SportsLanka T10 සුපර් ලීගයේ අවසන් සංචිතය නම් කෙරේ

Lanka T10 සුපර් ලීගයේ අවසන් සංචිතය නම් කෙරේ

-

spot_img

Lanka T10 – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Ten Sports Management FZC (TSM) සහ T Ten Global Sports FZE (TGS) සහයෝගිතාවයෙන්, සංවිධානය කරනු ලබන Lanka T10 සුපර් ලීගයේ අවසන් සංචිතය නම් කර තිබේ. ප්‍රධාන වශයෙන් කණ්ඩායම් හයකින් සමන්විත මෙම ලීගයට Colombo Jaguars, Galle Marvels, Hambantota Bangla Tigers, Jaffna Titans, Kandy Bolts සහ Nuwara Eliya Kings යන කණ්ඩායම් එක් වීමට නියමිත ය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු Colombo Jaguars කණ්ඩායමට කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, අකිල ධනංජය මෙන්ම නැඟී එන නවක ක්‍රීඩකයෙකු වන වන රනුද සෝමරත්න ද ඇතුලත් කොට තිබේ. මහේෂ් තීක්ෂණගේ නායකත්වයෙන් යුත් Galle Marvels සඳහා බිනුර ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ මෙන්ම නැඟී එන නවක ක්‍රීඩක දුමිඳු සෙව්මිණ ද ඇතුලත් ය. දසුන් ශානක ගේ නායකත්වයෙන් යුතු Hambantota Bangla Tigers සඳහා දුෂ්මන්ත චමීර, කුසල් පෙරේරා, ඉසුරු උදාන මෙන්ම තරිඳු රත්නායක සහ ධනංජය ලක්ෂාන් එක්කොට තිබේ.

Jaffna Titans කණ්ඩායම සඳහා මෙවර නායකත්වය ලබාදෙන්නේ වනිඳු හසරංග විසිනි. චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, නුවන් තුෂාර, පවන් රත්නායක සහ නවක ක්‍රීඩක ට්‍රැවින් මැතිව් ඊට ඇතුලත්. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු Kandy Bolts වෙනුවෙන් පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ෂෙහාන් ජයසූරිය සහ චාමික ගුණසේකර යන ක්‍රීඩකයින් එක් වෙයි. Nuwara Eliya Kings කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු නායකත්වය ලබාදෙන අතර ධනුෂ්ක ගුණතිලක, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, ලහිරු මධුශංක යන ක්‍රීඩකයින් ඇතුලත් ය.

Lanka T10 සුපර් ලීගය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you