NewsMelbourne භික්ෂුවකට එරෙහිව ළමා අපචාර චෝදනා

Melbourne භික්ෂුවකට එරෙහිව ළමා අපචාර චෝදනා

-

spot_img

Melbourne හි පිහිටි බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් වන නාඔටුන්නේ විජිත හිමියන් ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මෙල්බර්න්හි අධිකරණයකට ඉදිරිපත් කොට තිබේ. 1996 – 2004 කාලය තුළ සිදුවුයේ යැයි කියන මෙම සිදුවීමට සම්බන්ධව එම භික්ෂුන් වහන්සේට එරෙහිව පැමිණිලි තුනක් ඉදිරිපත්ව තිබු බව වික්ටෝරියා පොලිසිය පවසයි. දැරියන් තිදෙනෙකු අනිසි ලෙස ස්පර්ෂ කිරීම හිමියන්ට එරෙහිව එරට ළමා අපචාර විමර්ශන ඒකකය අධිකරණයට ගොනුකර ඇති චෝදනා බව අධිකරණ වාර්තා වල සඳහන්.

හිමිනමට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා අතර වයස අවුරුදු 16 ට අඩු දරුවෙකුට ලිංගික අතවර කිරීම, 16 ට අඩු දරුවෙකු සමඟ අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා 13 ක් ඇතැයි පවසන වික්ටෝරියා පොලීසිය ඉහත නම සඳහන් හිමිනම Keysborough විහාරස්ථානයේ සිටියදී මෙම සිදුවීම වූ බවට පැමිණිලි පාර්ශ්වය මෙම සතිය මුලදී පොලිසියට පැමිණිලි කර ඇති බව අධිකරණයට කරුණු දක්වා ඇත.

විහාරස්ථානයේ වෙබ් අඩවිය උපුටා දක්වන වාර්තාකරු,විජිත හිමියන් 1993 දී ඕස්ට්‍රේලියාවට පැමිණියේ Springvale හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ නේවාසික භික්ෂුව ලෙස බවත් පසුව උන් වහන්සේ 2001 දී Keysborough හි නව විහාරස්ථානය වෙත මාරු වී තිබෙන අතර සිංහල භාෂා පන්ති සඳහා සිසුන් සහභාගී වන එහි දහම් පාසලේ විදුහල්පතිවරයා ද විජිත හිමියන් බව සඳහන් කරයි.

Vijitha Thero

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විජිත හිමියන්ට ඇප ලබා දී ඇති අතර නඩුව සැප්තැම්බර් මස 10 වෙනිදාට කල් තබා තිබෙන බව මෙම ලිපිය ABC පුවත් වෙත ලියු අධිකරණ වාර්තාකරු ක්‍රිස්ටියන් සිල්වා සඳහන් කර තිබේ.

-ABC පුවත් ඇසුරෙනි-

Photo Credit: James Ross – AAP/Dhaham sarana Web

 

 

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you