ArtOpal Suchata ලෝක රූ රැජින තායිලන්තයට පැමිණෙයි

Opal Suchata ලෝක රූ රැජින තායිලන්තයට පැමිණෙයි

-

spot_img

Opal Suchata 72 වැනි ලෝක රූ රැජින පසුගිය සෙනසුරාදා (ජුනි 14) සිය මව්බිම වූ තායිලන්තය වෙත පැමිණියා. තායිලන්තයේ ප්‍රථම ලෝක රූ රැජිනට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණා. Bangkok නගරයේ ඇය ගමන්ගත් මග දෙපස විශාල ජනකායක් රැස්වී ඇයට සිය සුබ පැතුම් පිරිනැමුවා. තමා පිළිගැනීමට පැමිණි ජනතාව ඇමතූ ඕපල් පවසා සිටියේ මෙම කිරුළ සෑම තායි ජාතිකයෙකුටම අයත් බවයි. මෙහිදී ඇය ඇයව කැටුව පැමිණි ලෝක රූ රැජින තරඟ සංවිධාන සභාපතිනිය Julia Morley ට ද සිය ස්තුතිය පුද කළා.

Opal SuchataOpal Suchata

“මේක මට විශාල සතුටක්. ඔබ සැම මා කෙරෙහි තැබූ විශ්වාසයේ බලය මට දැනෙනවා. එය මගේ ඉදිරිගමන සඳහා ශක්තිය ලබා දෙනවා” යනුවෙන් ඇය පවසා සිටියා. තවදුරටත් සිය අදහස් දැක්වූ රූ රැජින පවසා සිටියේ ගෝලීය ගැටළු, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම, සෞඛ්‍ය සේවාවේ සමානාත්මතාවය ඇති කිරීම උදෙසා සිය දායකත්වය ලබා දෙන බවයි. අවශ්‍යතා ඇති, උපකාර අවැසි මිනිසුන් වෙත පිහිට වීමට මෙම කිරුළ නිසාවෙන් තමාට ඉඩ හසර ලැබී ඇති බවත් ඇය පවසා සිටියා. මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුව ඇය රැස්ව සිටි ජනතාව හමුවේ පෙනී සිටිමින් සැමරුම් පෙළපාලියට එක්වුණා.

– Bangkok Post ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you