More
    spot_img
    NewsShani Abeysekera ට එරෙහි කුමන්ත්‍රණයට කමල් සහ දේශබන්දු අධිකරණයට

    Shani Abeysekera ට එරෙහි කුමන්ත්‍රණයට කමල් සහ දේශබන්දු අධිකරණයට

    -

    spot_img

    Shani Abeysekera – රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරක් කර මරා දැමීමට කුමන්ත්‍රණය කළේය යන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසමට සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නොතීසි නිකුත් කර තිබේ. එලෙස නොතීසි නිකුත් කර ඇත්තේ ශානි අබේසේකරගේ ජීවිතය අනතුරේ බව පවසමින් ඔහු ඉදිරිපත් කළ පෙත්සමක කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

    පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින් කියා සිටියේ, “රිය අනතුරක් කර තම සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක්” ඇති බවත්, ඒ අනුව කුමන මොහොතක හෝ මෙම අපරාධය කිරීමේ හැකියාව ඇති තත්වයක් යටතේ තම සේවාදායකයාගේ ජීවිතය අනතුරේ පවතින බවය. ශානි අබේසේකරට ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් නීතිඥවරයා, එම ආරක්ෂාව වැඩිකර ඔහුගේ ජීවිතය බේරාගැනීමට පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, ලබන 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ නොතීසි වග උත්තරකරුවන්ට බාරදීමට පෙත්සම්කාර ශානි අබේසේකරට නියම කළේය.

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page