More
    NewsMSD ඇමති ආරක්ෂකයින්ගෙන් ගොවි ආයතනයට කෝටියක පොල්ලක්

    MSD ඇමති ආරක්ෂකයින්ගෙන් ගොවි ආයතනයට කෝටියක පොල්ලක්

    -

    spot_img

    MSD – 2015 වසරේ මැයි මාසයේ සිට 2018 වසරේ ජුලි මාසය දක්වා කාලය තුළ, එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය කුලියට ලබාදී, ඒ සඳහා අය විය යුතු රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. එසේම එම හිඟ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයිද එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

    මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එම ආයතනයේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ, එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය අනුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා එම නේවාසිකාගාරය පාවිච්චි කිරීමට අවසර දුන් බවයි. කෙසේ වෙතත් ඒ සඳහා බිල්පත් නිකුත් කර නොතිබූ බවත් නේවාසිකාගාරය කුලියට ගත් නිලධාරීන් පවා සොයාගැනීමට නොහැකිවී ඇති බවත් එහි ප්‍රධානීහු පෙන්වා දෙති. මේ තොරතුරු සඳහන් වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page