More
    spot_imgspot_imgspot_imgspot_img
    InterviewsWonder Woman ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන...

    Wonder Woman ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන එක කලකිරීමක් වගේ හැඟීමක්.

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Wonder Woman ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන එක කලකිරීමක් වගේ හැඟීමක්
    – Gal Gadot –

    ඇය පැමිණියේ ඊශ්‍රායලයෙන්.2004 වසරේදී ඊශ්‍රායල රූ රැජිණ වූ ඇය,හමුදාවට බැඳෙන්නේ ඉන් අනතුරුවයි. ඇය ඊශ්‍රායල අනිවාර්ය හමුදා සේවයේ සටන් පුහුණුකාරියක් ලෙස සේවය කළා. මේ, Wonder Woman නොහොත් Gal Gadot සමගින් Laura Brown විසින් In style සඳහා සිදුකළ කතාබහක්.

    • අපි මීට පෙර හමුවෙලා නෑ. ඔබ විප්ලවකාරී චරිතයක් කියලා මට හිතෙනවා. රූ රැජිණ කිරුළ හිමිකරගත් තැනින් අපි කතාව පටන් ගමු.

    හමුදාවට බැඳෙන්න කලින් මට ගොඩක් නිදහස තිබුනා. මට හිතුනා කවදහරි මම වයසට ගියාම,මගේ මුණුපුරන්ට කියන්න දෙයක් තියෙන්න ඕන කියලා. ආච්චි ඊශ්‍රායල රූ රැජිණ තරඟයට ඉදිරිපත් වූ බව ඔවුන්ට කියන්න ඇත්නම් කියලා හිතුවා. ඉතිං මං එයට ඉදිරිපත් වුනා. ජයග්‍රහණය කළා. ඒක මම බලාපොරොත්තු නොවුන ජයග්‍රහණයක්. ඊට පස්සෙ මම Miss Universe සඳහා ඉදිරිපත් වුනා. නිතරම ඇඳුම් මාරු කරන්න වගේ දේවල්වලට මං කැමති නෑ. ඒ වගේම මම ඉංග්‍රීසි දැනගෙන හිටියෙත් නෑ. හරිම අමාරු භාෂාවක්.(සිනාසෙයි)

    • තවමත් එහෙමද?

    ඇත්තෙන්ම. ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන එක සමහරවෙලාවට අසීරුයි. සමහරවිට මට කලකිරීමක් වගේ හැඟීමක් එක්ක මම සංක්‍රමණිකයෙක් නේද කියන දේ දැනෙනවා.

    • වෙනත් තැනක,රටක ජීවත්වෙමින් හොලිවුඩ්වල වැඩකරන එක හොඳයි කියලා ඔබ හිතනවද?

    හොලිවුඩ්වලට හුරුවෙන්න කාලයක් ගතවෙනවා. මිනිස්සු ගැන දැනගන්න. හැසිරීම් ගැන,ආචාරශීලී වෙන්න ඉගෙන ගන්න වගෙ දේවල්. මම වෙනත් සංස්කෘතියක කෙනෙක්. මං නිළියක් වෙන්න හිතුවෙ නෑ. ඒත් ඒක එහෙම වුනා.

    Wonder Women

    • හමුදා සේවයට පෙර රූ රැජිනක් වූ නිළියක් කියන්නෙ විශේෂ දෙයක් තමයි.

    ඔබ හැදුන වැඩුන පරිසරයත් එක්ක ඔබට එහෙම පෙනෙන්න පුළුවන්. නමුත් මම දන්න හැමෝම,දෙමව්පියන්,මිතුරු මිතුරියන්,ආච්චිලා සීයලා මේ හැමෝම හමුදාවේ සේවය කළා. එය අපේ ඊශ්‍රායල ජාතිකයන්ගේ DNA වල තියෙන දෙයක්. අනිවාර්ය දෙයක්.

    • සටන් පුහුණුකාරියකගේ ජීවිතය කොහොම එකක්ද?

    මම කඳවුරක් පැවැත්වූවා. මුහුදු වෙරලේ දිවීම්,ව්‍යායාම කරමින් මාස ගණනාවක් ගත කළා. මම පිට්ටනියක සටන් කරේ නෑ. මම හමුදාවේ අය සඳහා පුහුණු වැඩසටහන් සූදානම් කළ Jym උපදේශිකාවක්. එය උද්යෝගිමත් දෙයක්. මම උදේ පහේ සිට හවස හතර වෙනකම් වැඩ කළා.

    Wonder Women

    • තරුවක් වීමේ මුල්ම පියවර?

    එයට මූලික අඩිතාලම සකස්වූයේ මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අතරතුර. පළමුව මම රූපවාහිනී වැඩසටහනක පෙනී සිටියා. Fast & Furious තුලින් තමයි ප්‍රේක්ෂකයන් මාව හඳුනගන්නෙ.

    • වෘත්තීය ජීවිතය තුළ ඔබ ගත් ලොකුම අවදානම මොකක්ද?

    මට එහෙම දෙයක් දැනෙන්නෙ නෑ. මම,මගේ පවුල වෙත තදින් බැඳුන කෙනෙක්. මගේ රටෙන් ඈත්වෙලා ජීවත්වෙන්න සිදුවීම නිසා මට අපහසුවක් දැනෙන අවස්ථා තියෙනවා.

    • ඔබේ බලාපොරොත්තු?

    අපේ නිෂ්පාදන සමාගමේ වැඩ කටයුතු සාර්ථක කරගැනීම සහ හැකි තරම් හොඳින් මගේ වෘත්තිය සිදුකරන එක.

    • ඔබේ ජීවිතය සැලසුම්සහගත එකක්.

    ඔව්. මම සැලසුම්සහගත වීමට කැමතියි. මවක් වුනාට පසුව ජීවිතය තේරුම්ගන්න ඕන සහ සැලසුම්සහගතව වැඩ කරන්න ඕන.

    • ඔබට දියණියන් තිදෙනෙක් ඉන්නවා. ඔබ කොහොමද ඔවුන්ව ආරක්ෂා කරන්නෙ?

    මම,මගේ පුද්ගලික ජීවිතය හැකිතරම් පුද්ගලිකව තබාගන්න උත්සාහ කරනවා.

    Wonder Women

    • “නරක” කියන වචනයට තේරුමක් දෙන්න.

    දක්ෂ – විශ්වාසවන්ත – ශක්තිමත් සහ සරාගී බව

    • අහිතකර පුද්ගලයන්ගෙන් ආරක්ෂා වෙන්නෙ කොහොමද?

    නිවැරදි අය තෝරාගන්න මම උත්සාහ කරනවා.

    • ඔබ කරලා තියෙන නරකම දෙය මොකක්ද?

    දරුවන් ලැබෙන්න සිටියදී රූගත කිරීම් සඳහා යාම.

    • මුදල් ගැන ඔබේ අදහස..

    මුදල් මට වැදගත්. මං ඒ සඳහා ස්වාධීනව වැඩ කළා. අවුරුදු දොළහේ සිටම. මම ළදරුවන් බලා ගත්තා. කුඩා දරුවන් සඳහා කඳවුරු පැවැත්වූවා.

    • ඔබේ විලාසිතා ගැන පවසන්න.

    සාමාන්‍ය ජීවිතයේ දී මම මේකප් දාන්නේ නෑ. මම ස්පා එකට යන්න,මගේ සිරුරට සත්කාර කරන්න කැමතියි.

    Wonder Women

    • ඔබේ තුන්වන ගැබ්ගැනීම ඔබට කොහොමද දැනුනෙ?

    දරු ප්‍රසූතිය කියන්නෙ හරිම මායාකාරී දෙයක්. මම එයට කැමතියි. එය එතරම් වේදනාකාරී නෑ. ඔබ ජීවත්වෙන බව දැනෙන ආශ්චර්‍යමත් මොහොතක් එය. ගැබ් ගැනීම නං මට තරමක අපහසුවක් ගෙන දෙනවා. මට ඉරුවාරදය සහ අසනීප තිබෙනවා.

    • ඔබ විවාහ වෙලා අවුරුදු 13 ක්?

    ඔව්. ඔහු මට හමුවුනේ මට අවුරුදු විස්සෙදී. එතකොට මම පොඩි ළමයෙක් වගේ. අපේ බැඳීම හරිම ප්‍රබල එකක්. ඔහු මා හා ඉන්නේ මට ඇති ආදරය නිසාම පමණයි. ඔහුව ලැබීම වාසනාවක්.

     

     

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page