InterviewsHailey Bieber එයාට මාව මතක හිටින හැඟීමක් දෙන්න ආසයි

Hailey Bieber එයාට මාව මතක හිටින හැඟීමක් දෙන්න ආසයි

-

spot_img

Hailey Bieber නිරූපිකාවක්, ව්‍යාපාරික කාන්තාවක් සහ මවක්. සුප්‍රකට වෙළඳ සන්නාමයක් වන Rhode (සම සුරැකීමේ නිෂ්පාදන) හි නිර්මාතෘවරිය ඇයයි. තම පෞද්ගලික ජීවිතය, YSL Beauty සහ විලාසිතා සන්නාමය වන Fila සමඟ කටයුතු කිරීම පිළිබඳ Harper’s Bazaar සමග පවසා සිටියා. 

Hailey Bieber

• මවක්, ව්‍යාපාරික කාන්තාවක් විදිහට “නිදහස” කියන දේ ඔබ හඳුන්වන්නෙ කොහොමද?

නිදහස කියන්නෙ පුළුවන් තරම් අව්‍යාජ විදිහට මගේ ජීවිතේ ගත කරන එක සහ මේ මොහොතේ මම කරන දෙයට අවංක වීම.

• ඔබ නිදහස් රාත්‍රියක් ගත කරන්නෙ කොහොමද? තනිවම හෝ සැමියා සමඟ රොමෑන්ටික් විදිහට ද?

මේ හැමදේම වෙන්න පුළුවන්. සෝෆා එකට වෙලා සනීපෙට ඉඳගෙන ෆිල්ම් එකක් හරි කැමතිම වැඩසටහනක් හරි බලන එක, මිතුරියන් එක්ක එළියට යන එක හෝ ආදරේ පිරුණු රාත්‍රියක් ගත කරන එක.

Hailey Bieber

• අතීතයේ ඉඳලා මේ වෙනතුරු සුවඳ පිළිබඳව ඔබගෙ ආශාවන් වෙනස්වෙලා තියෙනවද? මොන විදිහේ සුවඳ වර්ගවලට ද ඔබ ආකර්ෂණය වෙන්නෙ?

ඒ ආශාව වෙනස් වුණේ නැහැ. සුවඳ වර්ග මාව එක එක මතකයන්, අත්දැකීම් වලට ආයෙම අරන් යන එකට මම කැමතියි. මම ආදරය කරන සුවඳ විලවුන් කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි Libre. ඒක අපූරු සුවඳක්.

• ඔබ Libre වෙත ආකර්ෂණය වුණේ ඇයි?

Libre Flowers & Flames වල තියෙන්නෙ පොල්, තැඹිලි, මල් සහ වැනිලා මිශ්‍ර සුවඳක්. ඒකට ඔයාගෙ මූඩ් එක වෙනස් කරන්න පුළුවන්. මම කැමතියි දවස පුරාම තියෙන සුවඳකට .

Hailey Bieber

• ඔබ සුවඳ විලවුන් තෝරාගන්නේ කොහොමද? ඒවා මිශ්‍ර කරන්න කැමතිද? ඔබට ආවේණික විලවුන් වර්ගයක් තියෙනවද?

මට හොඳයි කියලා දැනෙන ඕනම දෙයක් මම පාවිච්චි කරනවා. නැවුම් හැඟීමක් ගෙන දෙන නිසා මම කැමතියි Libre Flowers & Flames ගාන්න. මගේ මූඩ් එකට ගැළපෙන්න සුවඳ වර්ග මිශ්‍ර කරලා ගාන්නත් මම දක්ෂයි.

• ඔබ Perfume පාවිච්චි කරන්නෙ කොහොමද?

මම ඒවා බෙල්ලට සහ මැණික් කටුවලට ඉසිනවා. ඊට පස්සෙ සුවඳ ගොඩක් වෙලා තියෙන්න ඇඳුම් පුරා ඉසිනවා. මම ඒවා දවසෙම ළඟ තියාගෙන ඉන්නෙ. කෙනෙක් ළඟට යනකොට එයාට මාව මතක හිටින හැඟීමක් දෙන්න මම ආසයි. ඉතින් Libre Flowers & Flames මට ඒ සඳහා උදව් කරනවා.
Hailey Bieber
Screenshot

• මේ සුවඳ වගේ දැනෙන නිවර්තන කලාපීය තැන්වලට කැමතියිද?

අනිවාර්යයෙන්ම. මට රිලැක්ස් වෙන්න පුළුවන් ඕනම දූපතකට හෝ බීච් එකක නිවාඩුවකට යන්න මම ආසයි. මගේ සමට ඉර එළිය දැනෙන එකට වගේම වතුරට බැහැලා ඉන්න ලැබෙන එකට මම ගොඩක් ආසයි. ඒක මාව ප්‍රබෝධමත් කරනවා.

• නිදහසේ ජීවත් වෙන්න සහ මතක හිටින සුවඳක් වෙන්න Libre ඔබට උදව් කරන්නෙ කොහොමද ?

මට නම් Libre කියන්නෙම නිදහස් හැඟීමක්. නිර්භීතකම, ස්වාධීනත්වය සහ නිර්මාණශීලිත්වය තෝරා ගන්නත් ඒ දේවල් පාවිච්චි කරන්නත් Libre මාව පොලඹවනවා. හැම දවසකම මම එය ගල්වනකොට මට ඒ දේවල් අලුතින් සිහිපත් වෙනවා. මම හිතන්නෙ ඒක අපි හැමෝටම ඕනෙ කියලා.

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you