NewsMelbourne භික්ෂුවකට එරෙහිව ළමා අපචාර චෝදනා

Melbourne භික්ෂුවකට එරෙහිව ළමා අපචාර චෝදනා

-

spot_img

Melbourne හි පිහිටි බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් වන නාඔටුන්නේ විජිත හිමියන් ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මෙල්බර්න්හි අධිකරණයකට ඉදිරිපත් කොට තිබේ. 1996 – 2004 කාලය තුළ සිදුවුයේ යැයි කියන මෙම සිදුවීමට සම්බන්ධව එම භික්ෂුන් වහන්සේට එරෙහිව පැමිණිලි තුනක් ඉදිරිපත්ව තිබු බව වික්ටෝරියා පොලිසිය පවසයි. දැරියන් තිදෙනෙකු අනිසි ලෙස ස්පර්ෂ කිරීම හිමියන්ට එරෙහිව එරට ළමා අපචාර විමර්ශන ඒකකය අධිකරණයට ගොනුකර ඇති චෝදනා බව අධිකරණ වාර්තා වල සඳහන්.

හිමිනමට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා අතර වයස අවුරුදු 16 ට අඩු දරුවෙකුට ලිංගික අතවර කිරීම, 16 ට අඩු දරුවෙකු සමඟ අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා 13 ක් ඇතැයි පවසන වික්ටෝරියා පොලීසිය ඉහත නම සඳහන් හිමිනම Keysborough විහාරස්ථානයේ සිටියදී මෙම සිදුවීම වූ බවට පැමිණිලි පාර්ශ්වය මෙම සතිය මුලදී පොලිසියට පැමිණිලි කර ඇති බව අධිකරණයට කරුණු දක්වා ඇත.

විහාරස්ථානයේ වෙබ් අඩවිය උපුටා දක්වන වාර්තාකරු,විජිත හිමියන් 1993 දී ඕස්ට්‍රේලියාවට පැමිණියේ Springvale හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ නේවාසික භික්ෂුව ලෙස බවත් පසුව උන් වහන්සේ 2001 දී Keysborough හි නව විහාරස්ථානය වෙත මාරු වී තිබෙන අතර සිංහල භාෂා පන්ති සඳහා සිසුන් සහභාගී වන එහි දහම් පාසලේ විදුහල්පතිවරයා ද විජිත හිමියන් බව සඳහන් කරයි.

Vijitha Thero

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විජිත හිමියන්ට ඇප ලබා දී ඇති අතර නඩුව සැප්තැම්බර් මස 10 වෙනිදාට කල් තබා තිබෙන බව මෙම ලිපිය ABC පුවත් වෙත ලියු අධිකරණ වාර්තාකරු ක්‍රිස්ටියන් සිල්වා සඳහන් කර තිබේ.

-ABC පුවත් ඇසුරෙනි-

Photo Credit: James Ross – AAP/Dhaham sarana Web

 

 

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you