Newsගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

-

spot_img

 

අමෙරිකානු – ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින්
හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හිටපු ජනපතිවරයා ටෙහෙරානයේ පිහිටි සිය නිවසේ රැඳී සිටි බවයි පවසන්නේ. මෙම ප්‍රහාරය හේතුවෙන් අහමදිනෙජාඩ් ජනපතිවරයා සහ ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙක් මිය ගොස් තිබෙන නමුත් ඉරාන රජය තවමත් මේ පිළිබඳ තහවුරු කිරීමක් සිදු කර නැහැ.

ඉරානයේ හයවෙනි ජනපතිවරයා වශයෙන් 2005 සිට 2013 දක්වා ඉරානයට නායකත්වය ලබා දුන් මහමුද් අහමදිනෙජාඩ් ලෝක දේශපාලනය තුළ විප්ලවකාරී නායකයෙක් ලෙසින් හැඳින්වෙනවා. ඊශ්‍රායලය සහ බටහිර රටවල් කෙරෙහි විරෝධයක් දැක්වූ ඔහු දැඩි ස්ථාවරත්වයකින් කටයුතු කෙරූ නායකයෙක්. ජාත්‍යන්තරය කුපිත කරවන ප්‍රකාශ සඳහා අහමදිනෙජාඩ් ප්‍රකට වූයේ වරක් දෙවරක් නම් නොවේ. අමෙරිකාව සහ යුරෝපය සමඟ ඉරානයේ සබඳතා බොහෝ සෙයින් පළුදු කිරීමටත් එම ප්‍රකාශ හේතු වුණා.

ටෙහෙරානය ඇතුළු නගරවලට එල්ල කෙරූ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර යුධ ගැටුම් මැඩ පැවැත්වීමට ජාත්‍යන්තරය මැදිහත් වෙමින් තිබෙනවා. ඉරානය දිගින් දිගටම මැද පෙරදිග ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ වන විට ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you