More
    Artජීවිතය වික්‍රමාන්විත ගමනක්. ඔබ එකතැන නතරවිය යුතු නෑ. UP

    ජීවිතය වික්‍රමාන්විත ගමනක්. ඔබ එකතැන නතරවිය යුතු නෑ. UP

    -

    spot_img

    කම්මැලි හිතුන වෙලාවක බලන්න ගත්තු Up(2009) movie එක පාඩම් ගොඩක් කියා දුන් ආදරය පිරුණු, වික්‍රමාන්විත කතාවක්. හරිම cute වැඩක්.

    Ellie කියන්නෙ හීන ගොඩක් තිබුන, පුංචි කෙල්ලෙක්. ඇයට Carl මුණගැහෙන්නෙ පුංචි කාලෙදීමයි. Ellie ට තිබුනා Adventure Book එකක්. ඇය ඇගේ හීන එහි ලියා තිබුනා. ඇය ආශා කළා Paradise දිය ඇල්ල ළඟට යන්න. කවදහරි.

    කාලය ගතවුනා.Carl සහ Ellie විවාහ වුනා. එක්ව ජීවිතය බෙදාගනිමින් දින ගතවුනා.ඔවුන් අතරට එන්න සිටි පුංචි අමුත්තාගේ සමුගැනීම මේ දෙදෙනාට දරාගැනීමට අසීරු දුකක් ගෙනාවා.

    ඉන්පසුව දෙදෙනා එක්ව Paradise ඇල්ල වෙත යන්න අවශ්‍ය මුදල් එකතු කළා..

    නමුත්, ජීවිතය හැමවිටම අපිට කාරුණික වෙන්නේ නැහැ. හිටිහැටියේම ඇතිවූ ප්‍රශ්න නිසා ඉතිරි කරගත් මුදල් වියදම් කරන්න සිදුවුනා මේ දෙන්නටත්.

    තවත් වසර ගණනාවක් ගතවුනා.ආදරයේ අඩුවක් නැතිවම. ඇයව පුදුම කරන්නට සිතූ ඔහු සංචාරය සැලසුම් කරන්න තීරණය කළා. නමුත් ඔහු ප්‍රමාද වැඩියි.

    එදිනම ඇය මියයනවා. ඔහු තනිවෙනවා.

    තම සෙවනැල්ල මෙන් වූ ඇය නැතිකමෙන් ඔහුට දරාගත නොහැකි දුකක් දැනෙන්න ඇති. අවුරුදු හැත්තෑ ගණන්වල පසුවූ Carl ඉක්මනින් කේන්ති යන, මුරණ්ඩු පුද්ගලයෙක් බවට පත් වී තිබුනා.

    ඇයගේ හීනය, Paradise වෙත යන්නට ඔහු තීරණය කරනවා. ගුවන් යානයක නම් නෙමේ. පාට පාට බැලුන් ගොඩක බලයෙන් උඩට යන තමන්ගෙම නිවසෙන්.

    ඔහුගේ සහ ඇගේ නිවස. ඔවුන් දෙදෙනා එක්ව තැනූ, ඔවුන්ගේ බඩු භාණ්ඩ, ආදරණීය මතක, එක්ව බෙදාගත් හැමදේම ඇති නිවසත් සමගින් ඉහළට යන්නට මේ මිනිසා තීරණය කරනවා.

    ඉතිං, ඔහුට පුලුවන් වෙයිද ඇගේ හීනය වෙත ළඟාවෙන්නට?

    කතාවෙ ඉදිරිය වියපත් Carl ගේ ඒ අපූරු චාරිකාව ගැන.අහම්බෙන් ඔහුට එකතුවෙනවා Russell නැමති පුංචි කොල්ලෙක් සහ තවත් ආදරණීය මිතුරන් දෙන්නෙක්.

    ප්‍රේමය මොන තරම් සුන්දර ද? නමුත්, හැම බැඳීමකම වෙන්වීමකුත් තිබෙනවා. ඉන්පසුව ඒ සොඳුරු මතක හිතට බරක් එකතු කරන්නත් පුළුවන්.

    ජීවිතය කියන්නෙ විඳින්න ඕනෙ දෙයක්.මතක ගොඩක් සමගින් විඳවිය යුතු දෙයක් නෙමේ.

    “Thanks for the adventure – Now go have a new one.” ඒ ඉල්ලීම Ellie ගෙන්.

    ජීවිතය වික්‍රමාන්විත ගමනක්. ඔබ එකතැන නතරවිය යුතු නෑ.

    Up!

    ඉහළට යන්න, සැහැල්ලු වෙන්න නං ඔබ, ඔබ වටා ඇති තවදුරටත් අනවශ්‍ය දේවල්වලින්, සිතිවිලි වලින්, බැඳීම්වලින් ඈත්විය යුතුවග මේ කතාව කියාදෙනවා. ඔබ තනිවිය යුතු නැහැ.හිනැහෙන්නට,ආදරය බෙදාදෙන්නට මේ ලෝකයට ඔබව අවශ්‍යයි.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page