InterviewsKangana Ranaut: විවාහක පිරිමියෙක් 'මගේ බිරිඳ මං ගැන සැළකිලිමත්...

Kangana Ranaut: විවාහක පිරිමියෙක් ‘මගේ බිරිඳ මං ගැන සැළකිලිමත් නෑ’ කියලා අඬ අඬා කියන කතාව බොරු

-

spot_img

Kangana Ranaut: ආකර්ෂණීයයි. මුරණ්ඩුයි මෙන්ම හිතුවක්කාරයි.ඇය විශිෂ්ඨ රංගන ශිල්පිනියක් බැව් අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඇය ජීවිත අත්දැකීම් තුලින් පාඩම් ඉගෙනගත් නිර්භය ගැහැණියක්. මේ, රංගනය, ප්‍රේමය, විවාහය සහ ලිංගිකත්වය ගැන Kangana Ranaut සමගින්(Filmfare සඳහා) සිදුකළ කතාබහක්.

• Manikarnika චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දී ඔබේ මුහුණට තුවාල සිදුවුණා. රංගන ශිල්පිනියකට පෙනුම ගොඩක් වැදගත්. ඔබට ඒ වෙලාවේ බය හිතුනෙ නැද්ද?

මගේ තුවාලවලට මැහුම් දමන්න වුනා. මූණෙන් ලේ ගැලුවා.මම ලේ වලට බයයි. ඒත් ඒ වෙලාවෙ මට බයක් දැනුනෙ නෑ. මට හිතෙන්නෙ මම ඒ වෙලාවෙ සිරුරෙන්, හැසිරීමෙන් රණශූරියක් වෙලා හිටියේ.
ඉතින් සැබෑ සටන් කැලැළක් ඉතිරි වීම සතුටක්. මං හිතන්නෙ ඇඳුම්, පැළඳුම්, බාහිර පෙනුමෙන් විතරක් රඟපාන චරිතයට පිවිසෙන්න උත්සාහ කිරීම ලැජ්ජාවක්.

• අපේ හදවතේත් කැලැල් තිබෙනවා.ඔබ හිතන්නෙ කවදමහරි ඒව සුව වෙනව කියල ද?

අපි හැමෝගෙම හදවත් තුළ කැලැල් තිබෙනවා.ඒවා රඳා පවතින්නෙ අපි අන් අය එක්ක ජීවත්වුන විදිහ මත.ඒවා ඔබ සතුටින් සිදුකළ දේවල්.ඉතින් මං හිතන්නේ එවැනි කැලැල් අපිට ජීවිතය කියාදෙනවා.

• ඔබ අභියෝගවලට ගොඩක් කැමතියි වගේ?

මං අසාමාන්‍ය දේවල් කරන්න කැමතියි. මගේ යොවුන් වියේදිත් මම එහෙම කළා. ඉදිරියටත් එහෙමයි. කලාකාරිනියක් විදිහට ප්‍රේක්ෂකයන් ට බලපෑමක් එල්ල කරන්න පුළුවන් චරිත රඟපාන්න මම කැමතියි.

• මං හිතන්නෙ ඔබ මුදල් සඳහාම වැඩ කළ කාලයකුත් තිබුණා?

මම සියලුම චිත්‍රපට කරන්නේ මුදලට තමයි. මුදලට වැඩ කරන්නේ නෑ කියන්නෙ බොරු කතාවක්. ඔබ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත නැතිනම් ඔබේ කීර්තියෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

• ඔබට නිතර නිතර චෝදනා එල්ල වෙනවා. ඔබ කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නෙ?

ඔවුන් එහෙම කරන්නේ මාව වට්ටන්න. මම ඒව ගැන එච්චර උනන්දු වෙන්නෙ නැහැ.

• ඔබේ වීරයා කවුද?

මම Swami Vivekanand ට කැමතියි. ඒත් මගේ වීරයා මම ම තමයි. ඒ වගේම සාමාන්‍ය මිනිස්සුන්ට, එදිනෙදා ජීවිතයේ තියෙන සාමාන්‍ය බවට මම කැමතියි. එවැනි චරිත රඟපෑම මට සාර්ථකත්වයක් ලබා දුන්නා.

Kangana

• සමාජය තුළ දී ගැහැණියක් ආරක්ෂා වෙන්න ඕනෙ කොහොමද?

ගැහැණුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය හැමතැනම ඉන්නවා. ඔබ ඔබේ ආරක්ෂාව ගැන වගබලා ගත යුතුයි. ඔබව හදන්න පුළුවන් අයෙකුටම තමා ඔබව කඩන්නත් පුලුවන් වෙන්නෙ. ඔබ ඒක මතක තියාගන්න ඕන.
අපි අපිට උපදෙස් දෙන අයගේ රූකඩයක් වෙන්න ඕන නැහැ. ඔබ කවුරුහරි මත යැපෙනවානං ඒ ඔබේ පියා මත හෝ ස්වාමිපුරුෂයා මත වෙන්න. අඩුම තරමේ ඔවුන් ඔබේ පවුලේ අය.

• ඔබ ගැන හඳුන්වන්න.

මට ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා. ජීවිතය අපි කාගෙන්වත් ණයට ගත් දෙයක් නෙමේ. මං ජීවිතය අත්විඳිනවා.

• ඔබට හැමදෙයක්ම ලැබී තියෙනවා. සාර්ථකත්වය, ධනය.. පිරිමියෙකුට ඔබට ලබා දෙන්න පුලුවන් මොනවද?

පවුලක බැඳීම. සහයෝගය. මම කැමතියි මගේ හොඳ වගේම නරක දවස් බෙදාගන්න පුළුවන්, විශ්වාසය තැබිය හැකි අයෙකුට. මට මම විය හැකි බැඳීමකට.

• පිරිමින් ඔබට බයයි මං හිතන්නේ?

ඕහ්,ඔව්. (සිනාසෙයි). ඒක මට හොඳ දෙයක් නං නෙමේ. මං බෝනික්කියක් වගේ ඉන්න කැමති නෑ. මගේ නිර්භීතකමට ගැහැණියක් විදිහට මගේ සරල බවට, මගේ හැඟීම් තේරුම් ගත් අයෙකුට මං කැමතියි. ඒත් මං හිතන්නෙ ගින්දරත් එක්ක සෙල්ලම් කරන අය අඩුයි.

• ඔබට ගොඩක් සබඳතා තිබුණා. හැම පිරිමියෙක් තුළම ඇති පොදු ලක්ෂණය මොකක්ද?

ආත්ම විශ්වාසය නැතිකම. අවිනිශ්චිත බව.

• සාර්ථක සහ ශක්තිමත් ගැහැණුන් පවා විවාහක පිරිමින්ගේ ඇමට අහුවෙනවා. එයට හේතුව මොකක්ද?

“සාර්ථක සහ ශක්තිමත්” කියන වචන දෙකට වඩා “තරුණ” කියන වචනය ගැළපෙනවා. ඔබේ තරුණ වියේදි විවාහක පිරිමියෙක් ‘මගේ බිරිඳ මං ගැන සැළකිලිමත් නෑ’ කියලා ඔබ ඉදිරියේ අඬ අඬා කියන කතාව ඔබ විශ්වාස කරනවා. මේ කතාව බොරු. නමුත් ගෑණු මේ උගුලට අහුවෙනවා. දැනටත් මට මේ දුක්ගැනවිලි අහන්න ලැබෙනවා. තාමත් මට සතුටින් ඉන්න විවාහකයෙක් මුණගැහිලා නෑ.

• ඔබ ආදරය සොයනවද?

මම ආදරය හා බැඳී සිටිනවා. ජීවිතයේ හැම දවසකම මං ආදරය කරනවා. කලාකාරියකට ආදරේ නොකර ඉන්න බැහැ. එය මැරෙනවා වගේ දෙයක්. ඔබ ආදරය නොකරනවිට ඔබේ නිර්මාණාත්මක බව නැතිවෙලා යනවා. ආදරයේ දී ඔබ කෙනෙකුට යටත් වෙනවා. එය ඔබේ හිත අවනත කරගෙන නැතිනම්, එය ඔබ තුළ ගින්නක් ඇතිකරන්නෙ නැතිනම්, එය ඔබව උමතු කරන්නෙ නැතිනම් එය ආදරය නෙමේ. ආදරය ඇබ්බැහියක්.

• සම්බන්ධතාවයක් තුළදී ලිංගිකත්වය විස්තර වෙන්නේ අතිශයෝක්තියෙන් ද?

නැහැ.මනුෂ්‍ය වර්ගයාගෙන් ලැබෙන සෑම ප්‍රබෝධයක්ම,උද්දීපනයක්ම එයට (ලිංගිකත්වයට) හිමිවිය යුතුයි.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you