ArtWake Up Sid ප්‍රේමයට පුළුවන් හිස්කමෙන් ගෙවීයන ජීවිතයක් උද්‍යෝගයෙන්...

Wake Up Sid ප්‍රේමයට පුළුවන් හිස්කමෙන් ගෙවීයන ජීවිතයක් උද්‍යෝගයෙන් පුරවන්න

-

spot_img

Wake Up Sid – කෙනෙක් යුගදිවියට ඇතුලත් වෙලා ජීවිතය අලුතින් ආරම්භ කරන එකට අපේ පැරැන්නන් කිව්වෙ “පිලිවෙළක් වෙනවා” කියලා. ඇත්තටම ඒක එහෙමද..? ජීවිතයට සහකරුවෙක් හෝ සහකාරියක් මුණගැහුනම අපේ ජීවිතේ පිලිවෙළ වෙනවද..?

Wake Up Sid

සිද්ධාර්ත් මෙහ්රා කියන්නෙ නිදිමත මූණක් තියෙන හරිම කම්මැලි කොල්ලෙක්. සල්ලිකාර පවුලක කොල්ලෙක් වුන සිඩ් යාළුවො ගොඩක් එක්ක, ජීවිතේ ගැන වගකීමක් නැතිව විනෝදයෙන් ජීවත්වුන කෙනෙක්. සිඩ් ට තිබුනෙ කලාකාමී හිතක්. කලාත්මක ෆොටෝ ගන්න, චිත්‍ර අඳින්න ඔහු දක්ෂයි.

එක් රාත්‍රියක සාදයක් අතරතුර ඔහුට අයිශා බැනර්ජි නම් යුවතිය මුණගැහුණා. අයිශා ලේඛිකාවක්. තමන්ගෙ ලේඛන දිවියේ ගොඩක් දුර යන්න හිතාගෙන අයිශා මුම්බායි නගරය වෙත පැමිණ තිබුණා. ඒ විශාල නගරයේ ඈ ජීවත්වුණේ තනිවම. ඔවුන් අතර පළමු හමුවෙන්ම සිඩ් සහ අයිශා මිතුරන් වෙනවා. මේ විශාල නගරයේ කෙල්ලෙක් තනිවම ජීවත්වෙන්නෙ කොහොමද කියන එක සිඩ්ට ප්‍රශ්නයක් වෙලා තිබුණෙ. ඈ ඔහුගේ අනිත් මිතුරියන්ට වඩා වෙනස්. අයිශා බුද්ධිමත්. ඔවුන් දෙදෙනා එක්කම ගිහින් අයිශාට ජීවත්වෙන්න අලුත් නවාතැනක් බැලුවා. අන්තිමේ ඔවුන්ට ලැබුණ පරණ නිවස දෙන්න එක්ක එකතුවෙලා, මහන්සියෙන් ලස්සන තැනක් බවට පත් කර ගත්තා.

ජීවිතේ ගැන වගකීමක් නොතිබුන සිඩ් තමන්ගෙ අවසාන විභාගය අසමත් වෙලා හිටියෙ. ඔහුට දැණුනේ කම්පනයක්. බලාපොරොත්තු සුන් වීමක්. එක දවසක් රෑ අම්මයි තාත්තයි එක්ක බහින් බස් වුන සිඩ් තමන්ගෙ බඩු බාහිරාදියත් අරන් ගෙදරින් එළියට බැස්සා. යන්න තැනක් කියලා ඔහුට සිහි වුණේ එකම තැනක් පමණයි. ඒ ඇගේ නවාතැනට.

සිඩ්, අයිශාගේ ගෙදර ගියා. ඉදිරි ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක්, අරමුණක් නැතිවම. දැන් ඉතින් අයිශාට සිද්ධ වෙනවා සිඩ් එක්ක ඇගේ නවාතැන බෙදාගන්න. දවස් ගත වී ගියා.ගෙදරක වැඩ කරන්නෙ කොහොමද කියලා මෙලෝ තේරුමක් නැති, ඔම්ලට් එකක් හදාගන්නත් දන්නෙ නැති, අපිලිවෙළ ජීවිතේම කරගත්තු සිඩ් ට ගොඩක් දේවල් ඉගෙන ගන්න සිදුවෙලා තිබුණා. රස්සාව කරලා මහන්සි වෙලා ගෙදර ආවට පස්සෙ සිඩ් තමාගෙ නවාතැන අපිලිවෙළ කරලා දාලා තියෙන විදිහ දැක්කම අයිශාට දැණුනෙ ආතතියක්. දවසක් ඇය හොඳටම කේන්ති ගිහින් ඔහුට බැනලා නිවසෙන් එළියට ගියා. ඇය ආයෙමත් ගෙදරට එන විට සිදුව තිබුණෙ පුදුමාකාර දෙයක්.

Wake Up SidWake Up Sid

සිඩ් ඉතාම ලස්සනට නවාතැන අස් කර, පිළිවෙල කර තිබුණා.

සිඩ් ට සිද්ධවෙනවා ඇහැරෙන්න, ආයෙම අලුතින්ම ජීවිතේ පටන් ගන්න. අයිශා ඔහුට උදව් කරන්න සූදානමින් හිටියා. කොහොමද මේ මිතුරු මිතුරියන් දෙන්නා එකතු වෙලා ජීවිතේ ගැන සැලසුම් හදන්නෙ..? එකම නිවහනක ජීවිතේ බෙදාගත්, ඔවුන් දෙන්නගෙ බැඳීමේ අනාගතය මොනවගේ වේවිද..?

හිස්කමෙන් ගෙවීයන ජීවිතයක් උද්‍යෝගයෙන් පුරවන්න, අලුත් බලාපොරොත්තු, අරමුණු ඇති කරන්න ප්‍රේමයට පුළුවන්. Wake Up Sid කියාදෙන්නෙ එවන් සොඳුරු පාඩමක්.

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you