Newsමොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

-

spot_img

අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා.

අද (18) ප.ව. 2.00 වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 184.80 m වන අතර සමස්ත ජල ප්‍රතිශතය 98.92% ක පැවතුන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ.

ඉදිරි කාලගුණ පුරෝකථන සැලකීමේදී, ජල පෝෂක ප්‍රදේශ මඟින් මොරගහකන්ද ජලාශය වෙත වැඩි ජල ප්‍රමාණයක් පැමිණීමේ සම්භාවිතාවක් පවතින බවත්, වැසි තත්ත්වය වර්ධනය වී බෝවතැන්න ජලාශය ද වාන් දැමීමක් සිදුවුවහොත් එම වැඩි ජලය ද මොරගහකන්ද ජලාශය වෙත පැමිණෙන අතර, එහි ජලය පැමිණෙන සීඝ්‍රතාවය අනුව මොරගහකන්ද ජලාශයේද වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවත් සඳහන් වෙනවා.

මොරගහකන්ද ජලාශය වාන් දැමීමේදී මහවැලි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟට ජලය මුදා හැරෙන බැවින් අඹන් ගඟේ සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම සිදුවන බවයි දැක්වෙන්නේ.

එම නිසා, අඹන් ගඟ සහ මහවැලි ගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට දන්වා සිටින අතර, ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන බවද මහවැලි අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටිනවා.

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you