Newsරාජකාරියේ නිරත වූ පොලිස් සැරයෙන්වරයෙක් යතුරුපැදියක ගැටී මරුට

රාජකාරියේ නිරත වූ පොලිස් සැරයෙන්වරයෙක් යතුරුපැදියක ගැටී මරුට

-

spot_img

වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරී සිදු කළ සැරයන්වරයෙකු අලුත්ගම – මතුගම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී මිය ගොස් ඇති බව වැලිපැන්න පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක් වූ ගොඩැල්ලගේ උපුල් සමන්ත නැමැති පොලිස් සැරයන්වරයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (15) රාත්‍රියේ ජීප් රථයකින් අලුත්ගම – මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදියක් නවත්වන ලෙස සංඥා කර ඇති අතර, එහි දී වේගය පාලනය කර ගත නොහැකි වූ යතුරුපැදිය රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයාගේ ගැටී, පොලිස් සැරයන්වරයා විසි වී ගොස් අසල කාණුවකට වැටී හිසට බරපතළ තුවාල සිදු වී මියගොස් තිබෙනවා.

යතුරුපැදිකරු ද සුළු තුවාල ලබා අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

 

Latest news

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
- Advertisement -spot_img

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you