More
    InterviewsAamir Khan සාමාන්‍ය අයට වඩා අසාමාන්‍ය අය එක්ක වැඩ...

    Aamir Khan සාමාන්‍ය අයට වඩා අසාමාන්‍ය අය එක්ක වැඩ කරන්න ලේසියි

    -

    spot_img

    Aamir Khan ගේ නවතම චිත්‍රපටය Sitaare Zameen Par පසුගිය ජුනි 20 තිරගත වුණා. පැසිපන්දු පුහුණුකරුවෙක් සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳ කතාව රැගත් මෙම චිත්‍රපටයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අමීර් ඛාන් මේ හරහා නවක නළු නිළියන් දස දෙනෙක් හඳුන්වා දුන්නා. ඔවුන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වීම බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. මේ ඔහු චිත්‍රපටය සම්බන්ධව The Hindu සමගින් සිදුකල කතාබහක්. 

    Aamir Khan

    • Laal Singh Chaddha චිත්‍රපටයෙන් පස්සෙ ඔබ විවේකයක් ගන්නා බව පැවසුවත් එහෙම වුණේ නැහැ. Sitaare Zameen Par එක්ක ඔබ ආයෙම ආවා.
    චිත්‍රපටයක් ගැන අදහසක් ආවම ඒක කරන්නම ඕනෙ. මගේ අධ්‍යක්ෂක ආර්.ප්‍රසන්න මට අදහසක් දුන්නා. ඒ ස්පාඤ්ඤ චිත්‍රපටයක් වෙන Champions (2018) ගැන. චිත්‍රපටය බලලා මම ගොඩාක් සංවේදී වුණා. Taare Zameen Par චිත්‍රපටයේ මීළඟ එක මේ කතාව වෙන්න ඕන කියලා මම හිතුවා. ස්නායු ආබාධවලින් පෙළෙන අය ගැන මිනිස්සු මීට වඩා දැනගන්න ඕනෙ. ඒ පිළිබඳව සමාජයේ මතිමතාන්තර වෙනස් වෙන්න ඕනේ.

    Aamir Khan

    • චිත්‍රපටයට අන්තර්ජාලයේ විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඒවා චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපානව කියල හිතෙන්නෙ නැද්ද?
    අයහපත් ප්‍රතිචාර චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපානව කියල මම හිතන්නෙ නැහැ. චිත්‍රපටයක් හොඳයි නම් එවැනි ප්‍රතිචාරවලට කරන්න පුලුවන් දෙයක් නැහැ. එවැනි ප්‍රතිචාර නිසා Laal Singh Chaddha අසාර්ථක වුණා කියලා ඔබට කියන්න පුළුවන්. නමුත් ඒක ඇත්තක් නෙමේ. Laal Singh Chaddha ට බැරිවුණා ප්‍රේක්ෂක හදවත් ස්පර්ෂ කරන්න. ඒකයි එය අසාර්ථක වුණේ.
    • ඔබේ චරිතය වෙන ගුල්ෂාන් සහ ඔබේ සම නළු නිළියන් දස දෙනාගෙන් ඔබ මොනවද ඉගෙන ගත්තේ?
    ඒ අය වයස 18 – 42 වයස් සීමාවේ අය. වැඩිමලා Rishi Shahani. ඇය 1999 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී (විශේෂ ආබාධ සහිත අයගේ) පිහිනුම් අංශයෙන් ඉන්දියාවට රන් සහ රිදී පදක්ක්ම් ගෙනැත් දුන්නා. ඔවුන්ගෙන් මම ඉගෙන ගත්තෙ සතුටින් සිටීමේ වැදගත්කම. පුද්ගලයෙක්ගෙ IQ අගය 195 ඉක්මවා ගිහිල්ලත් ඔහු හෝ ඇය ඉන්නෙ කනස්සල්ලෙන් අමනාපයෙන් නම් ඒකෙන් වැඩක් තියෙනවද? මම පසුගිය අවුරුදු තිස් පහ තුළම ස්නායු සාමාන්‍ය අය එක්ක වැඩ කළා. සාමාන්‍යයෙන් රූගත කිරීම් කරන විට ඔවුන් අතරෙ විවිධ ගැටුම් තියෙනවා. නමුත් Sitaare Zameen Par හි කිසිම වෙලාවක එවැනි ගැටළු තිබුණෙ නැහැ. ඔවුන් දහ දෙනා බොහොම සතුටින් එකිනෙකා එක්ක සහයෝගයෙන් වැඩ කළා. ඔවුන් සතුට බෙදාහැරියා. ඒක හරි අහිංසක, පිවිතුරු දෙයක්.

    Aamir Khan

    • චිත්‍රපටයේ ප්‍රචාරණ සැලසුම් සම්බන්ධව මොකද හිතෙන්නෙ?
    මම ඒ සම්බන්ධ අනවශ්‍ය යෝජනා ප්‍රතික්ෂේප කළා. මට මේ දේවල් ලැබුණෙ සිනමාහල් නිසා. ඒ ආකෘතියට මම කැමතියි. විශාල මූල්‍යමය පාඩුවක් වුණත් සමහර අවස්ථාවල මම ගොඩක් ඉවසිලිවන්තයි. වර්තමානයේ මගේ මෙහෙවර වන්නෙ ඉන්දියාවේ සිනමා කර්මාන්තය නැවත පණ ගැන්වීම. එකම සිනමාහලක් හෝ නොමැති ප්‍රදේශ ඉන්දියාවේ තිබෙනවා. මුබ්බායි, නවදිල්ලි වැනි නගරයක සිනමාහලක් ඉදිකරන්න විශාල මුදලක් වැය වෙනවා. නමුත් රටේ ඉතිරි ප්‍රදේශ? අපි මේ රට පුරා සිනමාශාලා ඉදිකරන්න ඕනේ.

    Aamir Khan

    • ඔබ Lokesh Kanagaraj සමග ක්‍රියාදාම චිත්‍රපටයක් කරනවා. එය ලබන අවුරුද්දෙ තිරගත වෙයිද?
    Laal Singh Chaddha ට පස්සෙ ක්‍රියාදාම චිත්‍රපටයක් කරන්න කියලා බොහෝ අය මට කිව්වා. නමුත් මට ඕනෙ වුනේ මේ කතාව කියන්න. 2008 දී මම ගජිනි කරන්න ගන්නකොට පසුගිය වසර පහ පුරාම ක්‍රියාදාම චිත්‍රපට අසාර්ථක වුණ බව අසන්නට ලැබුණා. ක්‍රියාදාම චිත්‍රපට සඳහා එය වැරදි කාලයක් බව අසන්න ලැබුණා. කොහොමත් මගේ චිත්‍රපට අමුතු කාලවලදී නිකුත් වූ ඒවා. මට මේ කර්මාන්තයේ මිනුම් අදාළ නැහැ. මම කරන්නෙ මගේ හදවතට කියන දේ. ඒ වගේම තමයි මට මගේ ප්‍රේක්ෂකයන් පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තිබෙනවා. මම හොඳ චිත්‍රපටයක් කළානම්, අනිවාර්යයෙන්ම ඔවුන් එය නරඹාවි.

     

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page