NewsMSD ඇමති ආරක්ෂකයින්ගෙන් ගොවි ආයතනයට කෝටියක පොල්ලක්

MSD ඇමති ආරක්ෂකයින්ගෙන් ගොවි ආයතනයට කෝටියක පොල්ලක්

-

spot_img

MSD – 2015 වසරේ මැයි මාසයේ සිට 2018 වසරේ ජුලි මාසය දක්වා කාලය තුළ, එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය කුලියට ලබාදී, ඒ සඳහා අය විය යුතු රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. එසේම එම හිඟ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයිද එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එම ආයතනයේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ, එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය අනුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා එම නේවාසිකාගාරය පාවිච්චි කිරීමට අවසර දුන් බවයි. කෙසේ වෙතත් ඒ සඳහා බිල්පත් නිකුත් කර නොතිබූ බවත් නේවාසිකාගාරය කුලියට ගත් නිලධාරීන් පවා සොයාගැනීමට නොහැකිවී ඇති බවත් එහි ප්‍රධානීහු පෙන්වා දෙති. මේ තොරතුරු සඳහන් වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you