NovelsRath Dothaluරත් දෝතළු - 75

රත් දෝතළු – 75

-

spot_img

රත් දෝතළු – 75

කළබල වීමට තරම් දෙයක් නොමැත. විශාකා මහත්මිය විහඟ අමතා තිබුණේ සැමියා දින කීපයකින් නිවසට නොආ බව කීමටය. ඈ තැතිගැන්මට පත්ව සිටියාය.

“ඔයා මේ ගැන මොනවාහරි නොදන්නවා වෙන්න බැහැ බිග් බ්‍රෝ…?”

විහඟ අහස් දෙස බලාන සිටියේ ඔහු පිළිතුරක් දෙන තුරුය.

“තාත්තා හොඳින් ඉන්නවා…”

අහස් කල්මරමින් හිඳ කීය.

“තෑන්ක් ගෝඩ්… ඔය ටික කියන්නද මෙච්චර වෙලා තෙපරබෑවේ… මොකෝ වෙලා තියෙන්නේ…?”

විහඟ විත් අසුනක හිඳගත්තේ කුහුල් සිතිනි. මම නැඟිට පිටතට ඒමට සූදානම් වන විට අහස්ද නැඟී සිටියේ අත්‍යාවශ්‍ය යමකට පිටතට යෑමට ඇති නිසා විනිෆ්‍රීඩා මහත්මියගෙන් අසාගන්නා ලෙස පවසමිනි. මම ඉස්තෝප්පුවෙන් මිදුලට ආවෙමි. සුළඟට ගිලිහුණු ඉද්ද මලක් අසුලාගෙන මම එය නටු අඟින් අල්ලා ඇඟිලි තුඩු වලින් කැරකුවෙමි. රූම් පෙත්තක් සුළඟට කැරකෙන ලෙස මල කැරකෙන විට මට අපේ ළමා කාලය සිහිවිය. රූන්පෙති සාදාගෙන වෙල දිගේ දිවගිය අතීතය අද සිහිනයක් මෙනි. එය නැවත උදා නොවන සිහිනයකි. අතීතයට දිව යා හැකි නම්? සමහරතැන් වල නැවතී එම ජීවිතය තවත් වතාවක් සිත්සේ විඳගනිමි. නමුත් එවැන්නක් සිදු නොවේ. මා මුවින් සුසුමක් පිට විය.

“මොකද මෙතන්ට වෙලා හූල්ලන්නේ…?”

මා පසුපසින් ඇසුණු හඬින් තිගැස්සී මම ආපසු හැරී බැලීමි.මොහොතකට මට සිතුණේ ඒ අහස් කියාමුත් මා සවන් මා රවටා තිබිණි.

“හීල්ලුවේ නැහැ විහඟ සර්…”

පහත් හඬින් මම කීවෙමි.

“හ්ම්ම්… එකාතකට ඉතින් දැන් හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ…”

ඔහු ඇනුම්පදයක් එල්ලකළද එය මට නොවැටහිණි.

“ඒ මොකද විහඟ සර්…?”

“ඔයාට ඉතින් මොකුත් තේරෙන්නේ නැහැ… ඔක්කොම තේරුම් කරවන්න ඕන…නේ…?”

“සර් ළඟම උත්තරත් තියාගෙනනේ සර් මගෙන් ප්‍රශ්න අහන්නේ…”

“ප්‍රශ්න අහන්නේ මම වුණාට… ඒකට උත්තරේ තියෙන්නේ ඔයා ළඟ…”

“මොකක්ද සර්…?”

“මොකක්ද අහන්නේ… ප්‍රශ්නෙද…?”

මම හිස සැළීමි.

“මෙතන්ට වෙලා හූල්ල හූල්ලා ඉන්නේ අහස් සර් ගැන හෝප්ස් තියන් ඉඳලා තේරුමක් නැහැ කියලා තේරිලා නිසාද…?”

මම තිගැස්සී ගිය අතර විහඟ සිටියේ උපහාසය රැඳි සිනහවකින් මා දෙස බලනය.

“හෝප්ස්…?”

“ඔව්… තමුන් එයාට ගොඩාක් ආදරෙයිනේ නේද…? මට අන්න ඒකට නම් අවංක උත්තරයක් ඕන…”

“ඒ…ඒ… ඇයි… විහඟ සර්…?”

මා සිටියේ සිත යටින් වූ කැළඹීමෙනි. ඒ බව ඔහුට වැටහුණා වන්නට ඇත.

“මොනවා හරි ඇහුවම ඒකට උත්තර නොදී හැමවෙලේම හැයි සර් හැයි සර් ගාන්නේ නැතුව අහපු දේට උත්තර දෙනවා අරවින්දි…?”

ඔහු කතා කළේ කෝපයෙන් නොවුවද නොමනාපයෙනි.

“ඉතින් මම ඇහුවේ එහෙම අහන්න හේතුව මොකක්ද කියලනේ…”

“හේතුව…! හේතුව තමා මට මගේ වාහනේ වෙන පාරකට හරවගන්න… තමුන් පාර වහන් බලන් ඉන්නවා අහස් ඒ පාරේ එයි කියලා… මං බලන් ඉන්නවා තමුන් මට පාර අරියි කියලා… ඒත් ඒක සිද්ධ වෙන්නෙ නැහැනේ… අන්න ඒ නිසායි… දැන්වත් මට ඇත්ත කියනවද…?”

මේ පැනයෙන් නම් මට මඟ හැර යන්නට නොහැකිය. විහඟ බලා සිටින්නේ මා පිළිතුරක් දෙන තුරුය.

“ඔව්…සර්… අහස් සර් වෙනුවෙන් මං පාර වහන් බලන් ඉන්නවා… වෙන කෙනෙක්ට ඒ පාරේ යන්න ඉඩක් නැහැ…”

ඔහු මඳහසක් මුවේ තවරාගෙන මා දෙස බලා හිඳියි.

“හොඳයි… හැබැයි… අරවින්දි… එක දෙයක් තියනවා…”

“ඒ මොකක්ද සර්…?”

“ඔයා ඇත්තටම එයාට ආදරේනම්… මේ කරන්න යන දෙයින් එයාව වළක්වන්න… එයාට ආදරේනම්… එයාව දිනාගන්න උත්සහ කරන්න… ඔහොම අත් දෙක බැඳගෙන හූල්ලා හූල්ල ඉඳලා ඔයාට වෙන්නේ මොකක්ද දන්නවද… මුළු ජීවිතේම පසුතැවී තැවී ඉන්න තමා…”

මේ වෙනදා කතා කරන විහඟ නොවේ. ඔහු මෙසේ කීවේ විහිළුවට නොවේ. ඒ නිසා එම කතාව මා සිතට වඩාත් තදින්ම දැනිණි.

“ඒත්…ම…මං මොනවද කරන්නේ විහඟ සර්…?”

“ඒක මං දන්නේ නැහැ… ඔයාම හිතන්න… ඔය මායම් හැටහතරෙන් එකක් දලා බලනවා… බැරිවෙන එකක් නැහැ… එහෙම නැතිවුණොත් ඉතින්… මට ඔයා ගැන අලුතින් හිතන්න වෙනවා… එදාට ඔයාට බැරිවෙයි මාව රිජෙට් කරන්න… දැනට මං පාරෙන් අයින්වෙනවා… හැබැයි මතක තියාගන්න… හැමදේම තීරණය වෙන්නේ තමුන්ගේ දක්ෂතාවය මතයි…”

ඔහු එය කීවේ දැඩි හඬකිනි. එය විජිළුවක් නොවන බව මට වැටහිණි.

“ම…මට හිතාගන්න බැහැ සර්…”

“හිතන්න… ඔයා ඇත්තටම එයාට ලව් නම්… එයා වෙන කෙනෙක් එක්ක යනවා බලන් ඉන්න පුළුවන්ද…?”

“බැහැ…”

මම වහා කීවෙමි.

“ඒකනේ… මං කියන්නේ… ඉක්මනට තීරණයක් ගන්න වෙයි… මං හෙට යූ කේ යනවා… ටික කාලෙකට එන්න වෙන එකක් නැහැ… හොඳ දෙයක් වෙයි කියලා මං බලාපොරොත්තුවෙනවා…”

විහඟ මා අසලින් සමුගත්තේ එසේ කියමිනි.
————————————————————————————————————————————————————-
නිවසින් ඇමතුමක් එනවිට මා සිත තැතිගත්තේ හදිසියක් නොවේ නම් මේ අවේලාවේ කිසිවෙකු මා නොඅමතන බව දන්නා නිසාය.

“ලොක්කාක්කේ…”

නංගීගේ හඬ මා සිතේ බියක් ඇතිකරලීය.

“චූටි මේ වෙලේ… ඇයි හදිසියක්ද…?”

“ඉන්න… අම්මා ඉන්නවා…”

අම්මා එයට අමතන්නට ගතවන්නට ඇත්තේ තත්පර කීපයක් වුවද මා සිත ගැහුණේ ඊටත් වේගයෙනි.

“ලොකු දුවේ…”

අම්මාගේ හඬේ වූයේ ඉතා වෙහෙසකර බවකැයි කියා මට සිතිණි.

“අම්මේ… ඇයි සනීප නැත්ද…?”

“මට නෙවේ ළමයෝ… තාත්තාට ආයේ අසනීප වුණා… මේ දැන් තමා ඉස්පිරිතාලේ නවත්තලා ඇවිත් ගෙට ගොඩවුණේ…”

“ආයේමත් අසනීපවුණාද…?”

“ඔව් ලොකු දුවේ… මේ ටිකේම වහිනවා… සීතලටද මන්දා…”

“මං එන්නම්…”

“අනේ ලොකු දුවේ… නිවාඩු තියනවද… ඔයා කරදරවෙන්න ඕන නැහැ… දැන් එන්න වෙලාවකුත් නැහැ… මේ හැන්දෑ වෙලාවේ තනියම බස් වල එන්න එපා…”

වෙලාව සවස තුනට ආසන්නය. අම්මා කියන්නාක් මෙන් දැන් සූදානම්ව යෑමට කාලය මදිය. කෙසේ නමුත් මුලින් විනීෆ්‍රීඩා මහත්මියට දැනුම්දිය යුතුය. මම ඇගේ කාමරයට පැමිණියේ ඈ සොයා මුත් ඈ එහි නොවූවාය. ඈ ආලින්දයේ අහස් සමඟ කතාබහක සිටිනු මම දුටිමි. ඉරු දිනක් වූ බැවින් ඔහුද නිවසේ සිටියි.

“අරවින්දි… එන්න… මොනවා හරි කියන්නද ආවේ…?”

විනිෆ්‍රීඩා මහත්මිය මා විමසනවිට මට පිටුපා හිඳ සිටි අහස්ද ගෙල හරවා මදෙස බැලීය.

“ඔව්… මැඩම්… තාත්තා හොස්පිටිල් ඇඩ්මිට් කරලා කියලා අම්මා කෝල් කළා… මම උදෙන්ම යන්නද…?”

“ඇයි ළමයෝ… ආයේ අර වීසින් එකද…?”

ඈ විමසුවේ කළබලයෙනි.

“ඔව්.. මැඩම්…”

අහස් අසුනින් නැඟී සිටියේ එවිටය.

“හෙට වෙනකල් ඉන්න ඕන නැහැ… ඔයා ලැහැස්තිවෙන්න අරවින්දි… මං ගිහින් ඇරළවන්නම්… දැන්ම ගියොත් හයට කලින් ගිහෑකි… නේද සුදු මම්මා…?”

ඔහු කී දේ තේරුම් ගැනීමට බැරිව මෙන් මම මොහොතක් බලාසිටියෙමි.

“සර්… ඒත්…”

“යන්න ළමයෝ… පුතා ඇරළවයි…”

මම තවත් බලා නොසිට වහා සූදානම් වීමට දිව ආවෙමි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දෝතළු – 73

රත් දෝතළු - 73 මා සිතූ සේම විශාකා මහත්මිය දොස් පැවරුවේ විනීෆ්‍රීඩා මහත්මියටය. ඈ නම් හිතක් පපුවක් නැති ගැහැණියකය. "දරුවෝ අද...

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you