Newsරාජකාරියේ නිරත වූ පොලිස් සැරයෙන්වරයෙක් යතුරුපැදියක ගැටී මරුට

රාජකාරියේ නිරත වූ පොලිස් සැරයෙන්වරයෙක් යතුරුපැදියක ගැටී මරුට

-

spot_img

වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරී සිදු කළ සැරයන්වරයෙකු අලුත්ගම – මතුගම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී මිය ගොස් ඇති බව වැලිපැන්න පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක් වූ ගොඩැල්ලගේ උපුල් සමන්ත නැමැති පොලිස් සැරයන්වරයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (15) රාත්‍රියේ ජීප් රථයකින් අලුත්ගම – මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදියක් නවත්වන ලෙස සංඥා කර ඇති අතර, එහි දී වේගය පාලනය කර ගත නොහැකි වූ යතුරුපැදිය රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයාගේ ගැටී, පොලිස් සැරයන්වරයා විසි වී ගොස් අසල කාණුවකට වැටී හිසට බරපතළ තුවාල සිදු වී මියගොස් තිබෙනවා.

යතුරුපැදිකරු ද සුළු තුවාල ලබා අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you