NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 40

Tharu Mal Viyan තරු මල් වියන් – 40

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

මේනකත් ආදිත්‍යයත් පැමිණෙන විටත් අංජලී සිටියේ තද නින්දේය. ඉනෝකාත් ධනුෂ්කත් පුදුමයෙන් සිටියේ සිදුවන කිසිවක් ගැන කිසිත් නොදැනමය. ගයානි ඔවුනට කෙටියෙන් සිදුවීම පැවසුවේ මේනක නිවසට ඒමට පෙරය.

“කෝ නංගී…?”

මේනක අපැහැදිලි හඬකින් ඇසීය. අංජලී නින්දේ බව කීවේ රංගිකාය.

“මේ කරපු දේට නම් මං…”

මේනක කෝපයෙන් කීවේ දත් මිටි සපමිනි. ඔහු නිතර කෝපයට පත් වන පුද්ගලයෙක් නොවන බව ඔවුන් දැන සිටි නිසාම ඔහුගේ කෝපය පිළිබඳව බියකින් පසු වූහ.

“කළබල නොවී ඉන්න පුතේ…දැන් ඉතින් මේවා වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවේනේ…”

ධනුෂ්ක කීවේ මේනක සනසන අදහසිනි.

“එයා මගේ නංගී…ඒක හැමදාම එහෙමයි…කාටවත් බැහැ ඒක වෙනස් කරන්න…”

දැඩි සංවේගයකින් මේනක කීවේය. ඔහුට වුවමනා වූයේ අංජලී අවදි කරවන්නට වුවද ආදිත්‍යත් ගයානිත් ඊට ඉඩ නොදුන්හ. ඒ අතර ඉන්ද්‍රාණි ඇමතුමක් ගෙන ආදිත්‍යට කීවේ ඉක්මනින් ආපසු එන ලෙසය. ගිම්හානිට තරමක් අමාරු බව පැවසුවෙන් ආදිත්‍ය මේනකද සමඟ නැවත නිවසට ගියේ රංගිකාට මෙහි නවතින ලෙස පවසමිනි.

“මොන දුෂ්ට වැඩක්ද මේ කෙල්ල කරලා තියෙන්නේ…ඕවට නම් ඉතින් පටිසන් දෙයි…”

ඉනෝකා කීවේ කෝපයත් ශෝකයත් මුසුවය.

“අම්මලා මේ දේවල් දන්නවා කියලා අංජලීට අඟවන්නවත් එපා අම්මේ…ඒකෙන් එයාගේ හිත තවත් පෑරෙයි…”

ගයානි කියන විට ඉනෝකාද එයට එකඟව හිස සැළුවාය.

“මං හෙට උදේම එයා එක්ක යනවා…මෙහෙ හිටියාම තවත් අවුල්…ටික ටික හිත හැදෙයිනේ…”

ගයානි යළිත් කීවාය.

“ඒක හොඳයි…කොහොම වුණත් මේ ළමයා මේ ගැන මීට කලින් දැනන් ඉඳලා තියෙන්න අද මෙහෙම වෙන්නේ නැහැ…”

ධනුෂ්ක කීවේ කල්පනාකාරී හඬකිනි.
——————————————————————————————————
නින්දෙන් අවදි වුණු අංජලීට තමා සිටින්නේ කොහිද කියා එකවරම සිතා ගන්නට නොහැකි විය. සියල්ල යළිත් සිහි වන්නට මඳ වේලාවක් ගත විය. සිත පුරා යළිත් ඇති වූයේ කළකිරීමකි.ඈ යළිත් දෑස් පියා ගත්තේ දිගු සුසුමක් හෙළමිනි. පසු දින උදෑසන යළිත් නවාතැනට යා යුතු බව ඇයට සිහි විය. පිටතින් ගයානිගේ නිවැසියන්ගේ කට හඬවල් ඇසුණද ඇයට පිටතට යෑමට සිත් නොවීය. මේනක පැමිණ ගිය බවවත් ඈ නොදත්තාය. ගයානි කාමරයට එබී විදුලි පහන දැල්වූයේ ඒ මොහොතේය. ඈ එකවරම වැටුණු එළිය නිසා දෑස් මුවා කර ගත්තාය.

“ඔයා ඇහැරියද…එන්න කෑම කාලා ඉමු…රංගිත් ඉන්නවා…පව් එයාටත් බඩගිනි ඇති…”

මෘදු හඬකින් ගයානි කීවාය. අංජලී මුළින් දිගු හුස්මක් ඇද්දාය. අදිමදි කරන්නට සිතක් ඇයට නොවීය. සමහරවිට ගයානි දැනටමත් සියල්ල නිවැසියන් හා පවසා ඇතිවාට සැක නැත. ඈ යහනින් බැස ගත්තේ ලෙහුණු කොණ්ඩයද බැඳ ගනිමිනි.

“අම්මේ ඇති යාන්තම් නිදි කුමරී ඇහැරිලා…පුදුම නින්දක්නේ මේක…”

රංගිකා ඈ දැක සැහැල්ලු හඬකින් කියන විට අංජලී මඳහසක් මුවේ තවරා ගත්තාය.

“යමු යමු ළමයිනේ රෑ වුණා…කාලා ඉමු…කෑමත් සීතල වෙලා ඇති…”

ඉනෝකා අංජලී අතින් අල්ලාගෙන මෙන් පිටුපසට කැඳවාගෙන පැමිණියේ ඈ පැකිළෙතැයි සිතාය. කුසගින්නක් නොදැනුණද අංජලී බත් කටවල් කීපයක් අනාගෙන කෑවාය. ගිම්හානි රෝහල් නවතන්නට ගෙන ගිය බවක් ඒ අතරේ ගයානි කීවේ මේනකද පැමිණ හදිසියේ ගිය බව කියමිනි.

“අක්කාට අමාරු වෙලාද..? අනේ පව්…”

අංජලී කීවේ ගිම්හානි පිළිබඳව උපන් සැබෑ අනුකම්පාවකිනි. ඇයව බලන්නට යන්නට නොහැකිය. ඔවුන් කිසිවෙකුට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බව කීවේද සංචලාය. එසේ තිබියදී දැන් ඒ කිසිවෙකු මුණ ගැසෙන්නටද සිතක් ඈ තුළ නොවීය. ඇගේ සිතට වඩාත් දුකක් දැනුණේ සංචලාගෙන් මෙය දනගන්නට වීම නිසාය. දැන් එයට පමා වැඩිය. තමාට මෙලොව සිටි එකම සරණය මොලොව හැර ගොස් වසර ගණනාවකි. ගිළිහෙන්නට ගිය සුසුම අංජලී නවතා ගත්තේ ආයාසයක් දරමිනි. ඈ යළිත් කාමරයට පැමිණියේ තනිවන්නට වුවමනාවටය. රංගිකාත් ගයානිත් කාමරයට එන විට ඈ යහනේ හරි බරි ගැහී හිඳ ගත්තාය.

“හෙට උදේම යනවද…?”

රංගිකා ඇසුවේ යහන මත හිඳ ගනිමිනි. ගයානි දුන් සැහැල්ලු ගවුමකින් හැඳ සිටි ඈ විවාහයෙන් පසුව වඩා සුන්දරව දිස්වනවා ඇතැයි කියා අංජලීට සිතුණේ නිකමටය.

“ඔව්…උදෙන්ම යනවා නේද ගයා…?”

“ඔව්…උදෙන්ම යමු…මේ…අපි ගිම්හානි අක්කාවත් බලලාම යමුද…? ආදි අයියා එනවනේ උදෙන්ම මෙයා එක්ක යන්න…”

ගයානි ඇසුවේ අංජලී එයට අකමැති වනු ඇතිදැයි සැකයෙනි. ඈ පිළිතුරක් නොදී මොහොතක් නිහඬව සිටියාය.

“ඔයාලා ගිහින් එන්න…”

සුළු මොහොතකට පසුව ඈ කීවාය. ගයානිත් රංගිකාත් මුහුණින් මුහුණ බලා ගත්තා මිස කිසිත් නොකීවෝය. ඇයට බල කරන්නට නොහැකිය. එය ඇගේ තීරණයයි. තුවාල වූ සිත සුව වන්නට කාලයක් වුවමනාය. සංචලා මේ කළ දෙයට නම් ඇයට කිසිදා සමාවක් නොදෙන බව ඔවුන් දෙදෙනාම සිතටම දිවුරා සිටියෝය.
——————————————————————————————————
නිවසට යාමට බියෙන් සංචලා සිටියේ මිතුරියකගේ නිවසේය. පියාගෙන් ලද ඇමතුමට ඈ පිළිතුරු දෙමින් කියා සිටියේ තමා ඉන්නේ මාලකගේ නිවසේ බවය. මාලක නිවසට පැමිණි බවක් ඈ දැන නොසිටියාය. රංගන කෝපයෙන් කෑ ගැසුවේ දැන්ම නිවසට පැමිණෙන ලෙසය. තැති ගත් සංචලා ඒ මොහොතේම කුලී රියක නැඟී නිවසට පැමිණෙන විටත් මාලක සිටියේ රංගන සමඟ කතා බහකය. පියා සැබෑවටම කෝපයට පත්ව සිටියද මාලක නම් සිටියේ එසේ නොවේ. ඔහුට ඈ කෙරෙහි ඇතිව තිබුණේ බලවත් පිළිකුළකි.

“මා…ලක…කොයි වෙලේද ආවේ…?”

ඔහු ඈ දෙස බැලීමටවත් උනන්දුවක් නොවීය.

“තමුන් කොහෙද හිටියේ මෙච්චර වෙලා…?”

රංගන ඇසුවේ කෝපයෙනි.

“යා..ළුවෙක්ගේ දිහා…”

“එතකොට මං අහනකොට මොනවද කිව්වේ…?”

සංචලා නිරුත්තරය. ඇගේ සිතට කෝපයක් පිවිසිණි.

“මෙයාගේ අම්මා මාව ගෙදරින් එළෙව්වා…මං ගියේ ඒ නිසා…”

එවර රංගන අසුනින් නැඟිට සංචලාට අත දිගු කර ගැසූ කම්මුල් පහරින් ඈ ඇද වැටුණාය.

“ගෙදරින් එළෙව්වා…ඇයි එළෙව්වේ…? උඹ වගේ එකියක් හැදුවට වඩා හොඳයි සතෙක් හැදුවා නම්…”

පියා මෙතරම් කෝපයෙන් සිටි දවසක් ඇගේ මතකයේ නොමැත.

“ඉතින් හදාගන්න තිබුණානේ සතෙක්ව…”

සංචලා බිම හිඳගෙනම කෑ ගැසුවාය. විවාහයට පෙර ඇගේ සැබෑ ස්වරූපය දැක ගත්තා නම් කියා මාලකට සිතුණේ මේ මොහොතේය.

“උඹ යක්ෂණියක්…හැපින්නක්…ඉපදුණු ගමන් අනාථ මඩමකට දාන්න තිබුණේ මේකිව…”

ඒ මොහොතේ එහි දිව ආ බිරිඳ දෙසට බැල්මක් හෙළමින් රංගන කෑ ගැසුවේය. සංචලා එයින් නම් තැතිගත්තාය.

“මෙයා දැනගෙන තමා ඒකි එක්ක යාළු වුණේ…දැන් මට වැරැද්ද පටවනවා…”

එවර ඈ සිතේ කෝපය මාලක පිටින් යවන්නට උත්සාහ දැරීය.

“එහෙම දැනන් හිටියා නම් මං කසාඳ බඳින්නේ අංජලීව…තමුසෙව නෙවේ…ඒත් දැනගන්නවා…ඒ මගේ නංගී…එයාට වචනයක් කියලා තිබුණොත් මං නරක මිනිහයි කියන්න එපා…තමුන්ව දැන් මං අතෑරල ඉවරයි…මේ කරපු දේට නම් කවදාවත් සමාවක් ලැබෙයි කියලා හිතන්න එපා…”

මාලක නිවසින් එළියට බැස ගියේ එසේ පවසමිනි. නිවස තුළ මොහොතකට පැවතියේ නිහැඬියාවකි. සංචලා තවමත් බිම හිඳගත්වනමය. රංගන පහව නොගිය කෝපයෙනුත් ගිනිගත් දෑසිනුත් වරින් වර සංචලා දෙස බලමින් ඇයට බැන වැදුණාය. බුද්ධිමා නිහඬව සිටියේ දියණියගේ කෝපය තමා පිටින්ද යනු ඇතැයි බියෙනි. මෙවර නම් ඇයට සමාවක් නැත. මාලක ඇයව දික්කසාද කරනු ඇති බව නම් සහතිකමකය. ඒ ඇගේම වරදය. නුවුමනාදේට හොට නොදා පඩුවේ සිටියා නම් මේ කිසිත් නැත. නමුත් දැන් අවවාද දි පලක් නැත. මේ සියල්ල ඇගේම වරදය. ඈ දඬුවම් ලැබිය යුතුමය. බුද්ධිමා සුසුමක් හෙළුවේ කෝපයෙනුත් ශෝකයෙනුත්ය.

-18 වෙනි සඳුදා නැවත මුණ ගැසෙමු-

Latest news

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...
- Advertisement -spot_img

රත් දෝතළු – 95

රත් දෝතළු - 95 ජීවිත අලුතින් ඇරඹිය යුතුව ඇත. නිලූපා සොයුරිය කියන්නාක් මෙන් අතීතයේ සිරවී ජීවත් වී ඵලක් නැත. ඉන්...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you