NovelsRath Dothaluරත්දෝතළු - 74

රත්දෝතළු – 74

-

spot_img

රත්දෝතළු – 74

ඔවුන්ගේ කතාබහට සවන් දීමේ වුවමනාවක් මා තුළ නොවුවද මම වෙන කළ හැකි යමක් නොවූ නිසා නිහඬව මගේ කාර්යයේ නිරතවීමට උත්සාහ කළෙමි.

“අනේ අහස්… ප්ලීස්…”

රොසෑන් පිංසෙණ්ඩුවන්නට වූවාය.

“තමුන්ට කියන්න රහස් තියෙන්න බැහැනේ… කියන මඟුලක් කියලා යනවා… මගේ ඉවසීම නැති නොකර… තමුන් මෙතන හිටපු කාලෙත් හොඳටම වැඩියි… රෙද්දක් ඇඳන් එන්නවත් පුළුවන් වුණේ කොහොමද… ලැජ්ජාවක් නැහැ කියලා දැනන් හිටියාට… මෙච්චර නැහැ කියලා දැනන් හිටියේ නැහැ…”

ඔහුගේ හඬට කෙමෙන්, කෙමෙන් කෝපය එකතුවෙමින් තිබිණි.

“ඔයා මට බනින එක සාධාරණයි අහස්…”

“මොන මඟුලටද ආවේ…?”

මේසයට තදින් පහරක් ගසමින් ඔහු අසන විට මමද තිගැස්සී ගියෙමි. මේ තරම් නින්දා විඳගෙන ඈ ඔහු පසුපස කුමකට එනවාද කියා මට නම් සිතා ගන්නට නොහැකිය. තමුන්ව මෙසේ පිළිකුල් කරන මිනිසෙකු ඉදිරියේ මෙසේ වැඳවැටෙන්නේ නම් නිකමට විය නොහැකිය.

“අනේ… අහස්… ඔහොම කතාකරන්න එපා… මට අනුකම්පා කරන්න…”

“ඇයි… මොන එහෙකටද මං තමුන්ට අනුකම්පා කරන්නේ…?”

“මං කියන එක ටිකක් අහන්න ප්ලීස්… මට කතාකරන්න දෙන්න…”

එහි පැවතියේ තරමක නිහැඬියාවකි.

“මට ආරංචි වුණා ඔයා ඇඩ්වර්ටීස්මන්ට් එකක් දැම්මා කියලා…”

“ඔව්.. ඉතින්… තමුන්ට මොකක්ද ඒකෙන් ඇතිවැඩේ…?”

“මං ආවේ ඒ ගැන කතාකරන්න අහස්…”

“ඒ ගැන මොනාද තමුන්ට මා එක්ක කතාකරන්න තියෙන්නෙ…?”

“මාත් ආසයි අහස් දරුවෙක්ට…”

“ඉතින් ඒක තමුසේ ගිහින් තමුන්ගේ කසාඳ මිනිහට කියනවා… මෙතන මා එක්ක මොනවා කතාකරන්නද….? මං වී. ඕ. ජී නෙවේනේ…”

“අනේ අහස්…”

රොසෑන් හඬන්නට වූවාය. ඈ මෙහි පැමිණි අරමුණ මට නම් දැන් පැහැදිළිය.

“නවත්තගන්නවා තමුසෙගේ අඳෝනාව… ඔය කිඹුල් කඳුළුවලට රැවටෙන්න මං මෝඩයෙක් නෙවේ කියලා කලිනුත් කිව්වානේ… තමුසේ මොනවද හිතුවේ… කරපු ජරා වැඩ දැනගත්තාම මං මෙන්ටලි වැටෙයි කියලද හිතුවේ… බලු වැඩ වලට සමාව දීලා ආයේ මං ළඟට ගනියි කියලා හිතුවද…?”

“අනේ නැහැ අහස්… එහෙම දෙයක් නෙවේ… මං මෙහෙම ඔයාට කතා කරන එක වැරදියි… අනේ මාව තේරුම්ගන්න… මං වැරදියි තමා… ඒත් ඔහොම චෝදනා කරන්න එපා…”

“එහෙනම්… මං තමුසෙව හරහට දාලා නළවන්නද…?”

“අනේ… අහස්… ප්ලීස්… අපි මැරුකරලා අවුරුදු හතරකට වැඩියි… එයාට දැන් වයස නිසා දරුවෙක් හදන්න බැහැ… ම… මං ආසයි දරුවෙක් හදන්න… ඔයා… ඔයා එක්ක…”

අහස් හිඳ සිටි කැරකෙන පුටුව වේගයෙන් ගොස් බිත්තියේ වදින හඬින් මම තිගැස්සී ගියෙමි. හිඳ සිටි අසුනින් මට නැගිටුණේ ඉබේමය. ඔහු වටෙන් කැරකී රොසෑන් ඉදිරියට ආවේ ඇසිල්ලකිනි. ඇයව බාහුවෙන් ඇද නැඟිටුවා ගත් ඔහුගේ දෑස් වල වූයේ ගිණි පිටවන බැල්මකි.

“දඩාවතේ යන බැල්ලියෙක් එක්ක ලඟින්න මං බල්ලෙක් කියලා හිතුවද… බැහැපිය එළියට…”

ඔහු ඇයව තල්ලි කර දැමූ වේගයට ඈ ගොස් බිම ඇදවැටුණාය.

“අ…හ…ස්…”

වහා නැඟී සිටි ඈ කෑ ගැසුවේ වියරු හඬකිනි.

“උඹ මට එහෙමද කතා කරන්නේ…?”

මහා හඬකින් ඈ කෑගැසුවාය. මෙතෙක් ඈ දමාගෙන සිටි වෙස් මුහුණ ගැළවී ඇගේ සැබෑ ස්වරූපය ඉස්මතු විය.

“මං උඹව නැතිකරනවා… මාව මෙහෙට ගෙන්නගෙන මාව රේප් කරන්න හැදුවා කියලා මං නඩු දානවා…”

ඈ තර්ජනාත්මක හඬින් කියනවිට අහස් උස් හඬින් සිනහසුණේය.

“රේප් කරන්න උඹව… උඹේ රේප් කරන්නවත් දෙයක් ඉතුරු වෙලා තියනවද…?”

“අ…හා…ස්…”

“ෂටප්… උඹ හිතන් ඉන්නේ මං මෝඩයෙක් කියලද…?”

ඈ අසලට තවත් ළං වූ ඔහු ඇගේ මුහුණට එබුණේ තර්ජනාත්මක බැල්මක්ද සමඟය.

“බලපන් ඇස් ඇරලා… මෙතන හතර වටේම කැමරා… උඹ ආව වෙලේ ඉඳන් මගේ ෆෝන් එකේ වීඩියෝ ඕන්…”

මට මේසය මත වූ ජංගම දුරකථනය දෙස බැලිණි. එය කෙළින් සිටුවා තිබුණේ කුඩා මල් බඳුනට බරකරය. රොසෑන්ද බියෙන් වටපිට බලන්නට වූවේ තැතිගත් බවක් පෙන්වමිනි.

“නඩු දාපන් රොසෑන්… උඹේ වීඩියෝස් ගොඩක් මං ගාව තියනවා… උඹ සෙල්ලම් කළේ වැරදි මිනිහා එක්ක…”

“අනේ අහස්…”

ඇයව බාහුවෙන් ඇදගත් ඔහු පිටතට කැඳවාගෙන ගොස් ආරක්ෂක නිලධාරියා අමතන හඬ මට ඇසිණි. අහස් ඔහුටද දොස් පවරන හඬ මා සවනට ගලා ආවේය. ඔහු යළි පැමිණ ජංගම දුරකථනයත් රැගෙන පිටතට ගියේය. බොහෝ වේලාවක් වනතුරම එහි පැවතියේ දිගු නිහැඬියාවකි. රොසෑන් යනු හැපින්නක් බවට තවත් සාක්ෂි වුවමනා නැත.
————————————————————————————————————————————————————-
“අනේ මන්දා පුතේ… මේ ප්‍රශ්න කවදා ඉවරයක් වෙයිද කියලා…”

සිදුවන දේවල් පිළිබඳව විනීෆ්‍රීඩා මහත්මිය සිටියේ සිත් වේදනාවෙන් මෙන්ම බලවත් කලකිරීමෙනි. මේ සියල්ල ඇයට මානසික පීඩාවක් බවට සැකයක් නැත. රොසෑන් පැමිණගිය දිනම සවස පැමිණි විශාකා මහත්මිය අහස්ට දොස් පවරා පිටව ගියේ සියලු වැරදි ඔහු පිට පටවමිනි.

“සුදු මම්මා කලබළ නොවී ඉන්න… මේ හැමදේම ඉක්මනට ඉවරවෙනවා…”

“මේ ගෑණි අපි හැමෝටම හිසරදයක් වුණානේ පුතේ…”

“මේවට වගකියන්න ඕන අම්මා… රොසෑන් අම්මව ඉත්තෙක් කරගෙන ඉන්නේ…”

“ඔව්… එයා තොත්ත බබා…”

අවඥාවෙන් මෙන් විනීෆ්‍රීඩා මහත්මිය කීවාය.

“තව දෙයක් තියනවා සුදු මම්මා…”

“ඒ මොකක්ද පුතේ…?”

ඈ වඩාත් වුවමනාවෙන් විමසුවාය.

“අම්ම රොසෑන්ගෙන් සල්ලි වගයක් ණයට අරන් තියනවලු… සැරෙන් සැරේ… දැන් ඒක ලොකු ගාණක් වෙලා…”

“ලොකු ගාණක්ද පුතේ…?”

“සැරෙන් සැරේ ටික ටික අරන් තියෙන්නේ… දැන් ලක්ෂ පහළොවකට වැඩියිලු…”

“දෙවියනේ…! එච්චර ගානක්…!”

විනීෆ්‍රීඩා මහත්මිය කෑ ගැසුවේ මවිතයෙනි.

“ඒක නෙවේ සුදු මම්මා හොඳම වැඩේ… එයා ඒ සල්ලිවලට හිලව්වට තමා මාව රොසෑන්ට බන්දන්න හදලා තියෙන්නේ… රොසෑන් ඒ සල්ලි අහලා තියනවා අම්මලාව මුණගැහුණ වෙලේ… එතකොට තමා අම්මා ආයේ රොසෑන්ට ලංකාවට එන්න කියලා තියෙන්නේ…”

මම පුදුම වූයෙමි. අම්මා කෙනෙකුට මෙවන් දෙයක් කළහැකිද..? මෙය මුදලට දරුවන් පාවදීමක් නොවන්නේද…? පිළිකුළක් මා සිතේ ඇතිවිය.

“මේ ගෑණිව උල තියලත් මදි… තමන්ගේම දරුවන්ව බිල්ලට දෙනවද… කොහොමද පුතේ මේවා දැනගත්තේ…?”

“තාත්තා කිව්වේ සුදු මම්මා… එයාට ඇහිලා අම්මා රොසෑන් එක්ක කතාකරනවා… එයා අම්මට කෑ ගහලා බැනලා අහන් තියෙන්නේ… ඒ විතරක් නෙවේ සුදු මම්මා… දැන් තාත්තා ඉන්නේ අපේ අර රෙන්ට් කරලා තිබුණු ගෙදර… අම්මව දාලා ගිහින් එයා…”

“මොනවා පුතේ… මෙච්චර දෙයක් වෙලත් අපි දන්නේ නැහැනේ…”

“තාත්තා අම්මගේ ක්‍රෙඩිට් කාර්ඩ් සේරම කැන්සල් කරලා ඩ්‍රයිවර්වත් ගෙදර යවලා… උයන්න ඉන්න කෙනා විතරලු ගෙදර ඉන්නේ… කාර් එකේ යතුරත් අරන් ගිහින්.. ශත පහක් දෙන්නේ නැහැ කිව්වලු…”

“තාත්තාට පහුවෙලා හරි මදෑ මොළේ පෑදුණා… ඕවා කරන්න තිබුණේ මීට අවුරුදු ගාණකට කලින්…”

විහඟ ඒ මොහොතේ අප අතරට කඩා වැදුණේ කලබළයෙනි.

“බිග් බ්‍රෝ… අම්මා කෝල් කළා…”

ඔහු කලබලයෙන් පවසන විට කුමක් හෝ දෙයක් සිදුව ඇතැයි කියා බියක් මා සිතේ ඇතිවිය.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

රත් දොතළු – 72

රත් දොතළු - 72 කිසිවෙකු විසින් මිදුලේ විදුලි පහන් දල්වන ලද්දෙන් රාඝවගේ මුහුණ මට පැහැදිලිව දිස් විණි. "අහස් සර්ට වැරදි දෙයක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you