ArtMovie කම්බිලි ළඟදීම රිදී තිරයට

Movie කම්බිලි ළඟදීම රිදී තිරයට

-

spot_img

Movie – සමාජයේ වෙසෙන කළු සුදු ජීවිතවල වෙනස හා ඉහල තලයේ ප්‍රභූවරුන්ගේ රැකවරණය මෙන්ම ආශිර්වාදය ලබමින් මුදල් තම ජීවිතයේ එකම අරමුණ කරගත් සුළුතරයක් වු සමහර අදමිටු ප්‍රාදේශීය දේශපාලනඥයන් නගරය පමණක් නොව නොකිලිටි ගම්මානයන්හි වෙසෙන තරුණ පරපුරත් මත් රකුසාට බිලිදෙන අයුරු නිර්මාණාත්මක ලෙස සිනමාවට නඟා ඇති ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා වෘත්තාන්තය ” කම්බිලි ” ළඟදීම තිරගතවීමට නියමිතව ඇත.

kambili sinhala movie

නිදුක් මධුෂිත ගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි රංගනයෙන් අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු , බිමල් ජයකොඩි , ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සමිත සුධීශ්වර, දේව් සුරේන්ද්‍ර, සුජානි මේනකා, ටීනා ශනෙල් ප්‍රනාන්දු, අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු පිරිසක් එක්ව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් පුෂ්පිත නිර්මාල් සූරිගේ, සහය අධ්‍යක්ෂණයෙන් සඳුනි කාවින්ද්‍යා ජයපත්ම, සංස්කරණයෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල් සිල්වා, ගීත රචනයෙන් ලසිත ජයනෙත්ති ආරච්චිගේ, ගීත ගායනයෙන් බාචි සුසාන්, කාංචනා අනුරාධි, රයිනි චාරුකා ගුණතිලක, ඉශාන් ලන්ත්‍රා, සේනානායක වේරලියැද්ද, ටෂ්නි පෙරේරා , ගයාන් ගුණවර්ධන සමගින් විමංශා දිල්හානි එක්වී ඇත. අංග රචනයෙන් සුපුන් ස්ටේන්වෝල්ද, කලා අධ්‍යක්ෂණයෙන් සංජීව කරුණාරත්න, නිෂ්පාදන කළමනාකරණයෙන් නිදුක් මධුෂිත සමගින් හර්ශාන් ප්‍රබෝත් විජේසේකර ද, විධායක නිෂ්පාදනයෙන් චම්පික ද සිල්වාද එක්වී ඇති කම්බිලි නිශාන්ත ගල්හේන ගේ නිෂ්පාදනයකි.

kambili sinhala moviekambili sinhala moviekambili sinhala moviekambili sinhala movie

සටහන:
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you