More
    InterviewsDharshana Rajendran ප්‍රසන්න විතානගේ සර් අපිට මලයාලම් භාෂාවෙන් පිටපත...

    Dharshana Rajendran ප්‍රසන්න විතානගේ සර් අපිට මලයාලම් භාෂාවෙන් පිටපත දුන්නා

    -

    spot_img

    Dharshana Rajendran කියන්නෙ මලයාලම් සිනමාවට පෙම් බඳින ශ්‍රී ලාංකික රසිකයින් බොහොම ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඇය රංගනයට මෙන්ම චිත්‍රපට පසුබිම් ගායනය සඳහාද දක්ෂයි. ප්‍රසන්න විතානගේ මහතාගේ “Paradise” සිනමාපටය තුළින් ඇය ලාංකික රසික හදවත්වලට වඩාත් සමීප වුණා. මේ ඒ සම්බන්ධව සහ ඇගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව දර්ශනා Mathrubhumi. Com සමගින් සිදුකළ කතාබහක්.

    • ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වුණ පැරඩයිස් ෆිල්ම් එක දැන් MUBI ඔස්සේ බලන්න පුළුවන්. ඒ ගැන මොකද හිතෙන්නෙ?

    සතුටුයි. මොකද වෙන කිසිම චිත්‍රපටයකින් මම මේතරම් දුර ඇවිත් නැහැ කියල මම හිතනවා. Busan ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, MAMI චිත්‍රපට උළෙල වැනි අවස්ථාවල එය තිරගත වුණා. පස්සෙ එය ඉන්දියාවට ආවා. දැන් MUBI වලට. මේ චිත්‍රපටය හැමෝම වෙත ළඟා වෙන බව දැනෙනවා. මම කැමතියි පැරඩයිස් ෆිල්ම් එකේ අපේ රඟපෑම් හැමෝම බලනවට.

    Dharshana Rajendran

    • පැරඩයිස් විවිධ භාෂාවලින් තිරගත වුණා. මලයාලම්, දෙමළ, ඉංග්‍රීසි, සිංහල, හින්දි පවා. රඟපෑමේදී ඔබට දැනුන අභියෝග මොනවද?

    මම භාෂාවන් රසවිඳිනවා. දෙමළ, හින්දි, මලයාලම් සහ ඉංග්‍රීසි කතාකරනවා. අවශ්‍යතාවය අනුව මට හැඟෙන දැනෙන විදිහට භාෂාව පාවිච්චි කරනවා. චිත්‍රපටය අනුව භාෂාව වෙනස් වෙනවනේ. ඒක අලුත් අත්දැකීමක්. ප්‍රසන්න විතානගේ සර් අපිට මලයාලම් භාෂාවෙන් පිටපත දුන්නා. සමහර කොටස් ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණා. ඔහු අපිට පිටපත තේරුම් ගන්න කාලය දුන්නා. ඒක නියමයි. හැමදෙයක්ම හොඳට කරන එකේ වගකීම අපිට තිබුණා.

    • චිත්‍රපටය නිශ්චලව ඉදිරියට ඇදෙනවා. දිගු විරාම, නිහඬබව. නිළියක් විදිහට අඩුවෙන් රඟපෑවෙ (වැඩියෙන් ප්‍රකාශනය) කොහොමද?

    ඒක මේ කතාවෙ තිබුණ අභියෝග වලින් හොඳම එකක්. පිටපත කියවනකොට මට තේරුණා “අම්රිතා” කතා කරන්නෙ අඩුවෙන් බව. ඇය ගොඩක් දේවල් විඳින බව සහ ප්‍රේක්ෂකයන් ඒවා දැනගන්න ඕනෙ බවත් මට තේරුණා. මට තේරුණා මම කරන්න ඕනෙ අම්රිතා හිතන දේවල් හිතන එක විතරක් බව. ඒක අලුත් අත්දැකීමක් . මීට කලින් නාට්‍යවල වැඩ කරන විට මම ඒක ඉගෙන ගෙන තියෙනවා.

    Dharshana Rajendran

    • ඇයි පැරඩයිස් ෆිල්ම් එකට කැමති වුණේ?

    සමහරවෙලාවට මම චරිතය ගැන හිතන්නෙම නැහැ. පිටපතක් කියවනකොට මම මගෙන්ම අහනව මම එයට කැමතිද කියලා. ගොඩක් වෙලාවට උත්තරේ ඔව් ! සමහරවෙලාවට මම චරිතෙත් එක්ක චිත්තවේගීයව බැඳෙන්නෙ නෑ. Purusha Pretham චිත්‍රපටයේ මම රඟපෑව චරිතය ඇගේ සැමියව මරනවා. මම ඒ චරිතය කළා. රජීව් රවි සහ රොෂාන් කලින්ම මේ චිත්‍රපටයට සූදානම් වෙලා තිබුණා. ඔවුන් ලංකාවේ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න සූදානමින් සිටියා. අපි ඔහුගෙ චිත්‍රපට කිහිපයක් බැලුවා. පිටපත කියවන්නත් කලින් මට මේකෙ කොටසක් වෙන්න ඕන වුණා. එහෙම වුණ එක ගැන මම සතුටු වෙනවා. නිළියක් විදිහට මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. මට හිතුනා අනිවාර්යයෙන්ම මට අම්රිතා ගෙ චරිතය කරන්න පුලුවන් කියලා.

    • ඔබ සිනමාවට ඇවිත් වසර දහයක්. මොනවාද ඔබට ලැබුණ අසීරුම දේවල් සහ ප්‍රීතිමත් දේවල්?

    දුක, සතුට මේ දෙකම තියෙනවා. අසීරුතා කවදාවත් වෙනස් වෙන්නෑ. විවිධ විදිහට එනවා. සතුටත් එහෙමයි. ඒ හැමදේම අභියෝග. Jaya Jaya Jaya Jaya Hey චිත්‍රපටයෙ වැඩ කරන දවස්වල ඒ චරිතෙ කොහොම කරන්නද කියලා මට තේරුණේ නැහැ. මම බය වුණා. ඒක කරන්න බැහැ කියලා හිතුණා. මම ටයිකොන්ඩෝ ඉගෙන ගත්තා. චිත්‍රපටයෙ මංගල දර්ශනය දවසෙ මම කලින් වැඩ කළ අධ්‍යක්ෂකවරු කීප දෙනෙකුත් මගේ යහළුවන්ටත් ආරාධනා කළා. මගේ අම්මා ඉඳගෙන ඉන්න තැනින් නැගිට්ටා. හැමෝම අත්පුඩි ගැහුවා. ඒක හරිම මතක හිටින විශේෂ මොහොතක්.

    • බොලිවුඩ් වලට එන්නෙ නැද්ද?

    කැමතියි. මම පිටපතක් තෝරගන්න බලන දේ මම ඒකට කැමතිද කියන කාරණාව විතරයි. දෙමළ, තෙළිඟු චිත්‍රපට කළා. මම කරන්නෙ ඕනෙ තැනකින් රස්සාවක් ලබා ගන්න එක. මම චිත්‍රපට සඳහා භාෂා ඉගෙන ගන්නවා. විවිධ ක්ෂේත්‍රවල වැඩකරන්න කැමතියි.

    • බොලිවුඩ් සිනමාවෙ රඟපාන්න කැමති චරිතයක් හෝ තේමාවක් තියෙනවද?

    නීති රීති කිසිවක් නෑ. මම කැමතියි හාස්‍යජනක චරිත කරන්න. මට ලැබුනෙ කම්පනයකින් දුකකින් ඉන්න බව පේන සීරියස් චරිත. නමුත් ඇත්ත ජීවිතේ මම වෙනස්. මම පුංචි ළමයෙක් වගේ සතුටින් ඉන්නේ. චිත්‍රපටවලත් එහෙම රඟපාන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

     

    • Paradha ෆිල්ම් එක ගැන කියන්න.

    මගේ චරිතය අෂ්මිතා. ඇය මම වගේ නෙමේ. ස්ත්‍රිවාදය ගැන ඇගේ අදහස මට වඩා වෙනස්. ඇය හරියට පිරිමින්ට වෛර කරනව වගේ. ජීවිතේ සමහර දේවල් කරන්න පිරිමියෙක් වගෙ වෙන්න ඕනෙ කියලා ඈ හිතනවා. ඇය සටන් කරන විදිහ වෙනස්. මම ඩ්‍රයිව් කරන්න, තෙලිඟු කතා කරන්න ඉගෙන ගත්තා. මම චිත්‍රපටය පුරාවටම කාර් එකක් ඩ්‍රයිව් කරනවා. ඒක නං හැබෑම අභියෝගයක්.

    • ඔබ ඩ්‍රයිවිං දැනගෙන හිටියෙ නැහැ?

    මට ලයිසන් තියෙනවා. ඒත් මම කවදාවත් ඩ්‍රයිව් කලේ නැහැ. මම පාරට බයයි. නමුත් මම paradha වෙනුවෙන් ඒක කළා. චිත්‍රපටය වෙනුවෙන් කැප වුණා. ඒක වීරයෙක් නැති චිත්‍රපටයක්. ගැහැණු තුන්දෙනෙක් ඉන්නවා. මට හිතුණා මම ඒ කතාවට කැමතියි කියලා.

    • මලයාලම් සිනමාවට කාන්තා ප්‍රධාන චරිත ඕනෙ කියලා හිතනවද?

    පිරිමි ගැන වගේම ගැහැණු ගැනත් කතා තියෙනවා. ඒක එච්චර ලොකු දෙයක් නෙමේ. මට කාන්තාවො ගැන කතා විතරක්ම ඕනෙ නැහැ. හැම වර්ගයකම මිනිස්සුන්ට කතා තියෙනවා. මට ඕනෙ ඒ කතාවල කොටසක් වෙන්න.

    • Legend වරු වෙන Mammootty සහ Mohanlal අතරින් කැමති කාටද?

    මට ඒ ගැන මුකුත් කියන්න බැහැ. මම ඒ දෙන්නගෙම ලොකු රසිකාවියක්. මම ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඒ දෙන්නම විශිෂ්ටයන්. එක්කෙනෙක් තෝරගන්න බැහැ.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page