Artදැන් ඔයා ගැහැණියක්, පිරිමින් ආශ්‍රය තහනම්! Carrie

දැන් ඔයා ගැහැණියක්, පිරිමින් ආශ්‍රය තහනම්! Carrie

-

spot_img

Carrie movie review Sinhala

Carrie, නව යොවුන් වියේ පසුවන ශිෂ්‍යාවක්. ඇය ජීවත්වුනේ මව සමගින්. Carrie White අහිංසක, එතරම් සමාජශීලී නොවන, බයාදු කෙල්ලක්. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ සිරිත තමයි එහෙම අයෙක් හමුවුනාම ඔහු හෝ ඇයව අපහසුතාවට පත් කරන එක. Carrie ටත් නිරතුරුවම ඒ අත්දැකීමට මුහුණදෙන්න වුනා. Highschool එකේ කෙල්ලන්ට ඇයව විනෝදයක් වුනා.ඔවුන් ඇයට සිනාසුනා.

Carrie ගෙ අම්මා Margaret ආගම වෙත දැඩිව නැඹුරු වූ, මිත්‍යාවන් විශ්වාස කළ ගැහැණියක්. ඇය තම දියණියට සාමාන්‍ය මවක් වුනේ නැහැ කවදාවත්ම. දුවට මිතුරු මිතුරියන් හා ගතකරන්න ඇය ඉඩ දුන්නේ නැහැ. Carrie ගේ පළමු ඔසප්වීම සිදුවන්නේ මේ අතරතුරදීයි. ඒ පාසලේදී. තම සිරුරේ තැවරුණු රුධිරය දකින Carrie මේ සිද්දවෙන්නේ කුමක්දැයි වටහාගනු නොහැකිව භීතියෙන් විලාප දෙනවා. කෙල්ලන්ට මෙය මහත් විනෝදයක් වන අතර ඔවුන් tampons, සනීපාරක්ෂක තුවා ඇය වෙත විසිකරනවා. ඔවුන් අතරින් එක් අයෙක් මේ සිදුවීම video කර youtube upload කරනවා. දුවගේ ඔසප්වීම දැනගත් මව, ඇයට අවවාද කරනවා.දැන් ඔයා ගැහැණියක්, පිරිමින් ආශ්‍රය තහනම්!

Carrie ට පුදුමාකාර පාළුවක්, තනිකමක් දැනෙන්න ඇති. සමවයසේ අනිත් අයට මෙන් මිතුරු මිතුරියන්,ප්‍රීතිමත් පවුලක්,පෙම්වතෙක් නැති අඩුව දැනෙන්න ඇති. සාමාන්‍ය කෙල්ලෙක් මෙන් විනෝදයෙන් ජීවිතය ගෙවන්න තිබුනානම් කියලා හිතෙන්න ඇති. නමුත් නිවසේදීත්, පාසලේදීත් ඇගේ කාලය ගතවුනේ බියෙන්,පීඩනයකින්. ඇයට කාරුණික වූ දෙතුන් දෙනෙකුත් මේ නොමිනිසුන් අතර සිටියා.

මේ අතරවාරයේ තමයි කලාතුරකින් කෙනෙකුට ලැබෙන අන්දමේ හැකියාවක්, බලයක් තමාට ලැබී ඇතිවග Carrie තේරුම්ගන්නේ. ඇයට දැනෙන්නෙ සතුටක්.මෙතරම් කාලයක් හිතේ සිරකරගෙන සිටි පීඩනය නිසා ඇයට මේ හැකියාව ලැබුනා වන්නට පුලුවන්. දැන් ඇයට පුලුවන් තමන්ට නපුරුකම් කළ අයගෙන් පළිගන්න.

ඇය එහෙම කරයිද? Carrie White ට ලැබෙන ඒ අපූරු හැකියාව මොකක්ද?

ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නට ඇතැම් අයට ඇති නොහැකියාව, මිත්‍යාදෘෂ්ටික අදහස් දැඩිව විශ්වාස කිරීම, අන් අය කෙරෙහි මානුෂීය නොවීම වැනි හේතූන් නිසා, එවැන්නන්ගේ අනුවණ ක්‍රියාකාරකම් නිසා ඇතැම්විට නිර්දෝශී, අහිංසකයන් වැරදිකරුවන් බවට පත්වෙනවා..

ත්‍රාසජනක නවකතා කලාවේ රජු ලෙසින් විරුදාවලි ලැබූ අමෙරිකානු ලේඛක Stephen King ගේ Carrie නවකතාව ඇසුරෙන් Carrie (2013) චිත්‍රපටය නිමැවී තිබෙනවා. Supernatural Horror/ Thriller ගණයට අයත් මෙය, Stephen King ගේ කතා අතරෙන් අඳුරුතම අවසානයන් සහිත කතාවන්ගෙන් එකක්. Carrie, සිනමාවටනැගෙන දෙවන අවස්ථාව මෙයයි.

Horror චිත්‍රපට සඳහා නැතිවම බැරි වූ ඇය, සුන්දර Chloe Grace Moretz, Carrie ගේ චරිතය රඟදක්වනවා. ඇගේ රංගනය අපූර්ව එකක්.

 

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you