ArtKaleidoscope කසාදයක් බැඳගත්තු පමණින් මිනිස්සු තෘප්තිමත් වෙනවද?

Kaleidoscope කසාදයක් බැඳගත්තු පමණින් මිනිස්සු තෘප්තිමත් වෙනවද?

-

spot_img

Kaleidoscope කසාදයක් බැඳගත්තු පමණින් මිනිස්සු තෘප්තිමත් වෙනවද?
Danielle Steel

ජීවිතය,හිමි වීම් හා අහිමි වීම්වල එකතුවක්. දුක සතුට දෙකෙහි සම්මිශ්‍රණයක්. හැම හිමිවීමකම අහිමිවීමකුත් තිබෙනවාමයි. මේ කතාව සුරංගනා කතාවක් තරම් සුන්දරව ඇරඹෙන කතාවක්.

ඔහු සෑම්. දෙවන ලෝක යුධ සමයේ සේවයේ නියැලුණු හමුදා නිලධාරියෙක්.සෑම් ගේ හොඳම මිතුරා ආතර්. එවකට ඔවුන් සේවය කළේ ප්‍රංශයේ . යුද්ධයේ බිහිසුණු බවට මුහුණ දුන් ප්‍රංශයේ වීදි අතරින් ඇවිද ගිය සෑම් දිනක් බොහොම සුන්දර දසුනක් දකිනවා. ඇය ප්‍රංශ යුවතියක්. මේ දුප්පත් කෙල්ලගෙ ඇඟට ලොකු ඇඳුමටවත්,කෘශ ව ගිය සිරුරටවත් හැකිවුනේ නැහැ ඇගේ සුන්දරත්වය හා අභිමානවත් පෙනුම සොරා ගන්නට. ඒ මොහොතෙ සෑම් ට සිතුනෙ එකම දෙයයි. ඔව්,ඇය තමා සතු කර ගත යුතුයි. බොහෝ සේ උත්සාහ කිරීමෙන් අනතුරුව සෑම් ඇයගේ ප්‍රේමය දිනාගන්නවා. ඇය ‘සොලෝන්ජ්'(Solange) ඇයත් ඔහුට ගොඩක් ආදරය කළා. සෑම් හරිම වාසනාවන්තයෙක් බව ආතර් සිතුවා. නමුත් ආතර් ඔහුට ඉරිසියා කලේ නැහැ . ආතර් හොඳ මිත්‍රයෙක්.

සෑම් ට නළුවෙකු වීමේ සිහිනයක් තිබුණා . වසර ගණනාවක සොඳුරු පෙම් කතාව අවසන ඔහු ඇයව නිව්යෝර්ක් වෙත ගෙන්වාගත්තා . විවාහ වූ සෑම් හා සොලෝන්ජ් ගත කලේ ප්‍රේමය පිරුණු දිවියක්. නළුවෙකු වීමේ ඔහුගේ හීනය ක්‍රම ක්‍රමයෙන් සැබෑ වෙන්න ගත්තා. අවසානයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණීම ට ඔහුට හැකිවුණා . සෑම්ටත් වඩා,සොලෝන්ජ් ගේ රූමත්කම ගැන සියල්ලන්ගේ අවධානය යොමු වුණා. ඔවුන්ට සුන්දර ,සුරතල් දියණිවරු තිදෙනෙක් ම ලැබුණා . හිලරි,ඇලෙක්සැන්ඩ්‍රා හා මේගන්.

හොඳ රැකියාවක්,සුඛෝපභෝගී නිවසක්,විවාහයක්,දරුවන් ලැබුව පසු කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණ බව මිනිසුන් පවසනවා. ඒ කතාව ඇත්ත ද? එපමණින් මිනිස්සු තෘප්තිමත් වෙනවාද? නළුවෙකු වශයෙන් සෑම් එන්න එන්නම කාර්‍යබහුල වුණා. සොලෝන්ජ් නිවසේ තනිවුනා. ඇයගේ ප්‍රශ්න සියල්ලම ඈ පැවසුවේ ආතර් සමගින්.

සුරංගනා කතන්දර සුන්දර කතන්දරවලදීම පමණයි . සැබෑ ලෝකයේ දී එහෙම නැහැ. ඇත්තෙන්ම පියවි ලෝකයේ සුරංගනා කතා නැහැ! සෑම් හා සොලෝන්ජ් අතර ඇතිවන ගැටුමකින් ඔහු අතින් ඇය මරණයට පත් වෙනවා.
මේ සුන්දර පවුලේ විනාශය ඇරඹෙන්නේ එතැනින්. සෑම් ගේ ඛේදජනක මරණයෙන් පසුව දියණිවරු තිදෙනාගේ භාරකාරීත්වය ආතර් ට හිමිවෙනවා. නමුත් කෙල්ලන් තිදෙනෙක් රැකබලා ගැනීමට ඔහුට හැකියාවක් තිබුනේ නැහැ . ඉතින්,රැක බලාගැනීම හැකි උදවිය වෙතට මේ දියණියන් තිදෙනාව භාර දීමට ඔහු තීරණය කරනවා.

ගැහැණු ළමයින් අතරින් වැඩිමලා හිලරි. ඇයට මේ දේවල් වැටහුනා. කුඩාම නැගණිය මේගන් තවම අත දරුවෙක්. ඔවුන් තමන්ගෙන් වෙන් කරනවාට විරුද්ධ වන්නට ළමයෙකු වූ ඇයට හැකියාවක් තිබුනේ නැහැ . ඉතින් තිදෙනා ස්ථාන තුනක හැදී වැඩෙන්නට ගන්නවා. අවාසනාවන්තම තත්වය උදාවුනේ හිලරිටයි. අනේක විධ හිංසා මධ්‍යයේ ,වේදනා විඳිමින් ඇය උස්මහත් වුණා. සාහසික අයුරින් ලිංගික හිංසනයන්ට ලක්වුනා. විටෙක මියෙන්නට හිතුණත් ඇයට අරමුණු දෙකක් තිබුණා . එකක් ස්වාධීන ගැහැණියක් වීම. අනෙක ආදරණීය නැගණියන් දෙදෙනා සොයා ගැනීම.

ඒ අතීත කතාව.

හිලරි දැන් සමාජයේ පිළිගත් රැකියාවක නියැළෙනවා. හොඳ වැටුපක් ලබනවා. ඇය හැඟීම් එළිපිට නොපෙන්වන අමුතු ගැහැණියක් . ඇය “පිරිමි”කියන නමටත් වෛර කළා.. බිය වුණා. හිලරි ආතර්ව හමුවට යනවා. ඔහු දැන් වියපත්. ඇයට නැගණියන් සොයා ගැනීම අවශ්‍යයි . නමුත් ඔවුන්ගේ වර්තමාන තත්වය ගැන තමන් වැඩියමක් නොදන්නා බැව් ආතර් පවසනවා . සෑම් හා සොලෝන්ජ් ගේ ජීවිතයේ රහස් රැසක් ආතර් හෙළිදරව් කරනවා.
ඒ රහස් මොනවාද ? සුරංගනා කතන්දර තරම් ඒවා සුන්දර ද? නැගණියන් සොයා ගැනීමට හිලරි ට හැකිවෙයි ද?

අමෙරිකානු ලේඛිකා Danielle Steel විසින් රචිත Kaleidoscope, Romance ගණයේ නවකතාවක්. මෙම කතාව ” හිමි අහිමි ” නමින් මනරම් අයුරින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ කෝශලී සිරිචන්ද්‍ර විසිනි. Kaleidoscope (බහුරූපේක්ෂය). සැබැවින්ම ජීවිතයත් බහුරූපේක්ෂයක් මෙනි. එය විටෙක සොඳුරු මල් රටා මවයි. තවත් විටෙක බිහිසුණු යක්ෂ රූප මවයි.

 

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you