමා, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස තුළ අධිකරණ කටයුතු නිමවා, රෑ දෙකක් ගෙවලා එන්නැයි බන්ධනාගාරයට යවා ඇත්තේ එදින සිකුරාදා දිනයක් වූ නිසා විය හැකිය.

මෙලෙසම 2016 වසරේ යහපාලන ආණ්ඩුවෙන්ද යෝෂිත රාජපක්ෂව බන්ධනාගාර සවාරියක් රැගෙන යන ලදී. තවද පසුගිය ජනවාරි 3 වෙනිදා පය දෙකකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු “විසිට්” එකක් ගොස් තිබිණි. එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන්ද කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගත් ප්‍රවෘත්තීන් අපට මතකය. ඒ සියල්ල බොහෝ සාමකාමී ය. සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු යෝෂිත රාජපක්ෂ සිනහමුසුව ඔසවා පෙන්වන ඇඟිලි දෙකෙන් කියනුයේ NPP ආණ්ඩුව කියන “සියල්ලට ඉහළින් ඇති නිතිය” රාජපක්ෂලාට කොතරම් හීලෑද යන්න නොවේද…?

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you