Newsවාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

-

spot_img
  1. වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට 2.5 කින් ඉහළ යෑම හේතුවෙන් පසුගියදා (01)   සිට වෙළඳපොලේ ආනයනික වාහන මිල ඉහළ ගොස් ඇතැයි අනුමාන කෙරේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසන පරිදි බදු ඉහළ යෑමත්, විදෙස් විනිමය අනුපාතවල සිදුවන හදිසි වෙනස් වීම් හේතුවෙනුත් වාහන වෙළඳපළේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයකම මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව වෙසෙල් රුපියල් ලක්‍ෂ 300,000කින් සහ ටොයොටා රේස් රුපියල් 250,000කිනුත්, සුසුකි වැගන්ආර් රුපියල් 150,000කින් පමණ මිල ඉහළ යා හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා, වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරටේ ගැනුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය වාහන මාදිලි කිහිපයකම මිල ආසන්න වශයෙන් මෙයාකාරයට ඉහළ යනු ඇති බවයි.

අපේ රටේ තවමත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ වාහන වෙළඳපොළ තුළ මෙසේ  මිල ඉහළ යෑම අපේ රටේ වාහන ගැනුම්කරුවන්ට දරා ගැනීම අපහසු නිසා ඉදිරියේදී වාහන වෙළඳපොළ තුළ ඉල්ලුම නොසිතූ ලෙස පහත වැටිය හැකි බවට ආනයනකරුවෝ සඳහන් කර සිටිති.

ධාරා අබේනායක විසිනි.

Latest news

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද?

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද? පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු කටයුතු...

TIN එකක් අරන් හිඟා කමු

TIN එකක් අරන් හිඟා කමු දේශපාලනය යනු පුදුමාකාර රංග පීඨයකි. එහි රඟපාන නළුවන් වේදිකාවේ වමට කැරකෙන විට කියන කතා, දකුණට...

හිස් බෝතල් හිඟය සහ බේබද්දා වැනෙන හේතු

හිස් බෝතල් හිඟය සහ බේබද්දා වැනෙන හේතු ලංකාවේ මත්පැන් මිල මෑතකදී නැවත වතාවක් ඉහළ ගියේය.  සාමාන්‍යයෙන් මිලක් වැඩි වූ සැනින්...

ආණ්ඩුවේ කසකාරයා නන්දලාල්ද ?

ආණ්ඩුවේ කසකාරයා නන්දලාල්ද ? ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ, "ජනතාව...
- Advertisement -spot_img

සැමියාට අමතරව පෙම්වතෙකුත් ඉන්න නිළියක්

සැමියාට අමතරව පෙම්වතෙකුත් ඉන්න නිළියක්  - Sydney Sweeney Euphoria, Anyone but You වැනි නිර්මාණ හරහා ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත්...

ආණ්ඩුවේ කසකාරයා නන්දලාල්ද ?

ආණ්ඩුවේ කසකාරයා නන්දලාල්ද ? ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ, "ජනතාව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you