Interviewsමම නිළියක් වෙන්න හිතුවෙ නෑ

මම නිළියක් වෙන්න හිතුවෙ නෑ

-

spot_img

මම නිළියක් වෙන්න හිතුවෙ නෑ – Malavika Mohanan

කලා පවුලක සාමාජිකාවක් ලෙසින් සිනමාවට පැමිණි Malavika Mohanan මේ වන විට දමිළ සහ මලයාලම් සිනමාවේ සිටින ජනප්‍රියම නිළියක්. මේ දිනවල ඇය රඟපෑ Hridayapoorvam චිත්‍රපටය සාර්ථක අන්දමින් තිරගත වෙනවා. ඇය එහි රඟපෑවේ සුපිරි නළු Mohanlal සමගයි. එය විශිෂ්ට අත්දැකීමක් බව ඇය කියනවා. 

Malavika Mohanan

“මම මීට කලිනුත් ජනප්‍රියම නළු නිළියන් එක්ක වැඩ කරලා තියෙනවා. මම මුම්බායිවල ජීවත්වුණ නිසා වැඩිපුරම බැලුවෙ හින්දි චිත්‍රපට. මලයාලම් චිත්‍රපටත් බැලුවා. තෙළිඟු දෙමළ චිත්‍රපට බැලුවෙ අඩුවෙන්. මොහාන්ලාල් ගෙ චිත්‍රපටයක් කියන්නෙ අති දැවැන්ත කටයුත්තක්. ඔහු මගේ ඇස් ඉදිරිපිට ඉන්නව දැකීම පවා මට අදහගන්න බැරි වුණා. මම හිතුව දවස් කිහිපයකින් ඒ හැඟීම නැතිවෙයි කියලා. ඒත් කවදාවත් එහෙම වුණේ නැහැ. ” 

Malavika Mohanan

සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් සමඟම රංගනයේ යෙදීමට ඇය වාසනාවන්ත වුණා. මම්මූටි (The great father), රජිනිකාන්ත්, විජේ සේතුපති (petta ), විජේ (Master), ධනුෂ් (Maaran) සහ වික්‍රම් (Thangalan) ඒ අතරට අයත්. සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් වන අධ්‍යක්ෂක සත්‍යන් අන්තිකාඩ් සහ මොහාන්ලාල් සමග වැඩ කිරීමට ලැබීම වාසනාවක් බවත්, ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත් බවත් Malavika පවසනවා. ඔවුන් දෙදෙනා චිත්‍රපට 22 කට වඩා එක්ව වැඩකළ මිත්‍රයන් දෙදෙනෙක්. වර්තමානයේ සිටින අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ මුළු වෘත්තීය ජීවිතය තුළම චිත්‍රපට 22 ක්වත් නිර්මාණය කරන්නේ නැති බව ඇය පවසනවා.

Malavika Mohanan

ඇයට චරිතය ලැබුණ ආකාරය සිහිපත් කරමින් Malavika පවසන්නේ තමාට අඛිල් සත්‍යන්ගෙන් ඇමතුම ලැබුණු විට, ඔහුගේ පුතුන් දෙදෙනාම චිත්‍රපට නිෂ්පාදකයින් බැවින් එය ඔවුන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහා යැයි තමා සිතූ බවයි.

“ඒ වෙලාවේ තමයි අඛිල් මට කිව්වේ ඒක එයාගෙ තාත්තා කරන චිත්‍රපටයක් කියලා. ඉතින් හැමදේම ඉක්මනින් සිදු වුණා. අඛිල් මට කිව්වා එයාගෙ තාත්තා මට කතා කරයි කියලා, මිනිත්තු පහක් ඇතුළත මට ඇමතුම ලැබුණා. ඒ කාලේ මම හයිද්‍රාබාද්වල හිටියෙ”

තමාට මලයාලම් භාෂාව හොඳින්ම බැරි වීම ඇයට ප්‍රශ්නයක් වී තිබුණා.
“මම සත්‍යන් සර්ට කිව්වා මම පයන්නූර් උප භාෂාව කතා කරලා තියෙනව කියලා. චරිතය පූනේවල නිසා ඒ ගැන කරදර වෙන්න එපා කියලා ඔහු මට කිව්වා.” 

Malavika Mohanan

ඇය චිත්‍රපටයේ කොටසක් වීමට ඔවුන්ට කොතරම් අවශ්‍යද යන්න ද එයින් ඇයට පෙන්නුම් කෙරෙනවා. දුල්කර් සල්මාන් සමගින් Pattam Pole (2013) චිත්‍රපටයෙන් මලයාලම් රංගනයට පිවිසි ඇය මේවන විට මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ නැගී එන නිළියක් ලෙස තමාව විස්තර කරනවා.
“සමහර චිත්‍රපට සිනමාහල්වල හොඳින් තිරගත වෙන්නෙ නෑ. ඒත් ඒව පස්සෙ කාලෙක ජනප්‍රිය වෙනවා. Pattam Pole කියන්නෙත් එහෙම චිත්‍රපටයක්”
Pattam pole චිත්‍රපටයේ රඟපාන අවධියේ ඇය වෙළඳ දැන්වීම්වලට පෙනී සිටි අතර ඉක්මනින්ම චිත්‍රපට සඳහා අවස්ථා ලැබුණා.
“වයස විසි ගණන්වල මුලදි අපි යන්න ඕනෙ දිශාව අපි දන්නෙ නෑ. මම නිළියෙක් වෙන්න හිතුව කෙනෙක් නෙමේ. නමුත් ඒක සිද්ධ වුණා.”
මේ වසරේ, ඇය Prabhas සමඟින් ‘The Raja Saab’ තෙළිඟු චිත්‍රපටයේ රඟපාන අතර තමන් එම කතාවට ගොඩක් කැමති බව ඇය කියනවා. The Raja Saab මේ වසර අගදී තිරගත වෙනු ඇත. එමෙන්ම ඇය රඟපෑ Sardar 2 දමිළ චිත්‍රපටය ද නුදුරේදීම තිරගත වීමට නියමිතයි.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you