ArtPiku ජීවිතයට ප්‍රේමය සමීප කර නොගත් ගැහැණියක් සහ පිරිමියෙක්

Piku ජීවිතයට ප්‍රේමය සමීප කර නොගත් ගැහැණියක් සහ පිරිමියෙක්

-

spot_img

Piku – ලස්සන ගැහැණු ළමයෙක් වුණු පීකුට කොල්ලෙක් බැල්ම දානව. ඇය ඔහුත් එක්ක දොඩමළු වෙමින් ඉන්න අතරවාරයේ එතැනට ඇගේ වයසක තාත්තා එනවා. පීකු කන්‍යාවියක් නොවන වග ඇගේ තාත්තා අර තරුණයට කියන අතර ඇයත් එතැනින් ඉවත්වෙන්නෙ ඒ ගැන එතරම් තැකීමක් නොකර. ඇයට තරුණයෙක් සමීප වෙන්න සූදානම් වෙනකොටම මේ දේ කලිනුත් සිද්ධ වෙලා තියෙන නිසා වෙන්න ඇති එය ඇයට සාමාන්‍ය දෙයක් වුණේ.

Piku

ගෘහ නිර්මාණ ශිල්පිණියක් වුන තිස් වියැති පීකු ජීවත්වුණේ ඇගේ තාත්තා සමගින්. පීකු ඉතාම කාර්යබහුල තරුණියක්. ඇය සම්ප්‍රදායිකත්වය මෙන්ම නූතනත්වයද කැටි කරගත් තරුණියක්. පීකු තමන්ගෙ රෝගී තාත්තව රැක බලාගත්තා. මේ වියපත් මිනිසා පීකු හැර වෙනත් කිසිවෙක් තමාට සාත්තු සප්පායම් කරනවට අකමැති, පෙන්වන තරම් රෝගයක් සැබෑවටම නැති, නිතරම කේන්ති ගන්න, තරමක කපටි පුද්ගලයෙක්. රැකියාවට අමතරව ඔහුට සාත්තු සප්පායම් කරන්නත්, ඔහු වෙනුවෙන් රැකියාව අතරතුරදි පවා නිවසට එන්නත් පීකුට සිදුවුණා. ඇගේ පියා සැබැවින්ම කරදරකාරයෙක්. නමුත් ඇය ඔහුට ආදරේ කළා. ඒ විතරක් නෙමෙයි කරදරකාරී නෑදෑයො කිහිපදෙනෙකුත් ඔවුන්ට සිටියා.

Piku

ඉතින් ඔවුන් තීරණය කරනවා කොල්කටාවට යන්න. ඇගේ රෝගී පියාත් තව බඩු බාහිරාදියත් රැගෙන කොල්කටාවට යන්න රියැදුරන් එතරම් කැමති නොවූවත් රානා නැමති රියදුරු කැමති වෙනවා මේ ගමන යන්න. මේ දිගු ගමන අතරතුරේදි ඔවුන් මුහුණ දෙන අපහසුතා, අත්දැකීම්, සුන්දර සිදුවීම් මේ කතාවෙ දිග හැරෙනවා. සමහරවිට ඒ ගමන ඇගේ ජීවිතයෙ ඉරණම් ගමනක් වෙන්න ඇති.

Piku

ප්‍රේමය වැනි කාරණා ජීවිතයට එතරම් ළඟා කරගත්තෙ නැති ඇයත්, බුද්ධිමත් පිරිමියෙක් වුන රානාත් අතර මේ ගමන අතරවාරයේදී හිතවත්කමක් දළුලන්න ගන්නව. ඒක සාමාන්‍යයෙන් බොලිවුඩ් සිනමාවෙ දකින්න ලැබෙන විදිහෙ ආදරයක් හෝ බොළඳ බැඳීමක් නොවෙයි. ඔවුන් සමහරවිට අනාගතේ දී ආදරේ කරයි. එය අවිනිශ්චිතයි. පීකු සුවිශේෂී වන්නේ සමාජයේ නිරතුරුව ඇස ගැටෙන දහසක් බාධක අපහසුතා මධ්‍යයේ ඒවාට පිළිතුරු සොයමින් ජීවත්වෙන්නට උත්සාහ කරන සාමාන්‍ය ගැහැණු ළමයෙකුගේ කතාව අපට පවසන සිනමාපටයක් වීම නිසාවෙනුයි.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you