NewsShani Abeysekera ට එරෙහි කුමන්ත්‍රණයට කමල් සහ දේශබන්දු අධිකරණයට

Shani Abeysekera ට එරෙහි කුමන්ත්‍රණයට කමල් සහ දේශබන්දු අධිකරණයට

-

spot_img

Shani Abeysekera – රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරක් කර මරා දැමීමට කුමන්ත්‍රණය කළේය යන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසමට සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නොතීසි නිකුත් කර තිබේ. එලෙස නොතීසි නිකුත් කර ඇත්තේ ශානි අබේසේකරගේ ජීවිතය අනතුරේ බව පවසමින් ඔහු ඉදිරිපත් කළ පෙත්සමක කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින් කියා සිටියේ, “රිය අනතුරක් කර තම සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක්” ඇති බවත්, ඒ අනුව කුමන මොහොතක හෝ මෙම අපරාධය කිරීමේ හැකියාව ඇති තත්වයක් යටතේ තම සේවාදායකයාගේ ජීවිතය අනතුරේ පවතින බවය. ශානි අබේසේකරට ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් නීතිඥවරයා, එම ආරක්ෂාව වැඩිකර ඔහුගේ ජීවිතය බේරාගැනීමට පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, ලබන 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ නොතීසි වග උත්තරකරුවන්ට බාරදීමට පෙත්සම්කාර ශානි අබේසේකරට නියම කළේය.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you