InterviewsKiss කරද්දි කකුල ටිකක් ඉස්සෙන්න ඕනෙ

Kiss කරද්දි කකුල ටිකක් ඉස්සෙන්න ඕනෙ

-

spot_img

Kiss කරද්දි කකුල ටිකක් ඉස්සෙන්න ඕනෙ – Sydney Sweeney

සරාගී පෙනුමත්, රංගනයත් හේතුවෙන් නිරතුරුවම අලුත් පුවත් මවන කෙනෙක් තමයි අමෙරිකානු නිළි Sydney Sweeney. Instagram හි මිලියන 25.8 කට අධික followers සංඛ්‍යාවක් ඇය සතුයි. සිඩ්නි රඟපෑ අලුත්ම චිත්‍රපටය The Housemaid චිත්‍රපටයට මේ වනවිට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබේ. පසුගිය ජනවාරියේ ඇය SYRN නමින් lingerie brand එකක් හඳුන්වා දුන්නා. හොලිවුඩය තුළ වඩාත්ම කතාබහට ලක් වෙන තරුවක් වන සිඩ්නි පවසන්නේ සිරුර යනු ප්‍රකාශන මාධ්‍යයක් බවයි. එමගින් තමා ප්‍රේක්ෂකයන් හා සන්නිවේදනය කරන බවයි. SYRN සමගින් කාන්තාවන්ගේ තෝරා ගැනීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට ඇය අදහස් කරනවා. නිරුවතින් සිටීම සිඩ්නිගේ තේරීම වනු ඇති අතර තම නිෂ්පාදන මිලට ගැනීම හෝ නොගැනීම රසික රසිකාවියන්ගේ තේරීම වනු ඇත. සැබැවින්ම Sydney Sweeney යනු කවුරුන්ද? මේ සුප්‍රකට Cosmopolitan සඟරාව සමගින් ඇය සිදුකළ කතාබහක්. 

Sydney Sweeney

වර්තමානයේ රොම් කොම් කතා නැවතත් ජනප්‍රිය කරන්නට ඇයත් හේතුවක් වුණා. ඇය රඟපෑ Anyone but You චිත්‍රපටය ඩොලර් මිලියන 220 කට අධික ආදායමක් උපයා ගත්තා. The Housesmaid චිත්‍රපටයද තිරගත වී දින කිහිපකින්ම සැලකිය යුතු ආදායම් උපයාගත්තා. සිය නාන ජලය මිශ්‍ර කර ඇය සැකසූ සබන් eBay ඔස්සේ අලෙවි වුණේ ඉහළ මිල ගණන් යටතේ.

“මම කවුද කියලා දන්නේ නැති අයව දැනුවත් කර කර යන්න මට ඕනෙ නැහැ. මාව දන්න හැමෝම දන්නව මම මිනිස්සු බෙදෙනවට, වෛරය පතුරනවට විරුද්ධ බව. ඉස්සර මම මීඩියාවලට උත්තර දුන්නෙ අඩුවෙන්. නමුත් මම දැන් ඒක වෙනස් කරන්න තීරණය කරලා ඉන්නේ. මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඒ වගේම මම හිතන්නෙ ගැහැණියකට තමන්ගෙ සිරුර ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා”

• Sydney Sweeney lingerie brand එකක් පටන් අරන්. මේක හරියට ගින්නකට පෙට්‍රල් දැම්මා වගේ ආරංචියක්. ව්‍යාපාරයක් විදිහට කාන්තා, පිරිමි යට ඇඳුම් සඳහා ලොකු ඉතිහාසයක් තියෙනවා. SYRN වලින්, ඔයා ප්‍රමුඛත්වය දෙන්නෙ කාටද?

මිනිස්සු කියාවි, අනේ එයා මේක කරන්නෙ කොල්ලන්ට. එයා කොල්ලන්ගෙ කෙල්ලෙක්. ඒත් මම කියන්නෙ තමන්ගෙ සිරුර අයිති කරගන්නත්, ඒක ඔයාගෙම කර ගන්නත් කෙල්ලන්ට අයිතියක් තියෙනවා. මම කැමතියි මේක ඒ වගේ කෙල්ලන්ගෙ තේරීම වෙනවට. එයා වෙනුවෙන්, වෙන කෙනෙක් වෙනුවෙන් හෝ කැමරා කාචයක් වෙනුවෙන්

 

• ඒත්, ගැහැණු සිරුරු විවිධයි. එයාලට විවිධ අපේක්ෂා වගේම වදවෙන දේවලුත් තියෙනවා. විශේෂයෙන් හමේ වර්ණය වගේ.

මගේ designers ල හැමෝම ගැහැණු අය. මට නියම කණ්ඩායමක් ඉන්නවා. මගේ නිරූපිකාවො හැම විදිහකම සිරුරු තියෙන ලස්සන අය. හැම සිරුරකම ඒක දකින්න ඕනෙ කියලයි මම නිතරම කියන්නෙ. මට විතරක් ඒ හැම ඇඳුමකම නිරූපිකාව වෙන්න බැහැ. මොකද ඒවා හැමෝටම අඳින්න පුළුවන් කියන දේ මම පෙන්නන්න ඕනෙමයි.

Sydney Sweeney

• SYRN නිර්මාණය කරනකොට ඔයා සැලකිල්ලට ගත්ත දේවල් මොනවාද?

මම අඳින්න අකමැති දෙයක් මම හදන්නෙ නැහැ. හය වසරෙදි මගෙ පියයුරු සයිස් එක 32 DD. මට මතකයි wire bra එකක් ගන්න මම කඩේට ගියා. ඒක සිල්ක්. ඒක තමා මට හොඳටම දැණුන බ්‍රා එක. මම ඒක හිල් හැදෙනකංම ඇන්දා. මම ඒ බ්‍රා එක මගේ SYRN ඔෆිස් එකට ගෙනාවා. ඒක මට කොච්චර වටිනවද කියලා පෙන්නන්න. ඒක මගෙ ජීවිතේ කොටසක් වගේ. මට ඕන ගැහැණු අයට ගැළපෙන බ්‍රා හදන්න. බ්‍රා එක ඔයාට සපෝර්ට් නොකරනවනම්, පිට උඩට ලෙස්සනවනං හරි අමාරුයි. Anyone But You චිත්‍රපටියේදි මට එහෙම වුණා. මට ඒ බිකිනි එක මතකයි. ඔයාට බොරු නැති ඇත්තම පියයුරු තියෙනකොට, බ්‍රා එක ගැළපෙන්නෙ නැත්තම් ඒක උඩට ලිස්සලා යනවා. ඒ ගැන කතාකරලා වැඩක් නෑ. මට ඉස්සරහට හැමදාමත් පියයුරු ගැන කියන්න වේවි. අපහසුවෙන් හිටිය කෙල්ලක් විදිහට මට දැණුන දේ අනිත් කෙල්ලන්ට දැනෙනවට මම ආස නැහැ.

• යොවුන් වයසෙ ඉඳලම ඔයා ජනප්‍රිය වුණා. හැමෝම ඔයාගෙ ඇඟ ගැන කතා කරනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

මම දැකලා තියෙනව මගෙ පොඩි කාලෙ photos එක්ක දැන් ඒවා සංසන්දනය කරනවා. ඒ කාලෙ වයස 14 යි. දැන් 28 යි. මම හැදී වැඩුණා. සමහර කතා දකිනකොට මට දුකක් දැනෙනවා. ඒ කතා ඇත්ත නෙමේ. සෝෂල් මීඩියාවල බොරු දේවල් ලිමිට් කරන්න ක්‍රමයක් තියෙනවනං කියලා මට හිතෙනවා. සමහර ගැහැණු ළමයි පවා මගෙ ෆොටෝ බලලා, ලස්සන වෙන්න මේ, මේ දේවල් කරන්න ඕනෙ කියලා කියනව. මට ඒකෙන් දුකක් දැනෙනවා.

• මේ දේවල් SYRN නිර්මාණයට බලපෑවද?

ඔව්.මේ මම. මගේ ශරීරය සහ මගේ විදිහ. මම ඒක ගැහැණුන්ව දිරිගන්වන්න පාවිච්චි කරනවා.

• ඔයා හරියට අකුණු සැරයක් වගේ. ඔයාව තේමා කරගෙන මිනිස්සු එයාලගෙ ෆැන්ටසි, වේදනාවන්, දේශපාලන අදහස් කතා කරනවා. ඔයා හොඳ මාතෘකාවක් කියල දැණුනෙ කවදද?

Cassie ගෙන් තමයි ඒක පටන් ගත්තෙ. මම රඟපාන චරිතවල දේවල් ඔවුන් මට ආරෝපණය කරනවා. මිනිස්සු එයාලගෙ අරමුණු, මාතෘකා එක්ක තමන්ගෙම අදහස් නිර්මාණය කර ගන්නවා.

• ඒ වගේ යුද්ධවල ඇරඹුම ඔයා?

මිනිස්සු කතා කියන එක ඉවසීම ලේසි නැහැ. විශේෂයෙන්ම ඒවා බොරුනම්, ඒවා දරාගෙන ඉන්න අමාරුයි. මට ඒ දේවල් අහන්න බලන්න සිද්ධ වෙලා තියෙනවා. මම බලන්නෙ පුළුවන් තරම් ඒවගෙන් ඈත්වෙලා ඉන්න.

• ඔයා ගැන එක කතාවක් අයින් කරන්න අවසර ලැබුණොත් ඔයා මොකක්ද අයින් කරන්නෙ ?

මම වෛරී පුද්ගලයෙක් කියන දේ.

Sydney Sweeney

• සෝෂල් මීඩියාවල ඔයාව “MAGA Barbie.” කියලා හඳුන්වනවා. ඒක ඔයාගෙ පුද්ගලික දේශපාලනය නිසා හැදුණු දෙයක්ද?

මම කවදාවත් දේශපාලනය ගැන කතා කරන්න මෙතනට ඇවිල්ලා නැහැ. මම ආවෙ කලාව වෙනුවෙන්. නමුත් මිනිස්සු මාව ඒ අයගෙ ඉත්තෙක් විදිහට පාවිච්චි කරනවා. මට ඒක පාලනය කරන්න බැහැ.

• ඒක ඇත්තක් නොවේ නම් ඔයා ඒක නිවැරදි කරන්නේ නැත්තෙ ඇයි?

මට ඒක තේරෙන්නෙ නැහැ. මම වෛරී පුද්ගලයෙක් නෙමේ. ඒ දේවල් ඇත්ත නෙමේ කියලා මම කිව්වොත්, ඔවුන් ඒකටත් මම බොරු කියනව කියලා කියාවි. දිනුමක් නැහැ. කොහොමටවත් දිනුමක් නැහැ. මම කවුද කියලා මම දන්නවා. මම පෙනී ඉන්නෙ මොනව වෙනුවෙන්ද කියලත් මම දන්නවා. මිනිස්සු මට ආදරය කරන්න පොළඹවන්න මට බැහැ.

• පුද්ගලයෙක් විදිහට ඔයාගෙ වටිනාකම් ගැන, ඔයා ගැන මිනිස්සු තේරුම් ගන්නවට කැමති දෙයක් තියනවද?

මම හැමතිස්සෙම ආදරයෙන් දේවල් මෙහෙයවනවා. ආදරය කියන්නෙ හිතින්ම ආදරේ කිරීම. මුණගැහෙන ඕනම කෙනෙක්ට කාරුණික වෙන එක. Once Upon a Time in Hollywood චිත්‍රපටය රූගත කරනකොට බ්‍රැඩ් පිට් transport department එකේ අය එක්ක එකට ඉඳගෙන කාලෙ ගෙව්වා. මම ඒකට හරි ආදරේ වුණා. මම කිව්වා ඔව්, ඔයා ඔයාට හමුවෙන හැම කෙනෙකුටම ගරු කරන්න ඕනෙ කියලා.

• ඔයා ඔයාගෙ දේශපාලන අදහස් ගැන රසිකයින් එක්ක කෙලින්ම කතා කරන්නෙ නැහැ. ටේලර් ස්විෆ්ට් වුණත් ප්‍රසිද්ධියේ දේශපාලය ගැන කතාකරන්න කලින් දෙගිඩියාවෙන් හිටියා. සමහරවිට ඔයත් ඉස්සරහට ඔයාගෙ අදහස් වෙනස් කරයිද? අනාගතේදි මිනිස්සුන්ට ඔයා විශ්වාස කරන දේවල් දේශපාලනිකව දකින්න පුළුවන් වෙයිද?

නැහැ. මම දේශපාලනයට කැමති කෙනෙක් නෙවෙයි. මම කැමති කලාවට. මම මෙතනට ආවෙ දේශපාලනය ගැන කතා කරන්න නෙවෙයි. මම කවදාවත් දේශපාලනයට එන්න හිතල නැහැ. මම කතන්දර කියන්න කැමතියි. ඒ නිසයි මම නිළියක් වුණේ. මම කිසිම විදිහකින්වත් වෛර කරන්න කැමති නැහැ. අපි හැමෝම එකිනෙකාට ආදරය, ගෞරවය දක්වන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා.

Sydney Sweeney

• සෝෂල් මීඩියා ඔයාව හඳුන්වනවට වඩා ඔයා දේවල් තේරුම්ගන්න, ණූවනක්කාර, දක්ෂ කෙනෙක්. ඒ දේවල් ව්‍යාපාර පටන් ගන්න, සාර්ථක වෙන්න පාවිච්චි කරා කියලා හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නේ ඔවුන් මගේ ශක්තීන් අවතක්සේරු කරනවා. නමුත් සමහර තැන්වලදි මම දේවල් පාලනය කරනව කියලා ඔවුන් අධිතක්සේරුවකින් කතා කරනවා.

• සෝෂල් මීඩියාවල මිනිස්සු කතාබහ කරන සිඩ්නිත් එක්ක ඔයාගෙ සමානකමක්ද දුරස්ථ බවක්ද තියෙන්නෙ?

මාව නොදන්නා අය බොරු දේවල් උපකල්පනය කරනවා. ඒවා මට බලපානවා. මාත් මනුස්සයෙක්. වචනවලට වඩා ක්‍රියාවන් කතා කරනවා. මම මහන්සි වෙලා වැඩ කරනවා. අනිත් අයට කරුණාවෙන් සලකනවා. එහෙම වෙලත් මිනිස්සු වැරදි කියද්දි අමාරුයි. ඔයාට ඕනෙ වෙනව ලෝකය ඔයා ගැන ඇත්ත දැන ගන්නව දකින්න. ඒව බොරු. මම වෛරයට අකමැතියි. ඔය කතා පිළිගන්න බැහැ කියන්න. නමුත් මිනිස්සු බොරු විශ්වාස කරනවා. කණගාටුවට කරුණ තමයි, අපිට ඒවා වෙනස් කරන්න බැහැ.

• ඔබ තවමත් ඔබේම Instagram ඉන්නවද?

ඔව්. ඒ දේවල් මමමයි කරන්නෙ. කාටවත් මගේ accounts වලට ඇතුළු වෙන්න බැහැ.

• මේ දේවල් එක්ක ඔයාට ශක්තියක් වුණ ගැහැණු අය මේ industry එකේ ඉන්නවද?

මගේ ජීවිතයේ මට පුදුමාකාර ගැහැණු කීප දෙනෙක් ඉන්නවා. Julianne Moore, Amanda Seyfried, Sharon Stone, Maude Apatow, Jamie Lee Curtis. මේ හැමෝම මා වෙනුවෙන් පෙනී සිටි ගැහැණුන්. ඔවුන් විශිෂ්ටයි.

• හොලිවුඩයේ ගොඩක් නළු නිළියන්ට වඩා ඔබ යමක් ගොඩනඟා ගත්තා. ඒ කොහොමද?

මට කිසි වෙලාවක Plan B එකක් තිබුණෙ නෑ. සාර්ථක වීම හැරෙන්න වෙන උත්තරයක් තිබුණෙ නැති හින්දා මම අසාර්ථක වෙන්න ලෑස්ති වුණේ නෑ. මගේ පළවෙනි project එක සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක් එක්ක. ඒක සම්මානලාභී චිත්‍රපටයක් වුණේ නැහැ. මම වැඩකට නැති indie ෆිල්ම් කරා, ෂෝට් ෆිල්ම් කරා. ටීවී වැඩසටහන් කරා. මට කොතනින් හරි පටන් ගන්න සිද්ධ වෙලා තිබුණා. අලුත් අය මුණගැගෙන්න වුණා.

• ඔයා සබඳතා ගැන හරි සැළකිලිමත් කෙනෙක්. කොහොමද ඔයා ආදරේ පෙන්වන්නෙ?

මම ආදරේට ආදරෙයි. මගෙ අතින් දේවල් හදලා දෙන එක, විශේෂ දවස්වලට මගෙ අතින්ම හැදුව කාඩ්ස් දෙන එක. මම දවසෙ වැඩි හරියක් චුයින්ගම් කනවා. ඒව ඔතලා තියෙන කොළවල ලව් ලෙටර්ස් ලියනවා. දෙවියනේ, I’m so cheesy!

Sydney Sweeney

• ආදරය දැනෙන්නේ කොහොමද?

නිදහස වගේ. The Princess Diaries වල Anne Hathaway කියනව වගේ කිස් කරද්දි කකුල ටිකක් ඉස්සෙන්න ඕනෙ. එහෙමයි ආදරේ දැනෙන්නෙ. මායාකාරී විදිහට ලයිට්ස් ඔන් වෙනවා. කුරුල්ලො ඉගිළෙනවා. වහින්න ගන්නවා. ආදරේ කියන්නෙ ඩිස්නි මූවි එකක්.

• සම්බන්ධයක් රහසේම තියාගන්නවද නැත්තං ලෝකෙට කියනවද කියලා ඔයා තීරණය කරන්නෙ කොහොමද?

මම ලොකු කාලයක් සම්බන්ධෙක හිටියා. අවුරුදු හතහමාරක්. මම කිසිම වෙලාවක ඒ ගැන කතා නොකර පෞද්ගලිකත්වය තියා ගත්තා. අපිට එහෙම නිදහසක් තියෙන්න ඕනෙ කියල මම හිතනවා. මම ප්‍රසිද්ධ කෙනෙක්. ඒත් මම තාමත් විසි ගණන්වල ඉන්නෙ. මම තවම ආදරේ හොයාගෙන යනවා. ඕක මිලියන ගණනක් අයට තේරුම් කරන්න අමාරුයි. අවුරුදු විස්සෙ ඉඳලම මම ඔලුව පහත් කරගෙන රැකියාවට අවධානය දුන්නා. දැන් මට ජීවිතේ විඳින්න අවශ්‍යයි. මම දන්නෑ මම ඒක මිනිස්සුන්ට පේන්න ප්‍රසිද්ධ කරයිද කියලා. මම GQ වීඩියෝ එක්ක ඉන්ටවිව් එකක් කළා, එයාලා ඇහුවා, “සිඩ්නි ස්වීනි පෙම් සබඳතාවක් පවත්වන්නේ කවුරු එක්කද” කියලා. මම කිව්වා, මම දන්නේ නැහැ. ඔයාලම කියන්න කියලා.

• ප්‍රසිද්ධ කෙනෙක් විදිහට ඔයා කොහොමද මිනිස්සුන්ව මුණගැහෙන්නේ?

මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ හැමෝගෙන්ම ඇහුවා, මම මේක කරන්නේ කොහොමද? මම කවදාවත් ආදරේ කරලා නැහැ. industry එකේ නැති මගේ යාළුවෝ කියන්නේ, අපි එළියට ගිහින් කෙනෙක්ව හම්බවෙමු කියලා. ඒත් මට ඒ වගේ බාර් එකකදී කවුරුත් මුණගැහෙන්න බැහැ. ඒක හරියන්නෙ නැහැ.

• ඔයා කලින් කියලා තියෙනවා ඔයාට පැය 24/7 එක්ක ඉන්න පුළුවන් සහකරුවෙක් ඕන කියලා. තාමත් ඒක හීනයක්ද?

ඔහ්, නෑ. මගේ අම්මා, මගේ යාළුවෝ හැමෝම වගේ, “සිඩ්නි, ඔයා ආදරේ කරන්න ඉගෙන ගන්න ඕනේ” කියලා කියනවා. ජීවිත කාලය පුරාම තනියෙන් ඉන්න මම බයයි. ඒ නිසා මගේ හොඳම යාළුව වගේ ආශ්‍රය කරන්න පුළුවන්, නිතරම කතා කරන්න පුළුවන්, හීන මවන්න, වැඩ කරන්න පුළුවන් කෙනෙක්ව හොයනවා.

• මොන වගේ කෙනෙක්ද?

මම ක්‍රියාශීලී, නිදහස්, විනෝදකාමී කෙල්ලෙක්. ඒ හින්දා මාත් එක්ක කන්දක් නගින්න, ස්කයිඩයිවිං කරන්න පුළුවන් වෙන්න ඕනේ. පවුලට ආදරය කරන පිරිමියෙක්. බලන්න, මම මාව පාලනය කරනවා. මට අවශ්‍ය දේ පස්සෙ මම යනවා. මම සාර්ථකයි. මට ඇත්තටම පිරිමියෙක් අවශ්‍ය නැහැ. මට මම ඉන්නවා. මට පුදුමාකාර පෙම්වතියන් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා කොල්ලෙක්ට මාත් එක්ක ඒ හැමදේටම මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මම ඇත්තටම කැමති කොල්ලෙක් හිටියා, නමුත් ඔහු මට කිව්වා එයාට මගේ ලෝකය හසුරුවන්නෙ බැහැ කියලා. ඇත්තටම ඒක අමාරු දෙයක්.

• ඒකෙන් ඔයා ඉගෙන ගත්තෙ මොනවද?

සමහර විට ඔයාට පිරිමියෙක් අවශ්‍ය නැහැ. ඔයාට බල්ලෙක් විතරයි ඕනේ. පහුගිය spring එකේ මම මගේ හොඳම යාළුවා ජේඩ් එක්ක කොල්ලෝ ගැන කතා කළා, හොඳම උපාධිධාරීන්ව ගූගල් සර්ච් කළා. ඇය ඇහුවා කිව්වා, “හොඳයි, ඔයා මොන වගේ කෙනෙක්ද හොයන්නේ?” කියලා. මම කිව්වා මට ඕන පක්ෂපාතී, මට ආදරය කරන, සෙල්ලක්කාර, හුරතල් කොල්ලෙක් කියලා. ඊට පස්සෙ ඇය අහනව “අනේ, ඔයාට බල්ලෙක්ද ඕන?” කියලා. මම කිව්වා, මම හිතන්නේ මට බල්ලෙක් ඕන කියලා. ඉතින් මට ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ලැබුණා. දැන් මට මගේ සදාකාලික පෙම්වතා සලී ඉන්නවා.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you