Newsof murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත...

of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

-

spot_img

of murder – ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළට අද ඉදිරිපත් කළා.

සැකකාර වෙඩික්කරු බව කියන පුද්ගලයා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.සමිදු දිල්ෂාන් පියුමංග නැමති සැකකාර වෙඩික්කරු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නමැත්තා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් බන්ධනාගාරය තුළදී එම සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව එම නියෝග නිකුත් කළා.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you