NewsEarthquake in Afghanistan ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය...

Earthquake in Afghanistan ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 ඉක්මවයි

-

spot_img

Earthquake in Afghanistan – ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. තලෙයිබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ මිය ගිය ගණන 610ක් බවයි. තවත් පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එහි සඳහන්. භූමි කම්පාව හේතුවෙන් නිවාස රැසක් සුන් බුන් බවට පත්ව තිබෙනවා.

තවත් සැලකිය යුතු පිරිසක් සුන්බුන් යට සිරවී සිටිනු ඇති බවටයි ඇෆ්ගන් බලධාරීන් සැක පළ කරන්නේ. භූ කම්පනය සිදු වූ ප්‍රදේශයට ළඟා වීමට ඇති මාර්ගවල පවතින තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ ප්‍රදේශවල සන්නිවේදන සබඳතාද බිඳ වැටී තිබුණා.

පවතින තත්ත්වය සලකා තලෙයිබාන් පාලකයින් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාරද ඉල්ලා ඇතැයි සඳහන්. ඇෆ්ගනිස්ථාන වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංකයේ ඒකක 6.0. භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපාංක ඒකක 4.5 ත් 5.2 ත් අතර පසු කම්පන තුනක්ද සිදුව තිබුණා.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you