NewsEpidemiological diseases ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩිම බස්නාහිර පළාතේන්

Epidemiological diseases ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩිම බස්නාහිර පළාතේන්

-

spot_img

Epidemiological diseases – පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝග වැඩි වශයෙන් පැතිරෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන විට හැකි බවත්, ඒ අනුව උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය ඇතිවිය හැකි බවත් ඔහු පවසා සිටියා.

මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

චිකුන්ගුන්යා රෝගය වැළඳීමෙන් පසු ඇතැම් රෝගීන්ට දීර්ඝ කාලීනව පවතින හන්දි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බවද, ඒ සඳහා ද නිසි ප්‍රතිකාර කළ යුතු බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන ලෙසට විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

 

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you