More
    Newsඅණනොතකා ගිය රියදුරු ගැන අනාවරණය වු කරුණු

    අණනොතකා ගිය රියදුරු ගැන අනාවරණය වු කරුණු

    -

    spot_img

    පොලිස් අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් ඊයේ (25) රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ වෑන් රථයේ රියදුරු ගැන කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසා සිටියේ, අදාළ රියදුරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙක් බවයි.

    ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අයෙක්ද යන්න පිළිබඳව ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව අණාවරණය කර සිටියේ අද(26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින්නේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහු සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

    අණ නොතකා ධාවනය කළ මෙම වෑන් රථයට රත්මලාන ගොලුමඩම හංදිය අසලදී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් හඹාගොස් වෙඩිතබා නතර කිරීමට පියවර ගත්තා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page