Newsමොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

-

spot_img

අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා.

අද (18) ප.ව. 2.00 වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 184.80 m වන අතර සමස්ත ජල ප්‍රතිශතය 98.92% ක පැවතුන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ.

ඉදිරි කාලගුණ පුරෝකථන සැලකීමේදී, ජල පෝෂක ප්‍රදේශ මඟින් මොරගහකන්ද ජලාශය වෙත වැඩි ජල ප්‍රමාණයක් පැමිණීමේ සම්භාවිතාවක් පවතින බවත්, වැසි තත්ත්වය වර්ධනය වී බෝවතැන්න ජලාශය ද වාන් දැමීමක් සිදුවුවහොත් එම වැඩි ජලය ද මොරගහකන්ද ජලාශය වෙත පැමිණෙන අතර, එහි ජලය පැමිණෙන සීඝ්‍රතාවය අනුව මොරගහකන්ද ජලාශයේද වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවත් සඳහන් වෙනවා.

මොරගහකන්ද ජලාශය වාන් දැමීමේදී මහවැලි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟට ජලය මුදා හැරෙන බැවින් අඹන් ගඟේ සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම සිදුවන බවයි දැක්වෙන්නේ.

එම නිසා, අඹන් ගඟ සහ මහවැලි ගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට දන්වා සිටින අතර, ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන බවද මහවැලි අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටිනවා.

 

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

රත් දෝතළු – 99 (අවසන් කොටස)

රත් දෝතළු - 99 (අවසන් කොටස) තවත් හඬන්නට කඳුළු නැත. යළිත් නම් නොහඬමියි මම මටම දිවුරාගතිමි. විනිෆ්‍රීඩා මහත්මියත් විහඟත් ආලින්දයට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you