ArtGothika ඔබට පිස්සු කියලා හිතන අයව විශ්වාස...

Gothika ඔබට පිස්සු කියලා හිතන අයව විශ්වාස කරන්න එපා.

-

spot_img

Gothika (2003) – “විශ්වාසය” යනුවෙන් යමක් පවතිනවාද? එසේ පවතියි නම් අපට විශ්වාස කළ හැකිවන්නේ කවුරුන්වද? අපේ සමීපතමයන්ව ද?

නැහැ!

තමන් විසින් තමා ගැනම විශ්වාසයෙන් කටයුතු කරනවා හැරෙන්නට අපිට අන් අය කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේ නැහැ.

තරුණ මනෝ වෛද්‍යවරියක් වුන Miranda Grey ජීවත්වුනේ Connecticut ප්‍රදේශයේ. රැකියාව නිම වීමෙන් පසුව එක්තරා රාත්‍රියක ඇය තම මෝටර් රථයෙන් නිවස වෙත පැමිණෙමින් සිටිනවා. පාර මැද තනිවම තරුණියක් සිටගෙන සිටිනු දකින Miranda ඇයව තම මෝටර් රථයේ ගැටීම වළකා ගැනීමට සිදුකරන උත්සාහයේදී Miranda ගේ රථය අනතුරට පත්වෙනවා.

Gothika

දිගු නින්දකට පසුව ඇය අවදිවෙනවා. ඒත්..ඒ හුරුපුරුදු තැන නම් නොවෙයි. මේ තමාට හුරුපුරුදු තම නිවසේ සුවපහසු ඇඳ නෙවේ. මේ රෝහල් වාට්ටුවක්. ඇය කලබලෙන් වටපිට බලනවා. මේ තමන් සේවය කරන මානසික රෝහලේ වාට්ටුවක්. ඇයි තමන් රැඳෙවියෙකුගේ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ? මෙන්න එනවා …ඇගේ වෘත්තිය සගයා,වෛද්‍ය Pete Grahan. ඔහු එන්නේ ඇයට ප්‍රතිකාර කරන්න.

තමා සේවය කළ රෝහලේම රැඳෙවියෙකු ලෙසින් ප්‍රතිකාර ගන්නට ඇයට සිදුවුනේ ඇයි? චෝදනාව බරපතළ එකක්.

Miranda Grey විසින් තම සැමියා වූ Douglas ව පොරවකින් කපා කොටා ඝාතනය කර දමා තිබුනා. ඇය මේ බැව් දැනගන්නේ වෛද්‍යවරුන්ගෙන්. නැහැ!. තමන් කොහොමද එහෙම දෙයක් කරන්නේ? ඇය ඔහුට මොනතරම් ආදරය කළාද? ඔවුන් හරිම සතුටින් ජීවත් වුනා.

ඇය උමතුවෙන් ද?

Gothika

තමා රිය අනතුරකට පත් වූ ඒ රාත්‍රිය ගැන Miranda සිහි කරනවා. මෙතැන විශාල පටලැවිල්ලක්,අබිරහසක් හෝ වෙනයම් දෙයක් ඇතිවග ඇයට තේරුම් යනවා. එදා රාත්‍රියේ නෙත ගැටුන දැන් දැන් තමාගේ දෑස් ඉදිරියේ නිරතුරුවම මැවෙන ඒ තරුණිය කවුද? තමා හෝ වෙනයම් අයෙක් Douglas ව ඝාතනය කළා නම් එයට හේතුව කුමක් ද?

ඔවුන් ඇයව රැඳෙවියෙකු කර,මෙහි සිරකොට,ආරක්ෂාව දමා ඇයට ප්‍රතිකාර ලබාදෙන්නට පටන් අරන්. ඉතින්,ඔවුන් ඇය කියන දේවල් පිළිගනියි ද?

you can’t trust somebody who thinks you’re crazy.

ඔබට පිස්සු කියලා හිතන අයව කොහොමටවත් විශ්වාස කරන්න එපා.

කාන්තාවක් චිත්‍රපටයක ප්‍රධාන චරිතය වුනාම,කතාව මෙහෙයවන්නෙ ඇය වුනාම ඒකෙ තියෙනවා හරි අපූර්වත්වයක්. ඇය ඇය ගැනම පමණක් විශ්වාසය තබා පරිස්සමින් ඉදිරියට යනවා.

Gothika (2003) ඔබ නොසිතන ආකාරයේ අවසානයක් කරා ඔබව රැගෙන යන අපූර්ව අත්දැකීමක්. Supernatural Horror /Psychological Thriller ගණයට අයත් මෙය Mathieu Kassovitz ගේ අධ්‍යක්ෂණයක්. Miranda Grey ලෙසින් Halle Berry ගේ රංගනය විශිෂ්ඨ එකක්. ඇය සමගින් Robert Downey,Penilope Cruz සහ Charles S.Dutton ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Gothika

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you