NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 32

Tharu Mal Viyan තරු මල් වියන් – 32

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

රාත්‍රිය තුළ වූයේ දිගු නිහැඬියාවකි. අහසද අඳුරුය, පිටත අඳුර අතරින් ඇසුණේ රැහැයි නාදය පමණි. තම ජීවිතයත් අඳුරු වී ඇත්තේ මෙසේම නොවේද කියා ඔහුට සිතිණි. එය තමා විහින් කරගන්නා ලද්දකි.

“චූටි පුතා…මේ වෙලාව නම් කතා කරන්න තරම් හොඳ වෙලාවක් නෙවේ…ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ…ඔයාගේ කැමැත්තටනේ ඔයා කසාඳ බැඳ ගත්තේ…එහෙම වෙලත් ඔය දෙන්නා අතරේ ප්‍රශ්න…දැනටම මෙහෙම නම් කොහොමද තව ඉස්සරහට ඔය දෙන්නා ජීවත් වෙන්නේ…මායි තාත්තයි බැඳලා දැන් අවුරුදු විසි ගානන් වෙනවා…අපි අතරේ මේ වන තුරුම ආරවුලක් ඇති වෙලා නැහැ…ඔයාලට ප්‍රශ්නේ අපි නම්…අපි වෙනම පදිංචියට යන්න තීරණය කරලා තියෙන්නේ…”

ඒ කතාවෙන් මාලක තිගැස්සුණේය.

“අම්මලා කොහේ යන්නද…මේක අම්මලාගේ ගෙදර…”

“ගෙයක් කියන්නේ සැනසීමක් ඇතිව ඉන්න පුළුවන් තැනකට…මේ ගෙදර සැනසීම නැහැ දැන් චූටි පුතා…මේ හැමදේම ඔයා නිසා…ඔයාගේ කැමැත්තට බැඳ ගත්තා නම් ඒ කසාද ජීවිතේ හරියට ගත කරන්න…”

ඉන්ද්‍රාණි වෙන කිසිත් නොකියා ගෙතුළට පැමිණියාය. මාලක මොහොතක් එලෙසා හිඳ බලා සිටියේ කෑලි කැපිය හැකි ඝනඳුර දෙසය. ඔහු මුවින් සුසුමක් පිට වූයේ ඔහුද නොදැනුවත්වමය. ජීවිතයේ සියල්ල සැහැල්ලුවට ගෙන ජීවත් වූ තමාට මේ සිදු වූයේ කුමක්ද කියා ඔහුටම සිතා ගත නොහැකි විය. ඔහු ගෙතුළට පැමිණියේ හිස් වූ හැඟීමකිනි.

“ඔයා දන්නවද අංජු…?”

ආදිත්‍ය හමුවීමට ගොස් පැමිණි රංගිකා ඇඟ පත සෝදාගෙන කාමරයට එන විට අංජලී සිටියේ අළස ලෙස යහන මත වැතිර ගෙනය.

“නැහැනේ…මොකක්ද…?”

ඈ ඇසුවේ විහිළුවටය. රංගිකා බැරෑරුම් බැල්මක් අංජලී වෙත හෙළුවාය.

“මං සීරියස් දෙයක් කියන්න හැදුවේ…ජෝක් එකට ගන්න එපා…”

රංගිකා තරමක තද හඬකින් කියන විට අංජලී වහා නැඟිට යහන මත හිඳ ගත්තාය.

“මොකක්ද…?”

එවර ඈ ඇසුවේ උනන්දුවෙන් රංගිකා දෙස බලානය. කිසිත් කීමට පෙර ඈ කළේ සුසුමක් හෙළීමය.

“ඔයාලාගේ මාමාලා ගෙදර හරි ප්‍රශ්නලු…”

අංජලී තිගැස්සුණාය.

“මොකද වෙලා තියෙන්නේ රංගි…?”

ඈ ආදිත්‍යගෙන් දැනගත් තොරතුරු අංජලී හා පවසන විට ඈ අසා සිටියේ ශෝකී හදිනි.

“ටිකක්, ටිකක් මාත් දන්නවා…ඒත් මේ තරම් ප්‍රශ්න ඇති කියලා මං හිතුවේ නැහැ…”

“ගෙදර නිකන් පාළු සොහොන් පිටියක් වගේලු…සුදු අයියා ආදි එක්ක කියලා තියෙන්නේ…පව් අනේ…මට නම් හරිම දුකයි…මේ යක්ෂ ගෑණියෙක් කරපු හරියක්…මාලක පැත්තකින් තියමු…පව් නැන්දලා…”

අංජලීගේ හද දැවී ගියේය.

“අනේමන්දා රංගි…”

“සංචලා සංඩු වෙන හැම වෙලේම ඔයාගේ නම් ඇදලා අරන් කෑ ගහනවලු…”

අංජලී බියපත් දෑසින් මිතුරිය දෙස බැලුවාය.

“දෙවියනේ…! ඒ ඇයි අනේ…?”

“කොහොමත් එයාට සැකේ තිබ්බානේ… පිස්සු අනේ…වෙන මොනවද…?”

දැන් ඒ සියල්ල මාමාත් නැන්දාටත් රහසක් නොවන බව නොකිවමනාය. අංජලීගේ සිතේ ඇති වූයේ කළකිරීමකි.

“මේ හැමදේම මාලකගේ වැරදි…”

රංගිකා යළිත් කීවේ යහන මතින් නැඟී සිටිමිනි.

“මාමලා දුකෙන් ඉන්නවා ඇත්තේ…”

ඈ කීවේ ශෝකී හඬකිනි.

“ඔයා ඕවා හිතන්න එපා…ඔයා වරදක් කළේ නැහැනේ…මාලක නිසා අනික් අයටයි විඳවන්න වෙලා තියෙන්නේ…නැත්නම් මං නම් සතුටු වෙනවා එයාට විතරක් මේකෙන් වේදනාවක් ඇති වුණා නම්…එයා කොයි වෙලේ හරි ඇවිත් ඔයාගෙන් සමාව ගනියි…”

අංජලී පුදුමයෙන් රංගිකා දෙස බැලුවාය. එය අනාවැකි පළ කරන්නාක්කක් මෙනි. ඇයට එවන් දෙයක් වුවමනා නැත. ඔහු තම මතයට විවාහ වූවා නම් සතුටින් සිටීමට දැන ගත යුතුය.

“සංචලා එදා ඉඳන්ම මට කැමති නැහැනේ…එයාට පොඩි දේකුත් ඇති මාලක එක්ක සංඩු වෙන්න…”

“මාලකට දැනටම තේරිලා ඇති කරගත්ත ගොංකම…”

එය කෙසේ වුවත් එයින් පීඩා විඳින්නේ මාමාත් නැන්දාත්ය.අංජලී යහන මත වැතිර දෑස් පියා ගත්තාය. සංචලා නිවසින් ගොස් සතියක් පමණ වන බව ඇසීමෙන් ඈ තුළ ඇති වූයේ කම්පනයකි. මාලක තවම ඇයව කැඳවා ගෙන ඒමට ගොස් නැත. දෙදෙනාගේම ගතිගුණ එක සමානය. පහත් වන්නට අකමැතිය. උඩඟුය. නිහතමානී කමක් නැත. එසේ ඇත්නම් මාලක සංචලා කැඳවාගෙන ඒමට ගොසිනි. දැන් ඉතින් ඔවුන් ගැන සිතා පළක් නැත. මේ සියල්ල ඔවුන් විහින් කරගත් දේය. නමුත් දැන් උත්ගතව ඇත්තේ මේ ප්‍රශ්න වලට තම නමත් ඈඳාගැනීම නිසා තම මානසික නිදහසත් නැතිව යෑමය.

“මාලක මැරි කරලවත් මට සැනසීමක් නැහැනේ…”

ඈ සිතුවේ ශෝකයත් කෝපයත් මුසු හදිනි.
——————————————————————————————————
සංචලා හිතුමතේ නිවසට පැමිණීම ගැන රංගන සිටියේ කෝපයෙනි.

“මාලක මේකිගේ කනට නොගහ එවපු එකයි මට දුක…”

ඔහු කීවේ ආලින්දය පුරා එහෙටත් මෙහෙටත් සක්මන් කරමිනි.

“හරි ෂෝක්…තාත්තා කෙනෙක් කියන කතාවක්ද මේ කියන්නේ…ළමයාට දොස් කියන්න කලින් බෑණාට දෙකක් කතා කරලා ඉන්න බැරිද ඔයාට…?”

“තමුසේ කට වහගන්නවා…මං නොදන්නවද දෝණියැන්දාගේ තරම…තමුසෙ තමා මේකිව හුරතල් කරලා නරක් කළේ…දැන්වත් මට්ටු වුණා නම් ඇති… මට ඒ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි කළා…හේෂාන්ලා මොන තරම් වැදගත් පවුලක්ද…මේකිගේ හොම්බ තලන්න හිතයි මට…”

පියා කෝපයෙන් තමාට පහර දෙනු ඇතැයි සිතා සංචලා කාමරයට පැන ගත්තාය.

“මේ මඟුල කඩාගෙන මේ ගෙදර නම් පස් පාගන්න හිතන්න එපා…අම්මාවයි දුවවයි දෙන්නවම මං පන්නනවා ගෙදරින්…”

සැමියා එසේ කියන්නේ නිකමට නොවන බව දැන බුද්ධිමාද දියණිය වෙනුවෙන් කතා කරන්නට නොගියාය. සංචලාට දැනුණේ අසරණ හැඟීමකි.
රංගන හේෂාන් හමු වී සමාව ඇයැද සිටියේ වරද තම දියණිය අත බව දැනමය.

“තමන්ගේ වරද තෙරෙන්න ඔහොම ටික දවසක් හිටපුවාවේ හේෂාන්…මට ලැජ්ජයි ඔයාලට මූණ දෙන්න…”

“මට තේරෙනවා…මේ ප්‍රශ්ණේ නිසා ඉන්දු ඉන්නේ හරිම හිතේ අමාරුවෙන්…එයා පුතාට කිව්වා ගිහින් දුවව එක්ක එන්න කියලා…ඒත් එයා කැමති නැහැ…ගියා නම් එයි කියලා තමා බලන් ඉන්නේ…”

“මාලකට මං කතා කරන්නම්…ඔහොම ටික දවසක් හිටපුදෙන්…ආයේ ප්‍රශ්නයක් ඇති වුණොත් හේෂාන්ලා ගන්න ඕනම තීරණේකට මං එකඟ වෙනවා…”

රංගන කීවේ දැඩි සිත් වේදනාවකින් යුතුවය.

“නැහැ…නැහැ…එහෙම කිසි දේකට හදිසි වෙන්න එපා…තාම තරුණ වයසනේ…අපි බලමු…”

හේෂාන් වහා කීවේ රංගන කී දේ වටහාගෙනය. රංගන නිවසට පැමිණියේ යම් තරමකට හෝ සහනයට පත් සිතිනි.

“මොකද වුණේ…හේෂාන්ලා මොකද කියන්නේ…?”

නිවසට ගොඩ වූ විට බුද්ධිමා ඇසුවාය.

“කියන්නේ…අහන කැත…තමුනුත් මේවට වැරදිකාරියක්…එකා කිය කියා හුරතල් කළා…දැන් පේනවනේ…මං ලැජ්ජ වෙන්න ඕන මිනිස්සු ඉස්සරහා…”

“ඇයි එයා ඔයාට දොස් කිව්වද…මං කතා කරන්නම්කෝ ඉන්දුට…”

එම කතාවට රංගනගේ කෝපය ඇවිස්සිණි.

“කතා කරන්න…? කතා කරලා තව ටිකක් ලැජ්ජ කරන්නද…හදන්නේ…පාඩුවේ කට වහන් ඉන්නවා මාව අවුස්ස ගන්නේ නැතිව…ඒ මිනිස්සුන්ගේ වැදගත් කම තමුසෙ ළඟවත් ගෑවිලාවත් නැහැ… ලැජ්ජායි මට…”

බුද්ධිමා නිහඬ වූවාය. රංගන කාමරයට වැදුණේ පහව නොගිය කෝපයෙනි. මේ අතර ඉන්ද්‍රාණිද මාලකට කොතෙකුත් කීවේ සංචලා කැඳවාගෙන එන ලෙස වුවද ඔහු එය කනකට හෝ නොගත්තේය.

“ගියා නම් එයි…මං යන්න කිව්වෙත් නැහැ…ගහලා පැන්නුවාවත් නෙවේනේ…”

මාලක ඒ මොහොතේ කීවේ උපහාසය මුසු හඬකිනි.

“ඔහොම ප්‍රශ්න ඇති කරගෙන පවුල් කන්න බැහැ චූටි පුතා…”

හේෂාන් නිවුණු හඬකින් කීය.

“වරද මගේ නෙවේනේ තාත්තේ…”

“වරද ඔයාගේ තමා…ඒත් දැන් ඒක නිවැරදි කරන්න ප්‍රමාද වැඩියි…ඔයා දුරදිග නොබලා කරගත්තු දේ නිසා තමා අද දුවටත් මේ ගෙදරට එන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ…”

පියාගේ එම වදන් නම් මාලකගේ සිතට තදින්ම වැදිණි. ඔහු නිහඬ වූයේ කීමට කිසිත් නොවූ නිසාය.

-හෙටත් හමුවෙමු-

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you