NewsEpidemiological diseases ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩිම බස්නාහිර පළාතේන්

Epidemiological diseases ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩිම බස්නාහිර පළාතේන්

-

spot_img

Epidemiological diseases – පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝග වැඩි වශයෙන් පැතිරෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන විට හැකි බවත්, ඒ අනුව උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය ඇතිවිය හැකි බවත් ඔහු පවසා සිටියා.

මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

චිකුන්ගුන්යා රෝගය වැළඳීමෙන් පසු ඇතැම් රෝගීන්ට දීර්ඝ කාලීනව පවතින හන්දි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බවද, ඒ සඳහා ද නිසි ප්‍රතිකාර කළ යුතු බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන ලෙසට විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you