More
    ArtMovie කම්බිලි ළඟදීම රිදී තිරයට

    Movie කම්බිලි ළඟදීම රිදී තිරයට

    -

    spot_img

    Movie – සමාජයේ වෙසෙන කළු සුදු ජීවිතවල වෙනස හා ඉහල තලයේ ප්‍රභූවරුන්ගේ රැකවරණය මෙන්ම ආශිර්වාදය ලබමින් මුදල් තම ජීවිතයේ එකම අරමුණ කරගත් සුළුතරයක් වු සමහර අදමිටු ප්‍රාදේශීය දේශපාලනඥයන් නගරය පමණක් නොව නොකිලිටි ගම්මානයන්හි වෙසෙන තරුණ පරපුරත් මත් රකුසාට බිලිදෙන අයුරු නිර්මාණාත්මක ලෙස සිනමාවට නඟා ඇති ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා වෘත්තාන්තය ” කම්බිලි ” ළඟදීම තිරගතවීමට නියමිතව ඇත.

    kambili sinhala movie

    නිදුක් මධුෂිත ගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි රංගනයෙන් අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු , බිමල් ජයකොඩි , ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සමිත සුධීශ්වර, දේව් සුරේන්ද්‍ර, සුජානි මේනකා, ටීනා ශනෙල් ප්‍රනාන්දු, අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු පිරිසක් එක්ව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් පුෂ්පිත නිර්මාල් සූරිගේ, සහය අධ්‍යක්ෂණයෙන් සඳුනි කාවින්ද්‍යා ජයපත්ම, සංස්කරණයෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල් සිල්වා, ගීත රචනයෙන් ලසිත ජයනෙත්ති ආරච්චිගේ, ගීත ගායනයෙන් බාචි සුසාන්, කාංචනා අනුරාධි, රයිනි චාරුකා ගුණතිලක, ඉශාන් ලන්ත්‍රා, සේනානායක වේරලියැද්ද, ටෂ්නි පෙරේරා , ගයාන් ගුණවර්ධන සමගින් විමංශා දිල්හානි එක්වී ඇත. අංග රචනයෙන් සුපුන් ස්ටේන්වෝල්ද, කලා අධ්‍යක්ෂණයෙන් සංජීව කරුණාරත්න, නිෂ්පාදන කළමනාකරණයෙන් නිදුක් මධුෂිත සමගින් හර්ශාන් ප්‍රබෝත් විජේසේකර ද, විධායක නිෂ්පාදනයෙන් චම්පික ද සිල්වාද එක්වී ඇති කම්බිලි නිශාන්ත ගල්හේන ගේ නිෂ්පාදනයකි.

    kambili sinhala moviekambili sinhala moviekambili sinhala moviekambili sinhala movie

    සටහන:
    ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page