SportsLanka T10 සුපර් ලීගයේ අවසන් සංචිතය නම් කෙරේ

Lanka T10 සුපර් ලීගයේ අවසන් සංචිතය නම් කෙරේ

-

spot_img

Lanka T10 – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Ten Sports Management FZC (TSM) සහ T Ten Global Sports FZE (TGS) සහයෝගිතාවයෙන්, සංවිධානය කරනු ලබන Lanka T10 සුපර් ලීගයේ අවසන් සංචිතය නම් කර තිබේ. ප්‍රධාන වශයෙන් කණ්ඩායම් හයකින් සමන්විත මෙම ලීගයට Colombo Jaguars, Galle Marvels, Hambantota Bangla Tigers, Jaffna Titans, Kandy Bolts සහ Nuwara Eliya Kings යන කණ්ඩායම් එක් වීමට නියමිත ය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු Colombo Jaguars කණ්ඩායමට කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, අකිල ධනංජය මෙන්ම නැඟී එන නවක ක්‍රීඩකයෙකු වන වන රනුද සෝමරත්න ද ඇතුලත් කොට තිබේ. මහේෂ් තීක්ෂණගේ නායකත්වයෙන් යුත් Galle Marvels සඳහා බිනුර ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ මෙන්ම නැඟී එන නවක ක්‍රීඩක දුමිඳු සෙව්මිණ ද ඇතුලත් ය. දසුන් ශානක ගේ නායකත්වයෙන් යුතු Hambantota Bangla Tigers සඳහා දුෂ්මන්ත චමීර, කුසල් පෙරේරා, ඉසුරු උදාන මෙන්ම තරිඳු රත්නායක සහ ධනංජය ලක්ෂාන් එක්කොට තිබේ.

Jaffna Titans කණ්ඩායම සඳහා මෙවර නායකත්වය ලබාදෙන්නේ වනිඳු හසරංග විසිනි. චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, නුවන් තුෂාර, පවන් රත්නායක සහ නවක ක්‍රීඩක ට්‍රැවින් මැතිව් ඊට ඇතුලත්. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු Kandy Bolts වෙනුවෙන් පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ෂෙහාන් ජයසූරිය සහ චාමික ගුණසේකර යන ක්‍රීඩකයින් එක් වෙයි. Nuwara Eliya Kings කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු නායකත්වය ලබාදෙන අතර ධනුෂ්ක ගුණතිලක, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, ලහිරු මධුශංක යන ක්‍රීඩකයින් ඇතුලත් ය.

Lanka T10 සුපර් ලීගය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you