ArtSydney Towle Tik Tok තරුවට දුර්ලභ ඝනයේ පිළිකා රෝගයක්

Sydney Towle Tik Tok තරුවට දුර්ලභ ඝනයේ පිළිකා රෝගයක්

-

spot_img

Sydney Towle නම් අමෙරිකානු Tik Tok තරුවක් තම පිළිකා තත්වය ගැන නවතම තොරතුරු පවසා තිබෙනවා. 25 හැවිරිදි Tik Tok තරුවට පිත්තාශයේ පිළිකාවක් වැළඳී ඇති බව මෑතකදී සොයාගත් අතර වෛද්‍යවරු පවසන්නේ මේ පිළිකා තත්වය දුර්ලභ එකක් බවත් වැඩිපුරම එයට ගොදුරුවන්නේ වයස 50 ඉක්මවූ පුද්ගලයන් බවත් ය. එය ඉක්මනින් සිරුර ආක්‍රමණය කරන බවත් ඔවුන් පවසනවා. Sydney Towle පසුගිය ජුනි 17 වැනිදා Tik Tok ඔස්සේ සිය තත්වය රසිකයින්ට හෙලි කලේ හඬා වැටෙමින්.

Sydney Towle

මේ මස අගදී තමාට සැත්කමක් සිදු කිරීමට නියමිත බවත්, නිවාඩුවක් ගත කිරීම වෙනුවෙන් තමා යොදාගත් ගමනක් ඒ හේතුවෙන් අවලංගු කිරීමට සිදු වූ බවත් ඈ පවසා සිටියා. තත්වය එතරම් හොඳ නැති බව වෛද්‍යවරු පවසන බව ඈ සඳහන් කළා. සැත්කම වෙනුවෙන් දින හතරක් පහක් රෝහල් ගතව සිටින්නට නියමිත බවත්, මේ වන විට තමාට රසායනික ප්‍රතිකාර ලබා දෙන බවත් ඇය සඳහන් කළා. තමා තවමත් බලාපොරොත්තු තියාගෙන සිටිනා බවත්, තම ජීවිතය මෙවැනි අන්දමක් ගනීවි යැයි තමා කිසිදා නොසිතූ බවත් ඇය පැවසුවේ කඳුළු අතරින්. Sydney Towle හට Tik Tok රසිකයන් 812000 ක් සහ Instagram රසිකයින් 63000 කට අධික පිරිසක් සිටිනවා. ඔවුන් තමාට ශක්තියක් බැව් ඇය පැවසුවා.

 

People ඇසුරිනි –

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you