Newsශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහරදීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහරදීමක්

-

spot_img

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් තුළදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබි ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලීසිය පැවසුවේ සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබු යූ.එල් 266 දරණ යානයේ සිටි ගුවන් මගියෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වු අවස්ථාවේ සියලුම ගුවන් මගීන්ට තම ආසන පටි පැළඳ අසුන් ගෙන සිටිය යුතු බවට දැනුම් දී තිබුණ ද එය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා වැසිකිළිය වෙත යාමට උත්සහ දරා ඇති අතර එහිදී මෙම ගැටුම හට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් විසින් යානයේ නියමුවා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් සැකකාර සෞදි අරාබියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ හරහා මැලේසියාවට ගමන් කිරීමේ අරමුණින් පැමිණ ඇති එම සෞදි අරාබි ජාතිකයා 28 හැවිරිදි අයෙකු වන අතර ඔහු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you